83 ජවිපෙ තහනමයි. 2018 ෆේස්බුක් තහනමයි දෙකම එකයි. Featured

Published in පුවත්
Tuesday, 13 March 2018 18:30

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ආණ්ඩු විරෝධී බලවේග මර්දනය කිරීම සඳහා එවකට පැවැති එජාප ආණ්ඩුව 1983 ජුලි දෙමළ විරෝධී කැරලි කෝලහල යොදා ගත්තා සේ මෙවර මහනුවර සිදුවීම දඩමීමා කරගෙන සමාජ ජලා තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ මෛත්‍රී විරෝධය උත්සන්න වීම නිසා බව මේ වන විට පැහැදිලිව පෙනෙන්නට තිබෙන සත්‍යය.

83 දී එම දෙමල විරෝධි සිංහල කැ‍රැල්ලෙ වගකීම ජවිපෙ පිට පැටවීමට ආණ්ඩුව කටයුතු කළේ ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි නිශ්චිත සාක්ෂි නොමැතිවය. ජවිපෙ එවකට දෙමල විමුක්ති සටනට එරෙහි මතයක සිටිමින් සිංහල මහ ජාතියේ ආකර්ෂණය දිනා ගැනීමෙහි දේශපාලන වැඩ පිලිවෙලක නිරත වූ නමුත් එය සෘජුව දෙමළ විරෝධී ජාතිවාදී මතවාදයක් වූයේ නැත. එහෙත් එම මතවාදය සමඟ නොමඟ ගිය ඇතැම් ජවිපෙ සාමාජිකයන් මේවාට හවුල් විය. ජවිපෙ තහනම් කිරීමට එය ප්‍රමාණවත් විය

මහනුවර සිදුවීම් ද පොලීසියේ අනුග්‍රහය ඇතිව අදිසි පිරිසකගේ සංවිධානයෙන් සැලසුම් කළ සිදුවීමක් බවට මේ වන විට තොරතුරු අණාවරණය වෙමින් පවතී. එය සාර්ථක කර ගැනීම වෙනුවෙන්ම සමාජ ජාලා පාවිච්චි කළ සුළු පිරිසද සිටී. ඒ අතර පොහොට්ටු සාමාජිකයන් ඉදිරියෙන්ම සිටී. නමුත් මේ සිදුවීම සමාජ ජාලාවල ජාතිවාදය වැපිරීම හා අදාල වන්නෙ නැත. සමාජ ජාලා වල වැපිරූ මතවාදය එම සමාජ ජාලාවලට දැඩිව සීමා වූවක් සේම ඊට එරෙහිවද ප්‍රබල මතවාදයක් තිබුණේය. ඒ අතර මහනුවර සිදුවීමට සමාජ ජාලාවල සහය ගත් සුළු පිරිස පැහැදිලිවම හඳුනාගෙන ඔවුන් අත් අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබිණි. එහෙත් එය සිදු නොකොට අවසානයේ සමාජ ජාලා තහනම් කෙරිණි.

ඊට හේතු වූයේ විශේෂයෙන්ම ආණ්ඩු විරෝධයකටත් වඩා ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන යන විරෝධයයි. මෙම තහනම ආණ්ඩුවේ තීරණයක් නොවේ. ජනාධිපතිවරයාගේ තීරණයකි. කොටින්ම මාධ්‍ය ඇමැතිවරයා හෝ මේ බව දනුම්වත්ව සිටියේ නැත. එසේම ජාතිවාදය පිට දමා තව දුරටත් 6 වෙනි දින දක්වාම මෙය තහනම් කරගෙන සිටීමේ ඇත්ත හේතුව ජනපති විරෝධය බවට දැන් සැකයක් නැත.

'මිනිස්සු' කියන්නේ.... 'ෆේස් බුක් එකවුන්ට්' විතරයි....

ප්‍රශ්නේ තියෙන්නේ සමාජ ජාලාවල නෙවෙයි? ..83 මතක නම්...

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us