මහින්ද මිනිස්සු මරන්න හදන්නේ සීනී වලින්

Published in පුවත්
Saturday, 01 December 2018 12:55

පැණිබීම සදහා පනවා තිබූ බදු පහත හෙළීමට මහින්ද රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණය ගැන අසා තමන් කම්පාවට පත් වූ බව හිටපු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලින් සියයට 70 ක් සිදු වන්නේ බෝනොවන රෝග වලින්. එහි ප්‍රධාන රෝගයක් වන්නේ දියවැඩියාවයි. දියවැඩියාව, අංශභාගය, හදවත් රෝග වැඩි වශයෙන් සීනි පරිභෝජනය කිරිම නිසා ඇති වන රෝග වෙයි. දැනට දිවයින පුරා ජනගහනයෙන් සියයට 10 ක් පමණ දියවැඩියා රෝගයට ගොදුරුව සිටිති. තවත් සියයට 20 ක් පමණ එම රෝගයට ගොදුරුවීමේ අවධානමකට මුහුණ දී ඇත. පසුගිය වසර තුනහමාර තුල රජය විසින් දුම්කොළ පනත, ඖෂධ පනත, පැණි බීම සදහා වර්ණ සංකේත ක්‍රමය ඇති කිරීම, සුවදිවි සහ සුවනාරි මධ්‍යස්ථාන 1500 කට වැඩි සංඛ්‍යාවක් ස්ථාපිත කිරීම තුලින් ජනතාව බෝනොවන රෝග වලින් මුදා ගැනීමට කටයුතු කිරිම ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඇගයීමට ලක් කර ඇත. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ දියුණුව ලෝක ප්‍රජාවම ඇගයීමට ලක් කර තිබේ.

දේශප්‍රේමය කරපින්නා ගත් මහින්ද රාජපක්ෂ මහතා බහු ජාතික පැණිබීම සමාගම් වලට යට වී ජනතාව බිලිදීමට ගත් තීරණය හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මම පිළිකුලෙන් හෙළා දකිමි. 2015 ජනාධිපතිවරණ සමයේ දී වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේ කළ ප්‍රකාශයක් මට මෙහිදී සිහියට නැගෙයි. දුම්වැට් භාවිතය අවම කිරිම සදහා සිගරට් පැකට් වල සියයට 80 ක රූපමය අවවාද සටහන් කිරීමේ තීරණය ඉදිරිපත් කළ අවස්ථාවේ දී එවකට ජනාධිපතිවරයා ලෙස සිටි මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගේ පැත්ත නොගෙන දුම්කොළ සමාගමේ පැත්ත ගත් බව වත්මන් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදි. එම නිසා සිගරට් පැකට් තුල රූපමය අවවාද සටහන් කිරීමට සිදු වුයේ සියයට 60 කි. දේශප්‍රේමය ගැන කථා කරන මෙවැනි පුද්ගලයින් දුම්කොළ සමාගම් පැණිබීම සමාගම් වලට යටවී ජනතාව පාවා දීම බරපතල ගැටලුවකි. වඩාත් අවාසනාවන්ත කරුණ නම් මෙම සෞඛ්‍ය ගැටලු හොදින් දන්නා ඇතැම් වෛද්‍ය සංගම් ද තීරණය පිටුපස සිටීමයි. බහු ජාතික සමාගම් ගැන නොසිතා, ජනතාව ගැන සිතා පැණිබීම සදහා පනවා තිබූ බදු පහත හෙළිමට ගත් තීරණය දෙස යළි අවධානය යොමු කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතාගෙන් මම ඉල්ලා සිටිමි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us