සිරිසේනට පිස්සු. පිටරකට හරි ගෙනහින් වෙදකමක් කරගන්න..ජයන්තිට හිරුණිකාගෙන් ඉල්ලීමක් Featured

Published in පුවත්
Friday, 30 November 2018 14:09

සිරිසේන ජනාධිපතිවරයා කිසියම් මනෝ විකෘති තත්ත්වයකින් පසුවෙන

බව ස්ථිර වත් මොහු ලංකාවේ නොහැකි නම් විදේශ රටකට හොරෙන් හෝ 

කැඳවාගෙන ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ජයන්ති සිරිසේන 

මහත්මියගෙන් ඉල්ලා සිටින බවත් අද පාර්ලිමේන්තුව හමුවේ  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය. 

එහි දී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

මහාචාර්යවරුන් තිදෙනෙකු විසින් තීරණය කළ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව
අමාත්‍යංශ විෂය පථයයන් බෙදා වෙන් කිරීමට විරුද්ධ වීම, ඊ.ටි.අයි ආයතනය
වෙන්දේසි කිරීමේදී දේශීය ආයෝජකයෙකු හට අවස්ථාව නොදී සිංගප්පූරු
ආයෝජකයෙකු හට එය ලබාදීමට උත්සාහ කිරීම. බැඳුම්කර සිද්ධිය හා
ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය යනු කරුණු නිසා ප්‍රධාන වශයෙන් තමාට
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සමඟ උරණවීමට සිදුවූ බව සිරිසේන
ජනාධිපතිවරයා පසුගියදා විදේශීය මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළ බැව්
පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ (29) අරලියගහ
මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය. එසේ නම් පසුගියදා ඊනියා
හොර ආණ්ඩුවේ හොර කැබිනට්ටුව තුන් හතර වතාවකට දිවුරුම් දුන්නේ
මහාචාර්යවරුන් විසින් බෙදා වෙන් කළ විෂය පථයකට අනුව දැයි ප්‍රශ්න කළ
මන්ත්‍රිතුමිය ඊ.ටී.අයි. ආයතනය වැනි පෞද්ගලික සමාගමක් වෙන්දේසී
කිරීමේදී රජය ඊට මැදිහත් වන්නේ කුමන පදනමක් මතදැයි ප්‍රශ්න කළාය.
ඩොලර් මිලියන 75 ක් වැය කොට ඊ.ටී.අයි ආයතනය මිළදී ගැනීමට නැති
දේශීය ආයෝජකයා කවුරුන්දැයි හෙළි කරන ලෙස තමා ජනාධිපතිවරයාගෙන්
ඉල්ලා සිටින බැව්ද මන්ත්‍රීවරිය වැඩිදුරටත් ප්‍රශ්න කළාය.

තවදුරටත් අදහස් දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරිය

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කොමිසමක් පත් කළා. එහි
වාර්තාව ජනාධිපතිවරයා ලඟ තබාගෙන සිටිනවා. එමගින් රනිල් වික්‍රමසිංහ
මහතා වැරදිකරුවෙකු කොට තිබේදැයි මම අහන්න කැමතියි. දැන් එය ප්‍රසිද්ධ
කරන්න පුළුවන්. ඇයි එසේ කරන්නේ නැත්තේ. ජනාධිපති ඝාතන
කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් වැටුප් ලබාගන්නා
නිකම්ම නිකමෙකුගේ ප්‍රකාශයකට රටපුරා ඉමහත් ප්‍රසිද්ධියක් ලබාදුන්නා. දැන්
නීතිය හා සාමය භාර ඇමතිවරයා හැටියට පොලිස්පතිවරයා අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කොට වහාම ඒ ගැන පරීක්ෂා කරවා
වැරදි කාරයන්ට දඬුවම් දෙන්න පුළුවන්. ඇයි එහෙම නොකරන්නේ,
පාර්ලිමේන්තුවේ කැන්ටිමේදී මන්ත්‍රීවරුන්ගේ කරට අතදමාගෙන සම්මත
කරගත් 19 සංශෝධනයේ අඩංගු කරුණු තමා විසින්ම උල්ලංගණය කරන්නේ
ඇයි. මේ ජනාධිපතිවරයා පිළිබඳ අපිට හරි පුදුමයි. මොහුගේ ප්‍රකාශ
එකිනෙකට පරස්පරයි. මොහු කිසියම් මනෝ විකෘති තත්ත්වයකින් පසුවෙන
බව ස්ථිරයි. මොහු ලංකාවේ නොහැකි නම් විදේශ රටකට හොරෙන් හෝ
කැඳවාගෙන ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ජයන්ති සිරිසේන
මහත්මියගෙන් ඉල්ලා සිටිනවා. මේක මොහුගේ පවුලේ ප්‍රශ්නයක් නොවෙයි.
මේ තත්වය මුළු මහත් රටේම මුළු මහත් ජනාතාවගේම ඉරණම තීරණය
කරන ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙන්නේ.

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us