මෛත්‍රී කපෝතියි.. තුරුම්පු සියල්ල බැසිල් ගාව. දිනුම රනිල්ට ! Featured

Published in පුවත්
Friday, 09 November 2018 13:29

සිරිසේන ජනාධිපතිවරයා තමන් සතුව තිබෙන තුරුම්පු ලබන 14 වෙනිදාට අදිනවා යැයි වහසි බස් දෙඩවූවද ඔහු සතුව ඇත්තේ ජෝකර්ලා පමණක් බව මේ වන විට තවුරුව තිබේ. සිරිසේනගේ මරි මෝඩ ක්‍රියා කලාපය නිසා රාජපක්ෂවරුන්ද ලොකු අමාරුවක වැටී ඇති බව එම පාර්ශ්වයෙන් චෝදනා එල්ල වෙයි.

පාර්ලිමේන්තුවේ බහුතරය තබා මන්ත්‍රීවරුන්ගේ 100 දෙනෙකුගේ හෝ විශ්වාසය දිනා ගැනීමට මෙතෙක් ජනාධිපතිවරයා සමත්ව නැත. ඔහු සතුව තිබෙන එකම තුරුම්පුව තව දුරටත් මරි මොඩයකු සේ හැසිරෙමින් නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීන්දු කිරීම හෝ ජනාධිපතිධුරයෙන් නම්බු ඇතිව ඉල්ලා අස්වීමය.

බැසිල් රාජපක්ෂට සමීප ආරංචි මාර්ග පවසන්නේ මේ මොහොතේ මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහි‍ටු වීමට යෑම දේශපාලනිකව සිය දිවි නසා ගැනිමක් බවය. මේ තත්වය මත සිරිසේනව හුදකළා කොට ඔහු විසින් සිදු කරනු ලැබූ රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවට එරෙහිව දෝෂාභියොගයක් ගෙන විත් ඔහු ඉවත් කර ජනාධිපතිවරණයකට යෑම වඩා යොග්‍ය බව එම පාර්ශ්වයේ මතය වී තිබේ.

දේශපාලන ආරංචි මාර්ග පවසන ලෙස මේ වන විට බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර රහසිගත සාකච්ඡාවක් සිදුව තිබේ. මීට පෙර අප විසින්ද හෙළි කරනු ලැබුවේ මංගල සමරවීර හා බැසිල් රාජපක්ෂ අතර රහස් සාක්ච්ඡාවක් සිදුව තිබූ බවය. එහිදීද ද අවධාරණය කරනු ලැබුවේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියොගයක් ගෙන එමට සැලසුම් කෙරෙමින් පවතින බවය.

මේ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ තව දුරටත් අගමැතිවරයා ලෙස නිරුපද්‍රිත වනු ඇත. ඊට බැසිල් පාර්ශ්වයේද සහය හිමි වීමට සිදුවනු ඇතැයි එම පාර්ශවයට සමීප පිරිස් පෙන්වා දෙයි.

Last modified on Friday, 09 November 2018 13:31

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us