මහින්ද ඉල්ලා අස්වීමට සූදානම්.. රනිල් අගමැති ලෙස දිවුරුම්දීමට සූදානම් ! Featured

Published in පුවත්
Friday, 30 November 2018 14:44

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තමා සුදානම් යැයි මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ. තමා ඉල්ලා අස් වන නිසා අග්‍රාමාත්‍ය ධූරය භාර ගන්නා ලෙසට ද මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ බව දැනුම් දී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ දී අද (30) හදිසියේම මුහුණට මුහණ හමුවූ අවස්ථාවේදීය.

එහිදී එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කියා තිබෙන්නේ එසේ ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති අතර ජනාධිපතිවරයා සිය කණඩායමේ බහුතරය පිළි ගෙන ධූරයෙන් පහ කරන තුරු අගමැතිකමේ රැදී සිටින ලෙසය.

ඒ සඳහා ඔබට අයිතියක් තිබෙන බව ද,අග්‍රාමාත්‍ය ධූරයෙන් ඔබව පහ කළ යුත්තේ ඊට ඔබව පත් කරනු ලැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ම බව ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මහින්ද රාජපක්ෂ මහතා හමුවේ පෙන්වා දී ඇත.

එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද සවස රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඇමැති මණ්ඩලය පත් කිරීමට ජනාධිපති සිරිසේන විසින් කටයුතු සම්පාදනය කරනු ඇති බවය. ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂ නායකයන්  සවස 7 ට විශේෂ සාකච්ඡාවක නිරත වීමටද නියමිතය. නව ආණ්ඩුවේ ඇමැති මණ්ඩලයද මේ වනවිට සකස්කර අවසන් බව ද පැවසේ. ජනාධිපතිවරයාට එරෙහිව දොෂාභියෝග යෝජනාවක් ගෙන එමට පසුගිය දිනවලදි එක්සත් ජාතික පක්ෂය සුදානම් වී තිබූ අතර ඊට අවශ්‍ය සියලු කාරණා සම්පුර්ණවී තිබිණි. අද ජනාධිපතිවරයා සමඟ වන සාකච්ඡාවේදී මෙම යෝජනාව ඉදිරිපත් නොකර සිටීමට කරන ඉල්ලීමක් ද අඩංගු බව එජපයේ ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහි‍ටු වීම සඳහා දෙමළ ජාතික සන්ධනයේද සහය ලැබිමට නියමිතව ඇති අතර ඒ අනුව රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව තුල 117 ක බහුතරයක විශ්වාසය දිනාගත් මන්ත්‍රීවරයා බවට මේ වන විටත් අවශ්‍ය පණිවිඩය ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බවත් එජාප ආරංචි මාර්ග පවසයි.

Last modified on Friday, 30 November 2018 14:56

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us