පාරිභෝගිකයින්ට ප්‍රමිතියෙන් ඉහළ සෞඛ්‍යාරක්‍ෂිත ආහාර

Published in පුවත්
Friday, 19 October 2018 12:05
 කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලෝක ආහාර වැඩ සටහනේ නේවාසික නියෝජිත බ්‍රෙන්ඩා බාටෝන් මහත්මිය සමග සාකච්ඡා කළ ආකාරය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලෝක ආහාර වැඩ සටහනේ නේවාසික නියෝජිත බ්‍රෙන්ඩා බාටෝන් මහත්මිය සමග සාකච්ඡා කළ ආකාරය

එහිදී ආහාරවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ඉහළ නැංවීමත්, සුරක්ෂිතව ආහාර බෙදාහැරීමත් පිළිබඳ වැඩපිළිවෙළක් ගැන ඊයේ (18දා) සාකච්ඡාවට බඳුන් විය.

ඒ ලෝක ආහාර වැඩසටහනේ (WFP – World Food Program) ශ්‍රී ලංකා නියෝජිත බ්‍රෙන්ඩා බාටොන් (Brienda Barton) මහත්මිය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමු වූ අවස්ථාවේය‍.

මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පාරිභෝගිකයින්ට ආහාර බෙදා හැරීමේ ප්‍රධානතම ව්‍යාපාරික ජාලාව වන ලංකා සතොස හා සමුපකාර ව්‍යාපාරය රජය සතුව පවතින බවත්, මේ මගින් පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට ගුණාත්මක ආහාර ඉහළ ප්‍රමිතියෙන් යුතුව ලබා දෙන බවත් එමගින් ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව හා ආහාර සුරක්ෂිතතාව ගැන දැඩි අවධානයක් රජය යොමු කරන බව පැහැදිලි කළේය.

රජය ක්‍රියාත්මක කර තිබෙන එම වැඩ පිළිවෙළට ලෝක ආහාර වැඩ සටහනේ පූර්ණ සහයෝගය ලබා දෙන බව බාටෝන් මහත්මිය ප්‍රකාශ කළේය.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us