ජාත්‍යන්තරයට උත්තර දෙන්න ඉන්දියානු සමාගමකට කොන්ත්‍රාත් දීලා. ලේක්හවුස් සල්ලිත් අදියි.

Published in පුවත්
Friday, 09 November 2018 18:03

සිරිසේන ජනාධිපතිවරයා මහින්ද සමඟ සිදු කළ බලය පැහැර ගැනිමේ කුමන්ත්‍රණය නීත්‍යානුකූල බව ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඒත්තු ගැන්වීම සඳහා අවශ්‍ය පිලිතුරු පත්‍රය සැකසීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියානු නීතිවේදී සමාගමක් වෙත පැවරීමට කටයුතු කර ඇත.

ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ලබාදීමට නිශ්චිත පිළිතුරක් නොමැතිව සිරිසේන ජනාධිපතිවරයාත් හොර අගමැති මහින්ද රාජපක්ෂත් විශාල අර්බූධයකට පත්ව සිටි. මේ වන විට තනාපති අංශ පවා මෙය ව්‍යස්ථා විරෝධී කටයුත්තක් වන බැවින් අණ්ඩුවේ නියොජිතයන් සමඟ සාක්ච්ඡා කිරීමද ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ නමුත් මෙම කටයුත්ත වෙනුවෙන් අවශ්‍ය කරන ඩොලර් මිලියනයකට ආසන්න මුදල ලේක්හවුස් ආයතනයේ ගිණුමෙන් ලබා ගැනීමටද තීරණය කර ඇතැයි දැනගැනීමට තිබේ. පාඩු ලබන රජයේ ආයතනයක් වන ලේක් හවුස් ආයතනයේ මුදල් මෙලෙස දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් යොදා ගැනීම සිදු වුවහොත් සේවක පඩි නඩි පවා ගෙවා ගැනීමට නොහැකි වීමෙ අර්බුධයකට ලක්වනු ඇත.

පසුගිය රාජපක්ෂ පලන සමයෙදීද රාජ්‍ය ආයතන මුදල් හා දේපොළ රාජපක්ෂවරුන්ගේ දේශපාලන හා පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් පාවිච්චි කිරීම නිසා ආයතන ගනනාවක් බංකොළොත් විය. අයි ටී එන් රූපවාහිනී ආයතනය ඊට හොඳම උදාහරණයකි. එම චෝදනාව සම්බන්ධයෙන් බරපතල අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසම නිර්දේශ කළේ මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තරම් එය බරපතල ගනයේ අපරාධයක් බවයි.

Last modified on Friday, 09 November 2018 18:06

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us