දඹර අමිල හිමිට ලිට්‍රෝ සමාගමෙන් වැ‍ටුප් ගෙවා නැත ! බයියන්ගේ තවත් බොරුවක් අතේ පත්තු වෙයි.

Published in පුවත්
Saturday, 01 December 2018 20:35

දඹර අමිල හිමිට ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මාසික ව‍ැටුපක් ලෙස රු 95,000 ක මුදලක් වසර කිහිපයක් පුරා ගෙවා ඇති බවට රාජපක්ෂ බයි වහලුන් විසින් ගෙන යන ප්‍රචාරය පට්ටපල් බොරුවක් බව හෙළිවේ.

තමන්ගේ සමාජ සත්කාරක කටයුත්තක් වෙනුවෙන් ලිට්‍රෝ ගෑස් සමාගමේ සමාජ සත්කාරක අරමුදලෙන් අනුග්‍රාහකත්වය ඉල්ලා තමන් ලිඛිතව ඉල්ලා යැව් බවත් එම ඉල්ලීමට එම සමාගමේ පාලනාධිකාරිය විසින් අනුමත කර එම රු 95,000 ක මුදල ලබා දිම සිදු කළ බවත් අමිල හිමි පවසයි. එම මුදලින් ඉ‍ටු කළෙ මොනවාද යන්න ගැන ලිඛිතව ගනන් හිලව් ඇතිව එම සමාගමට දැන්වීමත් ඊට අදාල විඩියෝ පටයට එම සමාගමට ලබා දීමත් සිදුකර ඇති බවත් අමිල හිමි පෙන්වා දෙයි. යම් වරද්දක්, මුදල් අවභාවිතාවක් සිදුව ඇත් නම් දැන් මහින්ද රාජපක්ෂගේ කුමන්ත්‍රණ ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර දඬුවම් ලබා දිමට හැකි බවත් හැකි නම් එසේ කර පෙන්වන ලෙසත් අමිල හිමි අවධාරණය කරයි.

රාජපක්ෂලාගේ බංකොලොත් දේශපාලනය තමන්ට අභියෝගයක් වන තැනැත්තන්ට මඩ ගැසීම හෝ මරා දැමීම සිදු කරනවා මිසක් මතවාදීව පිළිතුරු දිය නොහැකිකම මෙම සිදු වීමෙනුත් ඔප්පුවන කාරණයයි.

රාජපක්ෂලා එම මජර දශකය තුල රාජපක්ෂ වාදී කසාවත්ධාරීන්ට මිලියන් ගනනින් මුදල්, සුඛෝපගෝගී යාන වාහන මන්දිර පමණක් නොව ස්ත්‍රී ශරීර පවා ලබා දෙමින් කටයුතු කළ බවත් රහසක් නොවේ. එසේ මෙල්ල කර ගත් නොහැකි නම් පිස්තොල පෙන්වා භික්ෂූන්ව නිහඬ කිරීමත් ඒකාලයේ සිදු විය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us