විදේශ තහංචි අත ළඟ... දැවැන්ත ආර්ථික අර්බුධයක් අනිවාර්යයි. Featured

Published in පුවත්
Friday, 09 November 2018 12:52

සිරා මරා බලු පූට්‍ටු කුමන්ත්‍රණයට එරෙහිව යුරෝපා සංගමය තෙවෙනි නිවේදනයත් මේ වන විට නිකුත් කර තිබේ. පාර්ලිමේන්තුව කැඳවූ සැනින් බහුතරය විමසා ඡන්ද විමසීමක් පැවැත් විය යුතු බව එහිදී දැඩිව අවධාරණය කර තිබේ.

ශ්‍රිලංකවේ යුරෝප සංගම් තානාපතිවරයා ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය නෙදර්ලන්තය, රුමේනියාව,නොර්වේ , ස්විස්ටර්ලන්තය යන රටවල තානාපතිවරුන් , ශ්‍රීලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසරිස් ඒකාබද්ධව මෙම නිවේදනය නිකුත් කොට තිබේ. මෙරට ජනතාව නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාද්ය කෙරෙහි තබ ඇති විශ්වාසය අඛන්ඩව පවත්වාගෙන යෑම සඳහා සියලු පාර්ශ්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට ගරු කළ යුතු බව ද එහි සදහන්ය.

මේ අනුව යුරෝපා සංගමය GSP+ තීරුබදු සහනය ඉවත් කර ගැනිම නියත වශයෙන්ම සිදුවනු ඇති බව පැහැදිලිය. ප්‍රජාතනත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය නොසලකා ඒකාධිපති ලෙස කටයුතු කරන රාජ්‍යන්ට මෙම සහනය ලබා නොදීම යුරෝප සංගමයේ ප්‍රතිපත්තිය වන අතර පසුගිය රාජපක්ෂ සමයේ මෙම සහනය අත් හිටවනු ලැබුවේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය නොසලකා රාජපක්ෂවරු කටයුතු කිරීම නිසාය. පසුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මැදිහත් ව මෙම සහනය ලබා ගැනීම සිදු කළෙය. 

නැවත GSP+ සහනය ලැබිම නිසා මෙරට කඩා වැටි තිබු අපනයන නිශ්පාදන ආර්ථිකය යළි අළු ගසා නැගිටීම සිදු වූ අතර ඉතිහාසයේ වැඩිම අපනයන වර්ධනයක් ,ආදායමක් ලබුනේ පසුගිය දෙවසර තුලදීය.

ඩොලරයේ අගය ඉහළ යැම නිසා රට මුහුණ දි තිබෙන ආර්ථික ගැටලුව හමුවේ අපනයන ආදායම්( ඩොලර්) තව දුරටත් නොලැබී ගියහොත් පවත්නා අර්බුද්ධය කිහිප ගුණයකින් වැඩි වනු ඇත. මේ අතර මුදල් මුද්‍රණය කිරීම දෙගුණයකින් පමණ වැඩි කිරීම නිසා සහ GSP+ සහනය අහිමි වීම තුල ශ්‍රිලංකාව දැඩි ආර්ථික අර්බුධයකට ගොදුරුවීම වැලැක්විය හැකි නොවේ. එමෙන්ම මෙම වසර අවසානය වන විට සහ ලබන වසර තුලදි ගෙවීමට තිබෙන රුපියල් ට්‍රිලියන ගනනක ණය ගෙවීමේ හැකියාවද මේ වන විටත් අහිමිව තිබේ. වික්‍රමසිංහ පාලනය විසින් මෙම ණය ගෙවීම වෙනුවෙන් ඉතිරි කරගෙන තිබූ විදේශ සංචිත ඩොලරයේ අගය පාලන කිරීම වෙනුවෙන් රාජපක්ෂලා වැය කිරීම නිසා මෙම ණය අර්බුධයද උග්‍ර වෙනු ඇත. මේ අනුව ලබන වසර දැඩි ආර්ථික අර්බුධයක් ඇති කරනු ඇති අතර සියළු ශ්‍රිලාංකිකයන්ට මෙහි අහිතකර ප්‍රති විපාක විඳීමට සිදු වනු ඇත.
සිරිසෙනගේ සහ මහින්දගේ බලයට ඇති කෑදර කම නිසා දෙකෝටි විසිලක්ෂයක ජනතාවට දුක් විඳීමට සිදුව තිබීම අතිශය කණගා‍ටු දායක තත්වයකි.

Last modified on Friday, 09 November 2018 12:52

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us