News Items (18842)
හොර අගමැතිගේ වියදම් කපනවා.. හැකි නම් එරෙහි වෙන්න. - රනිල්ගේ අභියෝගය
හොර අගමැති මහින්දගේ වැය ශීර්ෂ කපා හැරීම වෙනුවෙන් කර තිබෙන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විට බහුතරයක් ඇත්නම් ඊට විරුද්ධව එය පරාජය කරන ලෙසත්, එසේ නොකොට පාර්ලිමේන්තුව කඩා කප්පල් කිරීමට කටයුතු කරන්නේ නම් එයින් පෙනී යන්නේ රාජපක්ෂවාදීන්ට බහුතරයක් නොමැති බවත් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා (21) දින පැවසීය.
සිරා + මරා, මාධ්‍ය නිදහසට හා ජනමාධ්‍යවේදින්ගේ ආරක්ෂාවට තර්ජනයක් - IFJ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාලයේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදින්ට සිදු වූ අකටයුතුකම් සම්බන්ධයෙන් ප්‍රධාන විමර්ශන රැසක් සිදු කළ පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට ගිය අමෙරිකානු ඩොලර් මිලියන 150ක් වටිනා තිරසාර සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදි වටිනාකම්වල සහ දේශපාලන ක්ෂේත්‍රයේ අර්බුද හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
සිරිසේන විනාශ කළේ හොඳට තිබුණු රට.! - මහ බැංකුවත් කියයි
2016 වසර හා සන්සන්දනය කරන විට මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික, ව්‍යාපාර පරිසරය හා සමාජ ආර්ථික යටිතල පහසුකම් සැළකිය යුතු මට්ටමින් වැඩිදියුණු වී ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකාවේ සෞභෘග්‍යය මැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා සමෘද්ධි දර්ශකය අනුව මෙම තොරතුරු වාර්තා වී තිබෙනවා.
දයාබර කරු ජයසූරිය වෙත ලියමි..
තවත් අවුරුදු 5 ක් බලයේ රැඳී සිටීමේ පරමාර්ථයෙන් සිදු කරන අනුවණ හා පිළිකුල් සහගත ක්‍රියාවන් නිසා “අයියෝ සිරිසේනට“ පින් සිදුවෙන්න මේ පාරාදීසය එක අර්බුදයකින් තවත් අර්බුදයකට යන අතරතුරේදී ඔබ ද ලිපි හා ප්‍රකාශ නිකුත් කරමින් කාර්ය බහුල වන මොහොතක මම ඔබට ලියන්න සිතුවෙමි.
ගේම් එපා ! ප්‍රජාතන්ත්‍රවාදී භාරකාර ආණ්ඩුවකට යනු !!
ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ සියලු පක්ෂ හා කණ්ඩායම්වලට `එක අරමුණක් වෙනුවෙන් එක පෙරමුණක්` නිර්මාණය කරන ලෙස තමන් බලකරන බවත්, එම ඉල්ලීම මුල් කොටගෙන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව`දිදුලන හදවත` සංවිධානය ප්‍රකාශ කරයි.
මහින්දට අභියෝගයක්.. හැකිනම් විශ්වාසභංගයට එරෙහිව යෝජනාවක් ගෙනෙනු !
මහින්ද රාජපක්ෂට එරෙහිව දෙවරක්ම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව හමුවේ සම්මතව තිබුණත් එය පිළිගැනීමට නොහැකිනම් හෙට (19) ඊට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කර සම්මතකර පෙන්වන ලෙස ඔහුට අභියෝග කරන බව එජාපයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.
අපි කිව්ව හරි, සිරිසේනගේ සර්වපාක්ෂික සමුළුවත් කුප්ප වැඩක්
සිරිසේන ජනපති විසින් අද සවස් වරුවේ කැදවා තිබුණ සර්ව පාක්ෂික සමුළුවත් සිරිසේනගේ හිතුවක්කාර මෝඩ කතන්දර අසා සිටීමෙන් පසුව කිසිදු වැද්ගත් කමකින් තොරව අවසන් වී ඇත.
ශ්‍රී ලංකාව නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති නිසි පරිදි ක්‍රියාවට නැංවීම සිදු නොකළහොත් ශ්‍රී ලංකාව හා අමෙරිකා එක්සත් ජනපදය අතර දැනට පවත්වාගෙන යන හා අනාගතයේදී සිදු කිරීමට නියමිත සියලු ආරක්ෂක ව්‍යාපෘති නවතා දැමීමට හැකි බව අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා.
කාලා හමාරයි....රටම බංකොලොත් ! - මුදල් අමාත්‍යංශ ලේකම් කියයි
රාජ්‍ය භාණ්ඩාගාරය මේ වන විටත් මුදල් නොමැති වීම හේතුවෙන් අසරණ තත්වයට පත් වී තිබෙනවා. මුදල් අමාත්‍යංශ ජ්‍යේෂ්ඨ නිළධාරියෙක් පැවසුවේ මේ වසර අවසානය වනතෙක් සිදු කිරීමට තිබෙන ව්‍යපෘති අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා අරමුදල් නොමැති වීමෙන් රටේ සංවර්ධන වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි.
