දොස්තර පාදෙණියගේ රාජපක්ෂ කල්ලිය වෛද්‍ය සභාවේ යකා නටලා. මහාචාර්ය හරේන් ද සිල්වාට පහර දෙයි.

Published in පුවත්
Saturday, 01 December 2018 16:54

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මාසික රැස්වීම ඊයේ (30) දහවල් එම සභාවේ සාමාජිකයින් සහභාගීත්වයෙන් පවත්වන අතර තුරේදී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා විසින් වෛද්‍ය සභාවේ සාමාජික ජාතික ළමාරක්ෂක අධිකාරියේ ප්‍රථම සභාපතිවරයා වූ මහාචාර්ය හරේන් ද සිල්වා මහතාට තිත්ත කුණුහරුපෙන් බැණ වැදි පහරදීමට දැඩි උත්සහයක් දරා ඇත.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත්කරන ලද කමිටුවක් අහෝසි කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ නිළධාරීන් මෙම ගැටුමට මුලපුරා ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතාට මෙම කමිටුවක් අහෝසි කරන ලෙස ඉල්ලමින් ලිපි දෙකක් යොමුකර ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ නිළධාරීන් පවසා ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා වෛද්‍ය පාදෙනිය විසින් ප්‍රකාශ කර ඇත්තේ තම සංගමයේ ඉල්ලීම මත ඉහත කමිටුව විසිරුවා හරින ලද බවය.

එහෙත් මෙම කමිටුව පත් කරන ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය වරයාගෙන් එවකට වෛද්‍ය සභාව විසින් ඉල්ලීමක් ඇති බව එම සාමාජිකයන් පෙන්වා දී ඇති අතර පාදෙනිය එම ප්‍රකාශයට වෛද්‍ය සභාවේ සියළු ම සාමාජිකයින් සිය විරෝධය පලකර ඇත. ඉන් කෝපයට පත් වෛද්‍ය නවීන්ද සොයිසා විසින් මහාචාර්ය හරේන් ද සිල්වා මහතාට බැනවැදි පහරදීමට ද සූදානම් වී ඇති අතර වෛද්‍ය සභාවේ උප සභාපතිනියගේ හා අනෙකුත් සාමාජිකයින්ගේ මැදිහත්වී මහාචාර්යවරයා පහර කෑමෙන් බේරාගෙන තිබේ. එහි දී ඉන් පිටව ගිය සාමාජිකයින් පවසා ඇත්තේ මෙවැනි හැසිරීමක් වෛද්‍ය සභාව තුල කිසිදු දිනක සිදු නොවී ඇති බවත් අඩු උනේ මිරිස්කුඩු බවත්ය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා වශයෙන් පත් කර තිබෙන වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මෙම අවස්ථාවට සහභාගී වී නැති අතර වෛද්‍ය සභාවේ උපසභාපතිනිය විසින් දැනුම් දී ඇත්තේ නව සභාපතිවරයා විසින් එම තනතුර ප්‍රතික්ෂේප කර ඇති බවයි.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති චමල් රාජපක්‍ෂ පසුගිහ දා වසර 5 ක් සදහා බලපැවැත්වෙන පරිදි වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත් කිරීම සිදුකර ඇත.

එම පත්වීම් ලිපිය වෛද්‍ය නවීන්ද සොයිසා විසින් රැගෙණ විත් තිබූ අතර එහිදී වෛද්‍ය සභාවට මෙම පත්කිරීම සිදුකර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංගමයේ උවමනාවට බව උලුප්පා පෙන්වීමට උත්සාහ කර ඇති බවට වාර්තා වේ.

එහි දී වෛද්‍ය සභාවේ සාමාජිකයින් පවසා ඇත්තේ මෙය දේශපාලන අතපෙවීමක් බවත් මෙවැනි ක්‍රියාවත් ඉතිහාසයේ කිසිදු දිනක වෛද්‍ය සභාව තුල සිදුව නොමැති බවත් ඒ අනුව වෛද්‍ය පාලිත අබේකෝන් මහතා අපහසුතාවයට ලක්කර ඇති බවත් මෙම තණතුර භාර නොගැනීමට මෙය එක හේතුවක් බවත් පෙන්වා දී ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us