තවත් පෞද්ගලික බලාගාර දෙකකින් විදුලියගැනීමේ සූදානමක් Featured

Published in පුවත්
Monday, 13 August 2018 11:13

පෞද්ගලික අංශයෙන් විදුලිය ලබාගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය තවත් විදුලිබලාගාර දෙකක් සමග ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වන බව වාර්තාවේ.

'ඒස් මාතර' බලාගාරය සහ'ඒෂියා පවර්' බලාගාරය යන පෞද්ගලික විදුලිබලාගාර දෙක සමග මෙලෙස විදුලිය ලබාගැනීම සඳහා ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.

'ඒස් ඇඹිලිපිටිය','ඒස් මාතර' හා 'ඒෂියා පවර්' යන පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් පසුගිය මාර්තු මස 15 වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කර තිබූ අතර, ඒ සඳහා අනුමැතිය ලැබී තිබේ.

එසේ වුවද'ඒස් ඇඹිලිපිටිය' බලාගාරයෙන් පමණක් විදුලිය මිලදීගෙන තිබූ අතර, එය විදුලිබල පනතට පටහැණිව සිදුකළ බව පවසමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා, විදුලිබල මණ්ඩල සභාපතිවරයා සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවටද කැඳවා තිබේ.

එවැනි තත්ත්වයක් තුළ මෙම බලාගාර දෙකෙන්ද විදුලිය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තාවේ.

පෞද්ගලික විදුලිබලාගාරයක් වන 'ඒස් ඇඹිලිපිටිය' බලාගාරය සමග ලංකා විදුලිබල මණ්ඩලය අත්සන් තැබූ ගිවිසුම නීත්‍යනුකූල නොවනබව සඳහන් කරමින්ඒ සඳහා ශ්‍රීලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවද අනුමැතිය ලබාදී නොතිබිණ.

ශ්‍රීලංකා විදුලිබල පනතේ 43 වැනි වගන්තියට අනුව පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේදී එම බලාගාර තෝරා ගත යුත්තේ තරගකාරී ටෙන්ඩර් ක්‍රමයකින් අඩුම මිල ගණන් ඉදිරිපත් කරන ආයතනයන්ය.

එම ටෙන්ඩර් ක්‍රමය අනුගමනය නොකර ලංකා විදුලිබල මණ්ඩලය විසින් විශේෂ හේතු මත තෝරාගත් පෞද්ගලික සමාගම් සමග විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීමේදී ලංකා විදුලිබල මණ්ඩලයට අවාසිදායක මිල ගණන්වලට විදුලිය මිලදී ගැනීමට සිදුවන බව විදුලිබල ආරංචි මාර්ග සඳහන් කරයි.

අඩුවියදම් බලාගාර සකස් නොකර පෞද්ගලික අංශයෙන් විදුලියලබාගැනීම සඳහා පෞද්ගලික අංශය සමග අවාසිදායක ගිවිසුම් මත විදුලිය මිලදී ගැනීම් හේතුවෙන්වසරකට රුපියල් කෝටි 4,000ක පමණ පාඩුවක් ලංකා විදුලිබල මණ්ඩලයට දැරීමට සිදුවන බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇස්තමේන්තු කර ඇති ආකාරය එම කොමිෂන් සභාවේ වාර්තාවක දක්වා තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය මේ ආකාරයට පෞද්ගලික විදුලිබලාගාර සමග ගිවිසුම් අත්සන් කිරීමට සූදානම්වන්නේදැයි ලංකා විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරීවරයාගෙන් අප විමසීමට උත්සාහ කළද, ඔහු සම්බන්ධකරගැනීමට නොහැකිවිය.

මේ සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතාගෙන් විමසීමේදී තමන් පෞද්ගලික බලාගාර සමග ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් බව පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා,

"මේ බලාගාරවලින් විදුලිය ගන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිලා තියෙනවා. ඒවලිනුත් විදුලිය ගන්න තමයි සැලසුම්කර තියෙන්නේ. වැස්ස නැවතුණාම අපි විදුලිය ගන්නවා. ඒ බලාගාර සමග අත්සන් කරපු පැරණි ගිවිසුම් තිබෙනවා.

අලුත් ගිවිසුම් තවම අත්සන් කරලා නැහැ. වසර තුනක් විදුලිය ගන්න තමයි අපි සැලසුම්කර තිබෙන්නේ. කොහොම වුණත් තව මාසයක් විතර ඇතුළත අපි මේදේ කරන්න බලාපොරොත්තු වෙනවා" යැයිද පවසා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us