මාධ්‍ය මර්දනයකට ආණ්ඩුවේ ඇමැතිවරුන්ගෙන් යෝජනා Featured

Published in පුවත්
Thursday, 25 October 2018 11:00

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් එල්ල වන දූෂණ වංචා චෝදනා ඉහළ යත්ම මාධ්‍ය නිදහස පාලනය කිරීමේ නීති පැනවීම අත්‍යාවශ්‍ය බව යෝජනා රැසක් මේ වන විට ඉදිරිපත්ව තිබේ.

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් ඇමැති පාඨලි චම්පික රණවක. අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න යන අයට කොමිස් ඉල්ලීමේ චෝදනා එල්ල වූ අතර එම මොහොතේදීද මාධ්‍ය පාලනය කිරීමේ යෝජනා ඉදිරිපත් වූ අතර පොලිස් විමර්ශන මඟින් මාධ්‍ය වේදීන්ට බලපෑම් එල්ල කරන ලදී, පසුව තිලක් මාරපන, විජේදාස රාජපක්ෂ වජිර අබේ වර්ධන, සරත් ෆොන්සෙකා ආදී ඇමැතිවරුන්ටද මෙලෙසම චෝදනා එල්ල විය, බැඳුම්කර චෝද්නා එල්ලවූ අවස්ථාවේදීද මැති ඇමැතිවරුන් ගනනාවකට මෙලෙස අපරාධ චෝදනා රැසක් මාධ්‍ය මඟින් එල්ල වී තිබිණි. රවී කරුණානායකට ඇමැතිවරයාට මුදල් ඇමැතිධුරය අහිමි වීම කෙරෙහිද මෙම මාධ්‍ය වලින් එල්ල වූ බලපෑම දැඩිව බලපා තිබිණි. එසේම ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉලක්ක කරගෙනද මාධ්‍ය විවේචන බහුල වශයෙන් පළවී තිබිණි. අගමැතිවරයා කිහිප අවස්ථාවකම මාධ්‍ය හා ගැටීමටද කටයුතු කළේය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තහනම් කිරීම වෙනුවෙන් පසුගිය කාලයේ විශේෂ උත්සාහයක් දරණු ලැබීය.

මේ වන විට විදුලි දුම්රිය ආයෝජන සිද්ධිය සම්බන්ධයෙන් මලික් සමරවික්‍රම හා සුජීව සේරසිංහ යන ඇමැති දෙපලටද බරපතල චෝදනා එල්ල වී ඇත.

මේ තත්වයන් හමුවේ මාධ්‍ය මර්ධනය ඉලක්ක කර ගත් නව නීති සැකසීම වහාම සිදු විය යුතු බවට මතයක් ආණ්ඩුවේ මැති ඇමැතිවරු මතු කර තිබේ. ඊයේ දිනයේදී හිටපු ජනමාධය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතාද මේ කරුණ අවධාරණය කර තිබීම විශේෂත්වයකි.
කෙසේ නමුත් ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා සෘජුව පෙනී සිටින්නේ මාධ්‍ය මර්ධනය කිසිසේත්ම සිදු නොකළ යුතු මතයකය.එහෙත් ඔහුගේ මතයට ඉඩ දීමේ ඉඩක් ආණ්ඩුවේ සෙසු සාමාජිකයන්ගෙන් බලාපොරොත්තු විය නොහැක.

පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේදී මාධ්‍ය මර්දනය ඉතා දැඩිව පවත්වාගෙන ගිය අතර රාජපකෂ පවුලේ කිසිදු සාමාජිකයකු සම්බන්ධයෙන් විවේචන එල්ල කිරීම තහනම් වී තිබිණි. ආණ්ඩුවේ ප්‍රශස්ති ගැයීම හැර විවේචනයට ඉඩන් නොතිබිණි. මාධ්‍ය වේදී 40 කට වැඩි පිරිසක් මේ කාලයේදී ඝාතනයට ලක්ව තිබෙමෙන් මේ යුගයේ මාධ්‍ය මර්දනය ක්‍රියාත්මක වූ ආකාරය ගැන පැහැදිලි චිත්‍රයක් මවයි..

මේ වන විට රාජපක්ෂවාදී කොටස් වලින්ද මාධ්‍යයට බලපෑම් එල්ලවෙමින් තිබෙන අතර. මේ අනුව පැහැදිලි වනුයේ ජනමාධ්‍ය වේදියා ශක්තිමත් වෙමින් ස්වාධීනව කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් ඇති වෙමින් තිබෙන බවය. මේ තත්වයය තවදුරටත් වර්ධනය කරමින් ජනමාධ්‍ය ස්වාධීනතාවය ගොඩනැගීම විය යුතුවතිබේ. එය මර්දනය කිරීමට කිසිසේත්ම ඉඩක් ලබා දීම නොවිය යුතුය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us