සිරා මරා බලු පූ‍ට්ටුව විසින් සිදු කළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය හේතුවෙන් ශ්‍රි ලංකාවට එරෙහිව විදේශ රටවල් ගනනාවක් තහංචි පැනවීමට තීරණය කර තිබේ. මේ අනුව යුරෝපා සංගමය GSP+ සහනය අත් හි‍ටුවීමට තීරණයක් ගැනිමට නියමිතව තිබිණි.

ජනාධිපති සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය මෙවර මහ මැතිවරණට මහින්ද රාජපක්ෂ නායකත්වය දරන පොදු ජන පෙරමුණෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට තරග කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඉදිරි මහ මැතිවරණයට ශ්‍රීලනිපය තනිව හෝ අලුතෙන් ගොඩනඟන සංධානයකින් ඉදිරිපත් වීමට අද දහවල් ශ්‍රීලනිපයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු පැජට් පාරේ කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.

සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට එරෙහිව පක්ෂ හා කණ්ඩායම් විශාල ප්‍රමාණයක් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට නියමිතය. ඒ අනුව හෙට දිනයේදී එජාපය, දෙමළ සංධානය ජවිපෙ සහ සිවිල් සමාජ කණ්ඩායම් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ සම්බන්ධයෙන් පෙත්සම් ගනනාවක් බාර දිමට නියමිතය.

පොදුජන පෙරමුනේ අගමැති අපේක්ෂකයා ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව ඊයේ දිනය වන විට තීන්දු කර සිටි මහින්ද රාජපක්ෂ මේ වන විට එම අදහස අත් හැර තිබේ. රනිල් වික්‍රමසිංහ සමඟ තරගයක් දි ඔහුට වඩා වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගැනිමට හැකි බව එම පෙරමුණේ නායකයන් විශ්වාස කළේය.

ශ්‍රිලංකාවේ පුරවැසියා කියන්නේ ඕනෑම දෙයක් පහසුවෙන් දරා ගැනීමට හා ඒ අනුව වෙනස් වීමට කල් නොගන්නා පිරිසකි. රටේ බහුතරයකට, මේ සිදුවන දේශපාලන විපර්යාසයන් ඔවුන්ට අදාල නැත. තවමත් සිදු වුණේ කුමක්ද යන්න නොදන්නා විශාල පිරිසක් වෙති.

පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඔව්, එහි ‍තේරුම ළඟ ළඟම ඡන්දයක් එනවා කියන එකය. ජනාධිපති සිරිසේනට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිද යන්න පිළිබඳව බොහෝ දෙනා කතා බහ කරමින් සිටින කාලයකි.

මහ මැතිවරණයට මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්ෂය පුළුල් පොදු පෙරමුණකින් තරග කළ යුතු බවට අද උදෑසන පැවැති එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ප්‍රබල යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

කවර තත්වයක් හමුවේ හෝ ඉදිරි මහ මැතිවරණයට හා ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා එජාපය අද උදෑසන පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් ‍රැස්වීමේදී තීරණාත්මක කරුණු කාරණ රැසක් සාකච්ඡාවට ගෙන තිබේ.

බලාපොරොත්තු වූ පරිදිම සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රි ලනිපයේ ගමනක අවසානය සළකුණු කර තිබේ.. ඉදිරි මහ මැතිවරණයට පොහොට්‍ටුව ලකුණේ එල්ලී තම තමන්ගේ බලය ‍රැක ගැනීමට දැන් ශ්‍රී ලනීපයේ සෙසු නායකයන්ට සිදුව තිබේ.

Connet With Us