මන්ත්‍රීවරු මරලා හරි බලය ගන්න ශ්‍රිලනිපයේ තීන්දුවක් ! Featured

Published in පුවත්
Friday, 09 November 2018 16:37

සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා ශ්‍රීලනිප කාරක සභාව ඊයේ (08) අපේගම පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේ,14 වෙනිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙකු හෝ දෙදෙනෙක් මරණයට පත්කොට හෝ බහුතර බලය දිනාගන්නා බව ප්‍රකාශ කොට තිබෙන බව පා.ම. තුෂාර ඉදුනිල් මහතා අද (09) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ශ්‍රීලනිප රැස්වීම ජනමාධ්‍යවේදීන්ට තහනම් කොට තිබූ අතර එයට සහභාගි වූ කාරක සභිකයනට ඔවුන්ගේ ජංගම දුරකථන පවා එම රැස්වීම් ශාලාවට ගෙන යාමට අවසර දී නොමැති බවත් මාධ්‍යවලට වසන් කරමින් සිදුකළ මෙම සාකච්ඡාවේ සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුවන බවත් පා.ම. තුෂාර ඉදුනිල් මහතා පැවසීය. වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා

අපට ලැබී ඇති විශ්වාසදායක ආරංචි අනුව එම රැස්වීමේදී මෑතකදි ඇමති
තනතුරු භාර ගත් වයඹ පළාතේ මන්ත්‍රීවරයෙකු අවේගශීලිව කතාකරමින් 14
වෙනිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙකු හෝ දෙදෙනෙක් මරණයට පත්කොට
හෝ බහුතර බලය දිනාගන්නා බව ප්‍රකාශ කොට තිබෙනවා. මුදල් බලය
යොදවා මන්ත්‍රීවරුන් දිනාගැනීමට නොහැකි වූ විට, මැරබලය, බාහු බලය
තර්ජනය, ගර්ජනය යොදවා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමට සිරිසේන –
මහින්ද හවුල උත්සාහ ගන්නා බව අපට පෙනී යනවා. එම ප්‍රයත්නයන්
පරාජය කරන්නට මේ රටේ නීතිගරුක යුක්ති ගරුකව ජනතාව පෙරට එන
බවට අපට විශ්වාසයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us