පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 122දෙනෙක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ක්වෝ වොරොන්ටෝ රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචානාධිකරණය අද තීරණයක් ලබා දුන්නා. ඒ අනුව අභියාචනාධිකරණය විසින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ඇමති මණ්ඩලයට සිය තනතුරු දැරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය ඔස්ට්‍රේලියාවේ වයිට්ලම් රජය විසුරුවා හැරීමේ සිදුවීම සමඟ සන්සන්දනය කිරීමේ දී තත්වය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා විධායක ජනාධිපතිවරයාට ඇති බලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව බරපතල වැරදි අවබෝධයක් පවතින බව පෙනී යන කරුණකි.

Comments on the Comparison of the Present Constitutional Question with the Dismissal of the Whitlam Government in Australia

සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාගයේ තීන්දුව ලබා දිමට නියමිත 07 වෙනිදා ඒ පරිශ්‍රය අසල කළබලකාරී වාතාවරණයක් ඇති කිරීමට රාජපක්ෂවාදින් උත්සහ කරමින් සිටින බව දැන ගැනීමට තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ රාජපක්ෂ කල්ලියේ නියෝජිතයන් පිරිසක් මේ වෙනුවෙන් පිරිස් සංවිධානය කරමින් තිබේ. ඒ අතර නීතිවේදීන්ද සිටීම විශේෂ තත්වයකි.

දඹර අමිල හිමිට ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මාසික ව‍ැටුපක් ලෙස රු 95,000 ක මුදලක් වසර කිහිපයක් පුරා ගෙවා ඇති බවට රාජපක්ෂ බයි වහලුන් විසින් ගෙන යන ප්‍රචාරය පට්ටපල් බොරුවක් බව හෙළිවේ.

අද 2018 දෙසැම්බර් 01වැනිදාය. ලෝක ඒඩ්ස් දිනය ලෙස නම් කර ඇති සුවිශේෂී දිනයක් ලෙස ද  අද දිනය හැඳින්විය හැකිය. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් අතුරින් දකුණු ආසියාවේ පැරණිතම රාජ්‍යය වන ශ්‍රී ලංකාවේ මුල් පුරවැසියා මේ දිනවල දරුණු සමාජ රෝගයකින් පෙළෙමින් සිටින්නේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මාසික රැස්වීම ඊයේ (30) දහවල් එම සභාවේ සාමාජිකයින් සහභාගීත්වයෙන් පවත්වන අතර තුරේදී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා විසින් වෛද්‍ය සභාවේ සාමාජික ජාතික ළමාරක්ෂක අධිකාරියේ ප්‍රථම සභාපතිවරයා වූ මහාචාර්ය හරේන් ද සිල්වා මහතාට තිත්ත කුණුහරුපෙන් බැණ වැදි පහරදීමට දැඩි උත්සහයක් දරා ඇත.

ඕනෑම රටක සිවිල් සමාජ ව්‍යාපාරයන් යනු ජනතාවගේ පොදු වුවමනාවන් , ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය ආදීය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ඇති ජනතාව විසින් ස්වෙච්ඡාවෙන් ගොඩානඟා ගන්නා සංවිධානයන්ය. පොදු වුවමනාවක් වෙනුවෙන් ඒ මොහොතේ විධිමත්ව හෝ නොවිධිමත්ව මේ ජනතා ඒකරාශීවීම් ගොඩනැගේ.

පැණිබීම සදහා පනවා තිබූ බදු පහත හෙළීමට මහින්ද රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණය ගැන අසා තමන් කම්පාවට පත් වූ බව හිටපු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

සිරිසේන ජනාධිපතිවරයා විසින් ඇතිකළ දේශපාලන කුමන්ත්‍රණයේ සැබෑ හේතුව දැන් පැහැදිලි වෙමින් තිබේ. තවත් වාරයක් තමන්ට ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමේ බල තන්හාව මීට නිමිත්ත වී තිබේ. 2020 ජනාධිපතිවරණයට එජාපයෙන් අපෙක්ෂකයකු ඉදිරිපත් කරන බව මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ තීරණය වී තිබීම මත සිරිසේන සිදු කළේ තමන්ව පොදු අපෙක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ජයග්‍රහණය කරවා දෙනවා නම් අගමැතිධුරය මහින්දට දෙන්නම් කියන එකය.

Connet With Us