සෞදි අරාබියෙන් මෙරට සංවර්ධනයට ඩොලර් මිලියන 300 ක්

Published in පුවත්
Monday, 01 October 2018 21:13

ශ්‍රී ලංකාවට විදේශ රැකියා සපයන රටවල් අතර සෞදි අරාබිය ප්‍රමුඛම ස්ථානයක් ගන්නා අතර ශ්‍රී ලංකා ශ්‍රමිකයින් ලක්‍ෂ 2 කට පමණ සෞදි අරාබිය රැකියා ලබාදී තිබෙන බවත්, මීට අමතරව ශ්‍රී ලංකාවට සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක පමණ ආධාර ලබා දී තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

එම ආධාර යටතේ රටේ ව්‍යාපෘති ගණනාවක් දැනටමත් ක්‍රියාත්මක කර අවසන් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සෞදි අරාබි රාජ්‍යයේ 88 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ ප්‍රධින ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති ගරු අබ්දුල් නසාර් අල් හාර්ති මහතා, සෞදි අරාබි රාජ්‍ය වෙනුවෙන් නිදහස් දින ජාතික උළෙලට පැමිණි ආරාධිතයින් පිළිගනු ලැබීය.

මෙහිදී අදහස් දක්වමින් කතා කළ උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ පැවසීය.

"පළමුවෙන්ම අපගේ මිත්‍ර සෞදි අරාබියානු රාජ්‍යයේ ජාතික දින උළෙලට මම අපේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ගෞරවණීය සුභ පැතුම් පිරිනමනවා. ශ්‍රී ලංකාව හා සෞදි අරාබියානු රාජ්‍ය අතර සමීප මිත්‍රශීලී සම්බන්ධතාවක් දිගු කාලයක සිටම පවතිනවා.

අප දෙරට රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ආරම්භ කරන්නේ මීට අවුරුදු 44 කට පෙර 1974 වසරේදී සිටයි. එදා සිටම අප දෙරට ඉතාමත් මිත්‍රශීලි ලෙස කටයුතු කරනවා. අපේ ශ්‍රමිකයින් 200,000 කට ආසන්න පිරිසක් සෞදි අරාබියානු රාජ්‍යයේ සේවය කරනවා. ඒ පිළිබඳවත් මම සෞදි අරාබියානු රජයට ස්තූතිය පිරිනමනවා. සෞදි අරාබියානු රාජ්‍යය, ශ්‍රී ලංකා වෙළෙඳපොළේ 23 වැනි ආනයනික හවුල්කරුවෙකු ලෙස සිටිනවා.

2014 සිට 2017 දක්වා වූ අවුරුදු 3 ක කාලය තුළ ශ්‍රී ලංකාව හා සෞදි අරාබියානු රාජ්‍ය අතර වාර්ෂිකව මුළු වෙළෙඳ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 215 ක් වෙනවා. සෞදි අරාබිය වෙත අපනයනය කරන ප්‍රධානතම භාණ්ඩය වන්නේ සිලෝන් ටී බව කිව යුතුයි. පසුගිය වසරේදී පමණක් අප සෞදි අරාබියට අපනයනය කරන ලද සිලෝන් තේ වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 27 ක් වෙනවා. එය සෞදි අරාබියට අප කරන අපනයන ප්‍රමාණයෙන් සියයට 36 ක් වෙනවා. එය අපේ ආර්ථිකය ශක්තිමත් කරන්නට ඉතා වැදගත් වෙනවා.

ඒ වගේම සෞදි අරාබියානු රාජ්‍ය ගෙවී ගිය කාලය තුළ අපේ රටේ සංවර්ධනය ව්‍යාපෘති ගණනාවකට ඇමරිකානු ඩොලර් මිලියන 300 ක පමණ ආධාර සපයා තිබෙනවා. එම ආධාර යටතේ සෞඛ්‍ය, අධ්‍යාපන, ජල සැපයුම්, වාරිමාර්ග, කෘෂිකර්ම හා මාර්ග සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් නිම කරල තියෙනවා. අපි සෞදි අරාබියට තේවලට අමතරව, අඟලුම්, කෙසෙල්, වියළි පොල්, හා මාළු අපනයනය කරනවා. ඒ වගේම අපි සෞදි අරාබියෙන් ප්ලාස්ටික් වර්ග, ගෑස්, ඩීසල් තෙල්, රසායන ද්‍රව්‍ය, කඩදාසි, පදම් කිරීම හා තීන්ත සැකසීමට ගන්නා සාරයන් හා වීදුරු භාණ්ඩ ආනයනය කරනු ලබනවා. අපේ රට හා සෞදි අරාබිය අතර වෙළෙඳ ගනුදෙණු ස‍ඳහා හොඳ විභව්‍යතාවක් පවතිනවා. එහි ප්‍රයෝජනය අපි ලබා ගත යුතුයි. "යැයි පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු රාජ්‍යයේ තානාපති අබ්දුල්නසර් අල් හාර්ති මහතා ඇතුළු සෞදි අරාබියානු රාජ්‍ය නිලධාරීන් රැසක් සහ ශ්‍රී ලංකා මැති ඇමතිවරු රැසක්ද සහභාගී විය.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us