විනිසුරුවරු බිය ගැන්වීමට 07 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය වැටලෑමේ සූදානමක්. Featured

Published in පුවත්
Monday, 03 December 2018 12:19

සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාගයේ තීන්දුව ලබා දිමට නියමිත 07 වෙනිදා ඒ පරිශ්‍රය අසල කළබලකාරී වාතාවරණයක් ඇති කිරීමට රාජපක්ෂවාදින් උත්සහ කරමින් සිටින බව දැන ගැනීමට තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ රාජපක්ෂ කල්ලියේ නියෝජිතයන් පිරිසක් මේ වෙනුවෙන් පිරිස් සංවිධානය කරමින් තිබේ. ඒ අතර නීතිවේදීන්ද සිටීම විශේෂ තත්වයකි.

මෙම නඩු තීන්දුව ජනාධිපතිවරයාගේ තීන්දුව නිවැරදි නොවන බවට කරුණු දක්වමින් ප්‍රකාශයට පත් වෙනු ඇති බව නීතික්ෂේත්‍රයේ ප්‍රබල මතයක් ඇතිව තිබේ. මේ අනුව තීන්දුව ප්‍රකාශයට පත් වුවහොත් එය ජනාධිපතිවරයාගේ මෙන්ම මහින්ද රාජපක්ෂ නඩයේද දරුණු දේශපාලන පරාජයක් වීම වැලැක්විය හැකි නොවේ.

මේ අතර ඊයේ මහින්ද රාජපක්ෂ මෙම අධිකරණ කටයුත්ත සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයද අධිකරණය වෙත එල්ල කළ දැඩි බලපෑමක් බවට නිති ක්ෂෙත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. අධිකරණ විනිසුරුවන්ට නීති ඉගැන්වීමට මෙන් මෙම නිවේදනය නිකුත් කර තිබේ. එමෙන්ම මෙරටේ නීතියට අදාල නොවන කරුණු කාරණා රැසක් ගැන කතා කරමින් ඒ රටවල් වල එසේ වූවා නඒ මේ රටේත් මෙහෙම විය යුතු යැයි කියමින් අධිකරණ විනිසුරුවන්ට අනතුරු හැඟවීමක්ද සිදු කර ඇත.

එමෙන්ම වාසුදේව නානායක්කාර මහතා මෙන්ම රාජපක්ෂ කණ්ඩායමේ කිහිප දෙනෙකුම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වූවත් තමන් ආණ්ඩුව දිගටම කරගෙන යන බවට අධිකරණයට තර්ජනයක්ද එය පහත් කොට කතා කිරීමක්ද සිදු කර ඇත. රාජපක්ෂ වාදී කොටස් ලවා රටේ තැනි තැන අධිකරණ ක්‍රිමාර්ගයට බලපෑමක් එල්ල කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ යුතු බවට උද්ඝෝෂණ පවත්වමින්ද තිබේ. එසේම ඊයෙ රාත්‍රියේ රට පුරා පොස්ටර් ව්‍යාපාරයක් දියත් කරමින් අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවැරදි බවට ප්‍රකාශයට පත් කරන ලෙස බලපෑමක් කර ඇත.

මේ අනුව එළඹෙන 07 වන දින අධිකරණ පරිශ්‍රයට රාජපක්ෂ වාදී හෙංචයියන් ගෙන්වා විනිසුරුවරුන්ට ජනතාවගේ තීන්දුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවට දැඩි බලපෑමක් එල්ල කිරීමට නියමිතය.

කෙසේ නමුත් මෙම නඩු තීන්දුව මෙරට දේශපාලන ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් වන අතරම ජාත්‍යන්තර මටමින් මේ තීන්දුව කෙරෙහි දැඩි අවධානයක්ද යොමුව පවතී.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us