News Items (18842)
ශ්‍රී ලංකාවට විදේශ රැකියා සපයන රටවල් අතර සෞදි අරාබිය ප්‍රමුඛම ස්ථානයක් ගන්නා අතර ශ්‍රී ලංකා ශ්‍රමිකයින් ලක්‍ෂ 2 කට පමණ සෞදි අරාබිය රැකියා ලබාදී තිබෙන බවත්, මීට අමතරව ශ්‍රී ලංකාවට සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක පමණ ආධාර ලබා දී තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
කොයිකාට වූවාද මේ දුක් සුසුම්…. ඉවසන්න හැකිවේද දුක් මේ තරම්…
ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක බීමතින් අශෝභනව හැසිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වීමත් ඉන්පසුව ඔහු පිළිබදව ඔහුගේ මානසික තත්වය පිළිබදව විවිධ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළවිය.
පිඳුරංගල පර්වතය මතදී අඬනිරුවත් ඡායාරූප ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් තරුණයින් තිදෙනා එළැඹෙන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (27දා) නියෝග කළේය.
කෘෂිකර්මයේ දැවෙන ප්‍රශ්න ඇති රටක වල් ඌරා ලොකුම ගැටලුව වීම
අපේ එක්තරා වන වගා ව්‍යාපෘතියක් තියෙනවා රක්වාන ප්‍රදේශයේ. මේක රක්වාන කඳුවැටියේ අක්කර 100 කට වඩා විශාල නිතර ගිනි තැබීම් වලට ලක්වෙන කන්දක්. අපි මේකේ අක්කර 10ක් මේ වෙනකොට හිටවල ඉවරයි. ඌරෝ අපිට තියෙන එක තර්ජනයක්. අපි මේ වෙනකොට හිටවල තියෙන පැල ප්‍රමාණය ආසන්න වශයෙන් 2500 ක්. මේකෙන් 30 ත් 50ත් අතර ප්‍රමාණයක් උපරිම වශයෙන් ඌරෝ හානි කරලා මැරුණා. ඒ කියන්නේ ප්‍රතිශතයක් විදිහට 2% ක් වගේ. අපි ඒවා ආපහු හිටෙව්වා.
වල් ඌරු මස් ප්‍රවාහනය කිරීම සහ අලෙවි කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී වැටී තිබෙන තත්ත්වය දෙස බලන විට තමන්ට නැවතත් අන්තර්ජාතික පිටියට පිවිසීමට සිතෙන බව ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් පවසයි.
'ප්‍රමිතියෙන් ඉහළ මුද්‍රණ හා ඇසුරුම් අපනයනයෙන් වැඩි ආදායමක්'
කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීම සඳහා සූදානම් කළ යුතු බවත්, ඒ සඳහා මුද්‍රණ නිමාව හා ඇසුරුම්කරණය ඉතා වැදගත් වන බවත්, ප්‍රමිතියෙන් ඉහළ ශ්‍රී ලාංකීය අනන්‍යතාව සහිත මුද්‍රණ හා ඇසුරුම් අපනයන මගින් ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් හොඳ ආදායමක් උපයාගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ සියලුම පළාත්වල පදිංචි පුද්ගලයන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහිතකවල පිටපත් බත්තරමුල්ලේ රෙජිස්ටර් ජනරාල් කාර්යාලයෙන් විනාඩි පහක කාලයක කායලයක් තුල කඩිනමින් ලබා දීමේ සේවාව ඊයේ (17දා) සිට ආරම්භ වී තිබේ.
ජාතික දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස මහත්මියගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් ඇයගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කර ඇත්තේ ආසියානු කුසලාන තරගාවලියේදී ශූරතාව ජය ගැනීම සඳහා ඇය කණ්ඩායම මෙහෙයවීම හේතුවෙනි.
පසුගිය 28 වැනි දා සිට වසා දමා ඇති ගලහ රෝහල යළි විවෘත කරන්නැයි බල කමින් ගලහ නගරයේ දී ප්‍රදේශවාසීහු අද (16) උද්ඝෝෂණයක් ඇරඹුහ.
