කුමන්ත්‍රණ ආණ්ඩුවේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලෙස කටයුතු කරන විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

මතයක් තිබුණ, මහින්ද මහත්තයා ආපු ගමන් ආර්ථිකය විජ්ජාවෙන් වගේ ගොඩ යනවා කියලා. දැන් හම්බන්තොට වරාය ජනසතු කරාද අප්පච්චි? හම්බන්තොට වරාය දැන් ජනසතු කරලද අප්පච්චි? කියල අපි අහනවා.

සිරිසේන ජනාධිපතිවරයා සමඟ අද සවස පැවැති සාකච්ඡාවේදී පවතින දේශපාලන අර්බුධ සමබන්ධයෙන් ස්ථිර සාර විසඳුමක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා කතානායක වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර විසඳුමක් ඉදිරිපත් කරන බව කතානායක වරයා පවසා ඇත.

අද දින (29) හොර අගමැතිවරයා වෙනුවෙන් රජයේ මුදල් යොදා ගැනීම තහනම් කරමින් පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත වූවා සේ හෙට දිනයේදී හොර ඇමැති මණ්ඩලයේ වැය ශීර්ෂයන් කපා හැරීමේ යෝජනාව ද ජය ගන්නා බව එජාපය පවසයි.

වසීම් තාජුදීන් ඝාතනය සිදු වූ අවස්ථාවේ එම ස්ථානයෙන් ගමන් ගත් පුද්ගලයින් සහ වාහන පිළිබඳව චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ තොරතුරු ලබාගැනීම සඳහා  අමරිකාවේ අභ්‍යවකාශ පර් යේෂණ ආයතනය වන නාසා (NASA) ආයතනයේන් කරුණු විමසීමක් සිදු කර ඇති බව පොලීසිය අද(29) අධිකරණයට දැනුම් දුන්නේය.

පසුගිය නොවැම්බර් 05 වැනිදා ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අල්ලස් ලබා දීමට තැත් කිරීම සම්බන්ධ පැමිණිල්ල සම්බන්ධයෙන් එම ආයතනය ඊයේ සවිස්තරාමක ප්‍රකාශයක් කොමිසම වෙත ලබා දුන්නා.

ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලනිපයේ ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායමේ මුලිකත්වයෙන් ඉදිරි මැතිවරණවලට මුහුණ දීම සඳහා ඉතිහාසයේ දැවැන්තම දේශපාලන සන්ධානය නිර්මාණය කිරීමේ කටයුත්ත ලහි ලහියේ සිදු වෙමින් පවතී.

ඔක්තොර්බර් 26 වන දින සිරිසේන ජනධිපතිවරයා විසින් ආණ්ඩුවේ බලය නිති විරෝධීව රාජපක්ෂවරුන්ට පැවැරීමෙන් පසුව තොරතුරු දැනගැනීම සඳහා ජනතාව සතුව තිබු අයිතියද අහෝසි වෙන ලකුණු පහල වෙමින් තිබෙන බව ප්‍රකට මාධ්‍ය විශ්ලේෂකයකු වන නාලක ගුණවර්ධන මහතා ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

චීනය ශ්‍රී ලංකාවට සිදු කළ දේ පිලිපීනයට සිදු කළ නොහැකි බව ෆෝබ්ස් සඟරාව වාර්තා කර තිබේ. ලෝකයේ ප්‍රධාන මුහුදු බලකොටු අල්ලා ගැනීමේ “ණය උගුල“ ට පිලිපීනය යොදා ගැනීමට නොහැකි වන්නේ පිලිපීන ආර්ථිකය, ශ්‍රී ලංකා ආර්ථිකය හා කිසිසේත් සමපාත නොවන බැවින් බව එම පුවත් සේවයට ලිපියක් ලියමින් මහාචාර්ය Panos Mourdoukoutas සඳහන් කරයි.

අද උදෑසන සිරිසේන ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස හොර අගමැති මහින්දව මුණ ගැහුණු ශ්‍රීලනිප මන්ත්‍රීවරු 15 දෙනෙකු අගමැතිධුරයෙන් වහා ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබේ. මෙම හමුව අද උදෑසන මහින්දගේ විජේරාම මාවතේ නිවසේදී සිදුවී ඇත.

Connet With Us