දැල්පන්දුවේ මල මෙතැනය Featured

Published in පුවත්
Wednesday, 12 September 2018 20:57

ආසියානු සූරියන් වූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ජාතික පුහුණුකාරිනිය වූ තිලකා ජිනදාසගේ අදාල තනතුර සඳහා වූ ගිවිසුම් කාලය ආසියානු තරගාවලියත් සමග අවසන් වන බව මේ දිනවල උණුසුම් කතා බහකට ලක් ව ඇත. ආසියානු සූරතාවලියේ අවසන් තරගයට පිවිසීමත් සමග ශ්‍රී ලංකාව ලබන වසරේ පැවැත්වෙන ලෝක දැල්පන්දු සූරතාවලියට සුදුසුකම් ලද අතර එනිසා ඇගේ ගිවිසුම් කාලය එම තරගාවලිය තෙක්ම දීර්ඝ විය යුතු බවට අදහස් පල වේ.

ලෝක කුසලානය දක්වාම ශ්‍රී ලංකා කණ්ඩායම තිලකා ජිනදාසට භාර කළ හැකි නම් එය කණ්ඩායමේ යහපත පිණිස හේතු වන බව අවිවාදිතය. විශේෂයෙන්ම මෙවර තරගාවලිය කාලාන්තරයකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මනා කායික යෝග්‍යතාවයෙන් සන්නද්ධව සිටි තරගාවලියක් වූ අතර සෑම තරගයකම වෙහෙසකර කාර්තු වන තෙවන සහ අවසාන කාර්තු වලදීත් ආරම්භක ජවයෙන්ම ක්‍රීඩා කිරීමට තරම් ක්‍රීඩිකාවන් ශක්තිසම්පන්න වූහ. ඒ සියල්ල තිලකා සිදු කළ ප්‍රාතිහාර්යයන් විනා අහඹු සිදුවීම් නොවේ.

නමුත් තිලකා ජිනදාසගේ ගිවිසුම් කාලය අවසන් වී ඇත්නම් නිසි ක්‍රියාපටිපාටියට අනුව නැවත සම්මුඛ පරීක්ෂණයක් හෝ පවත්වා ඊ ළඟ පුහුණුකාරිණිය තෝරාගැනීම මේ
ක්‍රීඩාවේ අද දවස නොව හෙට අනිද්දාට ද යහපත් වනු ඇතැයි යෝජනා කරමි. පසුගිය කාලය පුරාම අප දුටුවේ විශ්‍රාම යා යුතු වයසේ සිටින කාන්තාවන් ඊ ළඟ පරම්පරාවේ පුහුණුකාරිනියන් ට සහ පරිපාලිකාවන්ට අවස්ථාව නොදී දැල්පන්දුව අරක්ගෙන සිටි ආකාරය ය. දේශපාලනික බලපෑම් , ගුරු-ගෝල සබඳතා සහ හිතමිතුරුකම් මත පුහුණුකරුවන් තෝරන , නිළධාරීන් තෝරන ඉතිහාසයක තිලකා ජිනදාස පවා අතිශය අසාධාරණයකට ලක් වූවාය. සුදුස්සාට සුදුසු තැන නොදි තිලකාව ලංකා දැල්පන්දුවෙන් පළවා හැරීමේ ප්‍රතිඵලය වූයේ ඇයගේ පුහුණුකාරීත්වයෙන් 2009 වසරේ ආසියානු සූරියන් වූ ශ්‍රී ලංකාව ඉන් පසු තරගාවලි 3 ම අනු සූරියන් වීමය. ශ්‍රී ලංකාව නැවත ආසියානු සූරියන් වන්නේ තිලකා ජිනදාසටම කණ්ඩායම භාර දුන් පසුවය.

එබැවින් මේ තීරණාත්මක මොහොතේ තිලකාගේ ගිවිසුම අලුත් කිරීමේදී එම තනතුරට වෙනත් සුදුස්සන් ලංකාව තුළ සිටී දැයි විමසා බැලීම වඩා ප්‍රජාතන්ත්‍රවාදීය. මන්ද යත් එම තනතුරට ඉල්ලුම් කරන ඕනෑම අයෙක් වේ නම් ඔවුන් පසුගිය කාලය පුරා ලංකාවේ දැල්පන්දුව තුළ කර ඇති දෙය පිළිබඳ පැහැදිලි පැතිකඩක් සමාජයට විවර වන බැවිනි. මේ දැල්පන්දුව පිළිබඳ රටම අවධානයෙන් සිටින මොහොතයි. වෙනදා මෙන් "අපේ කඩේ අපිට ඕනෑ විදියට " තාලයෙන් වැඩ කරන්නට ඉඩ නැති බවත් ශ්‍රී ලංකා දැල්පන්දුව දෙස රටම බලා සිටින බවත් පැහැදිලිය.

පසුගිය ඉතිහාසයේ තිලකා ජාතික පුහුණුකාරිනිය ලෙස පත් කිරීම වැළැක්වූ සහ මෙවර ඇය ඒ තනතුරට පත් වූ විට එය විවේචනය කරමින් දොස් නැගූ පුහුණුකාරිනියන් ට ද , ජයග්‍රාහී කණ්ඩායම ලංකාවට පය තබන්නට පෙර ක්‍රීඩිකාවන්ගේ අයිතිය කියාපාමින් මූණුපොතේ කෙහෙවලු පටලවාගන්නා පුහුණුකාරිනියන් ට ද මෙසේ පවසමි.

දැල්පන්දුවේ මල මෙතැනය.
එන්න - Landing Foot එක තබා නටන්න.

- සහන් කසීර වික්‍රමසිංහ -

Last modified on Wednesday, 12 September 2018 21:00

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us