එක් තීරයක එක් මාවතට වසර 05 යි

Published in පුවත්
Monday, 22 October 2018 12:06

චීන ජනාධිපති ෂී ජන්පින් මහතාගේ ශ්‍රේෂ්ඨ සංකල්පයක් වන 21 වන සියවසේ සේද මාවත හෙවත් එක් තීරයක් එක් මාවතක් සංවර්ධන උපාය මාර්ගය ලොවට හඳුන්වා දී වසර 05ක් මේ වන විට ගත වි තිබේ.

2013 වර්ෂයේ සැප්තැම්බර් හා ඔක්තොම්බර් මාසවලදි කසකස්ථානය හා ඉන්දුනීසියාව යන රටවලදී චීන ජනාධිපති ෂී ජන්පින් මහතා විසින් මෙම සංවර්ධන උපාය මාර්ග වැඩසටහන හදුන්වා දෙන ලදී.

එක් තීරයක් එක් මාවතක් 21 වන සියවසේ සේද මාවත සංවර්ධන උපාය මාර්ගික සැළසුම මඟින් සමස්ථ ලෝකයටම ප්‍රතිලාභ ලැබෙන පරිදි ක්‍රියාත්මක කෙරේ.අතිත සේද මාවත ඔස්සේ සිදුවු වෙළදාමට නව පනපොවමින් ලොව රටවල් 78ක ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති මෙම වැඩසටහන සඳහා චීනය ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 5ක් ඇස්තමේන්තු කර ඇත. එමඟන් ප්‍රවාහන හා බලශක්ති ක්‍රියාවලියට අයත්වන මාර්ග,පාලම්,ගෑස් නළ,වරාය,දුම්රිය සේවා සහ බලාගාර ඉදිකිරිමට කිරීමට යෝජනා කෙරේ.

එක් තීරයක් එක් මාවතක් සංකල්පය කොටස් දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර මධ්‍යම ආසියාව මැද පෙරදිග හරහා පැවති ඉපැරනි සේද මාවත (One Belt One Road) ඔස්සේ ද, එමෙන්ම ආසියාව අප්‍රිකාව හා යුරෝපා රටවල් සමඟ සම්බන්ධතා තර කර ගැනීම යටතේ සමුද්‍රික සේද මාවත (One Road Initiative) ක්‍රියාත්මක වේ.ශ්‍රී ලංකාවද එක් තීරයක් එක් මාවතක් වැඩ සටහන යටතේ ප්‍රධාන මධ්‍යස්ථානයකි.

ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සංගමයේ ප්‍රධානත්වයෙන්, හා විදේශිය රටවල මිත්‍රත්වය සඳහා වන චීන ජනතා සංගමය(CPAFFC) මගින් සාංවිධානය කරන 21 වන සියවසේ සේද මාවත හෙවත් එක් තීරයක එක් මාවතක් 05 වන සංවත්සර උත්සවය කොළඔ ගලධාරී හෝටලයේදී ඔක්තොම්බර් 24 පෙරවරු 10.00ට පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන මිත්‍රත්වය සඳහා වන දකුණු ආසියානු සංගමය (OSARFFC) මෙම සමුළුවට සහභාගි වෙති.

සමුළුවේ සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතා සහභාගි වන අතර ගෞරවනීය ආරාධිකයින් වශයෙන් ලංකාවේ චීන තානාපති, චෙං ෂියුවන්, අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගි වේ.

චීනය සමඟ මිත්‍රත්වය සදහා වන දකුණු ආසියානු සංගමයේ සභාපති අනුප් රංජන් බට්ටාරි, ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර යන මහත්වරුන් හා බංගලිදේශය. ඉන්දියාව. නේපාලය. මාලදිවයින හා ශ්‍රී ලංකාවේ නියොජිතයන් මෙම සමුළුවට සහභාගි වෙති.

එක් තීරයක් එක් මාවතක් ආර්ථික මණ්ඩපය, සංස්කෘතික, සංචාරක හා මිත්‍ර ප්‍රවර්ධන යන තේමා හතරක් යටතේ ප්‍රධාන සමුළුවට සමගාමීව සාකච්ඡා මණ්ඩප 4ක්ද පැවැත් වේ. ඒ සඳහා ඉහත රටවල් නියොජනය කරමින් එම ක්ෂේත්‍රවල විද්වතුන්, ව්‍යාපාරිකයින්, ආයෝජකයින්, බුද්ධිමතුන් රැසක් සහභාගි වෙති.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us