මහනුවර මජර වැඩේ මහසෝනගේ නෙවෙයි පොලිසියේ..!

Published in පුවත්
Tuesday, 13 March 2018 17:12

මහනුවර,තෙල්දෙණිය,දිගන ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර සහ මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ යන මහත්වරුන් සෘජුව වග කිව යුතු බවට ඒ සම්බන්ධයෙන් නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය මගින් සිදු කෙරෙන මූලික පරීක්ෂණ ඔස්සේ හෙළි වෙමින් පවතියි.

අදාළ ත්‍රී රෝද රථ රියදුරා සහ ලොරි රථ රියදුරා අතර මහනුවර,තෙල්දෙණිය,දිගන ප්‍රදේශයේදී පෙබරවාරි මස 22 වැනිදා රාත්‍රියේ ඇතිවූ ගැටුමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ ලොරි රථයේ රියදුරා රෝහල් ගත කිරීමත් සමග මෙවැනි තත්ත්වයක් මහනුවර ඇති විය හැකි බවට රාජ්‍ය බුද්ධි අංශ ආරක්ෂක ලේකම්වරයාට,පොලිපතිවරයට සහ මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සාක්කි සහ සාධක සමගින් ලිඛිතව වගේම වාචිකව නිල වශයෙන් දනුම් දී තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේග කරුණු සොයමින් සහ සාකච්ඡා කරමින් ඊට එරෙහිව එකට ඒකරාශී වෙමින් සිටින බව ද ඒ හේතුවෙන් සිංහල සහ මුස්ලිම් ජනතාව අතර ජාතිවාදී ගැටුම් ඇති විය හැකි බවට බුද්ධි අංශ විශේෂ වාර්තා හතරක් මගින් අවස්ථා හතරකදීම ආරක්ෂක ලේකම්වරයාට,පොලිස්පතිවරයාට සහ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කරුණු දක්වා ඇත.

ඊට අමතරව ආරක්ෂක බුද්ධි අංශ ප්‍රධානීන් පොලිස්පතිවරයා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා දුරකතනයෙන් ද අමතා මේ පිළිබඳව වාචිකව ද කරුණු පැහැදිලි කර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බවට අනතුරු අඟවා තිබේ.

කෙසේ නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන මේ මූලික පරීක්ෂණවලින් අනාවරණය වෙමින් තිබෙන්නේ පොලිස්පතිවරයා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාළ ආරක්ෂක බුද්ධි අංශ වාර්තා සැලකිල්ලට ගෙන අවශ්‍ය ආරක්ෂක පියවර වහාම ක්‍රියාත්මක වන පරිදි අනුගමනය නොකිරීම නිසා මේ ගැටුම්කාරී තත්ත්වය මහනුවර ඇති වූ බවය.

පොලිස්පති පූජිත ජයසුන්දර සහ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර තිබෙන සීතල යුද්ධය නිසා අදාළ බුද්ධි අංශ වාර්තා පදනම් කර ගෙන අවශ්‍ය ආරක්ෂක පියවර වහාම ගැනීමට නොහැකි වී තිබෙන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මේ අතර මේ මරණය පදනම් කර ගෙන ජාතිවාදී ගැටුම් ඇති විය හැකි නිසා ඒ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන රජයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල දේශපාලන නායකයින් දෙදෙනකුද මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතාට මුලදීම දුරකතනයෙන් දැනුම් දී තිබෙන බව ද මේ වන විට හෙළි වී තිබේ.

මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරන මූලික පරීක්ෂණවල දී හෙළි වී තිබෙන මේ කරුණු තහවුරු කරමින් නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා “දෙරණ” රුපවාහිනී නාළිකාවේ “360” වැඩ සටහනට එක්වෙමින් ඊයේ (12) සඳහන් කළේ මහනුවර මේ අවාසනාවන්ත සිද්ධිය ඇති වුයේ පොලීසියේ නිලධාරීන් නිවැරදිව සහ ක්ෂණික සිය රාජකාරිය ඉටු නොකළ නිසාද යන්න සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරමින් සිටින බවය.

මේ අතර මහසෝන් බලකායේ අමිත් වීරසිංහ මහතා අදාළ ලොරි රථයේ රියදුරාගේ අවසන් කටයුතු සිදු කෙරුණු පෙබරවාරි මස පස් වැනිදා එම ස්ථානයට ගොස් තිබෙන්නේ මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමට අනුව බව ද මේ වන විට හෙළිවෙමින් පවතියි.

ඒ බව තහවුරු කරමින් ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ පැමිණිල්ලක් ද ගොනු කර තිබේ.ඇය සිය පැමිණිල්ල මගින් කියා සිටින්නේ මේ ගැටුම්කාරී තත්ත්වය වර්ධනය වෙද්දී එම තත්ත්වය පාලනය කර ගත නොහැකිව නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය සැමියාට දුරකතනයෙන් කතා කර එම ස්ථානයට පැමිණ එම ගැටුම පාලනය කර ගැනීමට සහය දෙන ලෙස ඉල්ලා සිටී බව ද අමිත් වීරසිංහ මහතා එම ස්ථානයට ගියේ අනුව බවය.

lankanewsweek.com

සැබැඳි පුවත්

ප්‍රශ්නේ තියෙන්නේ සමාජ ජාලාවල නෙවෙයි? ..83 මතක නම්...

ජාතිවාදී ගැ‍ටුම් පැතිරවීමට පොලීසියේ සහය ලැබිලා !

රාජ්‍ය බුද්ධි අංශ බුදි ද ?

Last modified on Tuesday, 13 March 2018 17:13

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us