පොලිස්පති කළ යුතු දේ ගැන රන්ජන් කතා කරයි Featured

Published in පුවත්
Thursday, 04 October 2018 21:46

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව චෝදනාවක් ඇති හෙයින් ඔහු එම ධුරයෙන් තාවකාලිකව ඉවත්ව පරීක්ෂණ සඳහා දැක්විය යුතු බවට තමන් සිතන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

එසේම එය පිටරට සිදුවෙන් දේ බවත් පරීක්ෂණවලට මුහුණදී එයින් නිර්දෝෂී බව ඔප්පු වුවහොත් ඔහුට නැවතත් ධුරයට පැමිණිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

“පුද්ගලයෙක් වෙනුවෙන් පෙනී ඉන්න එපා. පිටරට ක්‍රමේ මොකක්හරි චෝදනාවක් ආපුවාම ධුරයෙන් ඉල්ලා අස්වෙලා පරීක්ෂණවලට සහාය දෙන එක හොදයි.

එතුමා යුනිෆෝම් එක ඇඳගෙන නටපු එකටනම් මම කැමති නෑ. ගරුතර මහා සංඝරත්නයට කතා කරපු විදිහට මම කැමති නෑ.

එතුමට චෝදනාවක් තියෙනවා. එතුමා නිතිය ගැන දන්න පුද්ගලයෙක් නම්, රජය, අගමැතිතුමා, ජනපතිතුමා අපහසුතාවට පත් නොකර එතුමා කියන්න ඕන “සර් මගේ නමට චෝදනාවක් තියෙනවා. මම ධුර කාලයෙන් අයින් වෙන්නම්. පරීක්ෂණයට මුහුණ දීලා එන්නම්.”

පොලිස්පතිවරයා එවැනි තීරණයකට එන්නේ නම් මනා බව හෙතෙම කියා සිටියි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us