ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ වයස අවරුදු එකහමාරක බිළිදෙකු මිය යාම නිසා කුපිත වූ දෙල්තොටවත්ත ප්‍රදේශයේ ජනයා ගලහ රෝහලට පහරදී අලාභ හානි සිදුකළ අතර ව්‍යෛද්‍යවරුන්ටද පහරදීමට උත්සහ ගත් නිසා මෙම රෝහල දින නියමයක් නොමැතිව වසා දමනු ලැබීය.
ගලහ ජනතාවට හදිසි රෝගි අවස්ථාවකට ප්‍රතිකාරයක් ගැනීමට යාමට ඇති එකම රෝහල මෙය වන අතර දෙල්තොට හෝ පේරාදෙණිය රෝහල් වෙත විශාල දුරබැහරක් ගෙවා යා යුතුවේ.
රෝහල ඉක්මණින්ම විවෘත කරන දෙන ලෙස උද්ඝෝෂකයින් බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.