දේශපාලුවන්ගෙන් යැපෙන ඊනියා සිවිල් සමාජ විගඩම.. Featured

Saturday, 01 December 2018 14:21

ඕනෑම රටක සිවිල් සමාජ ව්‍යාපාරයන් යනු ජනතාවගේ පොදු වුවමනාවන් , ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය ආදීය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ඇති ජනතාව විසින් ස්වෙච්ඡාවෙන් ගොඩානඟා ගන්නා සංවිධානයන්ය. පොදු වුවමනාවක් වෙනුවෙන් ඒ මොහොතේ විධිමත්ව හෝ නොවිධිමත්ව මේ ජනතා ඒකරාශීවීම් ගොඩනැගේ.

මේ සිවිල් සමාජ ව්‍යාපාරයන් ගොඩනැගීම හොඳ දෙයකි. රජයකට බලපෑමක් එල්ල කිරීම සඳහා මෙවැනි ව්‍යාපාරයන් අවශ්‍යය. එමෙන්ම අරමුණ ජය ගත් විට මේවා විසර යෑම ද සාමාන්‍ය දෙයකි.

එහෙත් ඇත්ත ජනතා වුවමනාවන් වෙනුවෙන් සිවිල් සමාජ ව්‍යාපාරයන් ගොඩ නැගීමට නම් දේශපාලන ආර්ථික සමාජීය හා සංස්කෘතිකව අවධිමත් සංවේදී ජනතාවක් රටක සිටිය යුතුය. රාජ්‍යය පවත්වගෙන යා යුත්තේ ජනතාවගේ වුවමණාවන් පූර්ණ කිරීමට බවත් ඒ වෙනුවෙන් මහජන නියෝජිතයන්ගෙන් සැදුම් ලත් ආණ්ඩුවක් පැවැතිය යුත්තේ ඒ කාර්යය සම්පුර්ණ කිරීමට බවත් අවබෝධයක් ඇති ජනතාවක් සිටිය යුතුය.

පසුගිය දශක කිහිපය තුල මේ රටේ අත් දැකීම් අනුව පළමු ප්‍රශ්නය ඇත්තේ මේ රටේ ' ජනතාව' සම්බන්ධයෙනි. මේ රට පිලිගත් අණ්ඩුක්‍රමය මැතිවරණ /නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් බව රටේ ජනතාවගෙන් බහුතරයක් නොදන්නා බව ටක්කෙටම කිව හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ පැවැත්වීමය කියන කාරණවට වඩා දෙයක් නොවන බව මේ බහුතරයේ විශ්වාසයයි. එවැනි ජනතාවක් අතරින් සිවිල් සමාජ ව්‍යාපාරයන් බිහිවීම ආගන්තුක දෙයකි. යම් ජන කණ්ඩායමක් එවැනි ව්‍යාපාරයන් ගොඩ නැගූවද , මේ කතා කරන්නේ තමන්ගේ ප්‍රශ්නය බවත් ඊට සහයෝගය පළ කළ යුතු බවත් හිතන මිනිස්සු අතිශය විරළය. යම් ලෙසකින් දිනා ගත් ජයග්‍රහණයන් තමන්ගේ වගේ පාවිච්චි කරන මිනිස්සු ඊට යළි බාධා පැමිණෙන විට එය යළි දිනා ගැනීම වෙනුවෙන් හෝ පෙනී සිටින්නේ නැත. එලෙසම ඒ අඩුපාඩුවට යළි චෝදනා කරන්නේ ගැරහීමට ලක් කරන්නේ ද අර මුලින් සටන් කළ සිවිල් සමාජ ව්‍යාපාරවලට අනුයුක්තව කටයුතු කළ මිනිස්සුන්ටමය. මේවා මේ රටේ සාමාන්‍ය දෙයකි. මේ නිසා ශ්‍රී ලංකාව වැනි නොදියුණු වගේ වගක් නැති ජනතාවක් වෙසෙන රටක ඇත්ත සිවිල් සමාජ ව්‍යාපාරයන් ගොඩ නැගීම අහඹු සිදුවීම් ලෙස සැලකිය හැකිය.

කෙසේ වෙත්ත පසුගිය දශක කිහිපය තුල දේශපාලනමය කරුණු කාරණා මත සිවිල් සමාජ ව්‍යාපාරයන් විශාල ප්‍රමාණයක් විටින් විට ගොඩ නැගී තිබේ. පොදු ජනතාවගේ ගැටලු පිළිබඳ සංවේදී ජනතාවක් වෙතින් මෙවා බිහි වෙනවා වෙනුවට සිදු වුයේ දැනුම් තේරුම් ඇති මිනිසුන් කිහිප දෙනෙකු එක් වී මොකක් හරි නමක් දමාගෙන මාධ්‍ය සාකච්ඡා,කුඩා හුදකළා උද්ඝෝෂණ, නිවේදන පත්‍රිකා යොදා ගනිමින් සිවිල් සමාජ ව්‍යාපාරය නම් මෙයැයි කියමින් කටයුතු කිරීමය. හතු පිපෙන්නක් මේන් එකවර එහෙම සංවිධාන රැසක් මේ රටේ බිහිව තිබේ. බොහො විට දකින්නට ලැබුණු දේ නම් මේ බොහො සංවිධාන වල තනතුරු තාන්නාන්තර වල වෙනස්කම් සහිතව හෝ එකම කණ්ඩායමක් පෙනී සිටීමය. වැඩි දුරටත් සොයා බැලීමේදී පෙනී යන දෙය නම් මේ සංවිධාන බොහොමයක් විදේශීය අරමුදල් වලින් හෝ දේශපාලකයන්ගේ මුදල් වලින් යැපෙන සංවිධාන බවය. ඇතැම් සංවිධානයක් ගොඩ නැගෙන්නේම ඩොලර් කුට්ටියක් අරමුණු කොට ගෙනය.

මැත කාලීන මේ රටේ ප්‍රකට වූ දුෂණ විරෝධී සංවිධාන , මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යැයි කියන සංවිධාන, මෙන්ම ජාතිය ආගම පදනම් කරගෙන බිහිවූ සංවිධාන සාතිශ්ය බහුතරය, ආදායම් මාර්ග වෙනුවෙන් බිහිව තිබෙන බව පැහැදිලි ඇත්තකි.

ඊළඟ කාරණය නම් මේ සංවිධාන ක්‍රියාකාරකම් හරහා තවත් පිරිසක් සිවිල් බලයක් සහිත මිනිසුන් බවට සමාජගත වීමයි. ඉන් පසුව ඔවුන් පොරවල්ය. තරුය. පසුව රාජ්‍ය ආයතනයක අධ්‍යක්ෂ , උපදෙශක ආදී තනතුරුවලද ඔවුන් වැජඹෙනු දකින්නට හැකිය. දැන් ඊයේ පෙරේදා සාමාජ ජාලාවල රාජ්‍ය ආයතන වල ගෙවීම් ලැබු පුද්ගලයන් කහකඩයන් ගැන නම් ලැයිස්තු පිටින් තොරතුරු පල විය. මේවා අලුත් දේ නොවේ. පසුගිය ආණ්ඩු තුන හතරක කාලයේ බැලුවොත් මෙවැනි ලැයිස්තු ඕනෑ තරම් සොයා ගත හැක. රජයේ ඇතැම් දූෂිත ගනු දෙනුවලටද මේ ඇතැමුන් සම්බන්ධ බවද හෙළිවිය. ඔවුන්ගේ ඇති දේශපාලන පක්ෂග්‍රාහීකම් හෙළි විය. උදාහරණයකට ගත හොත් මෙරටේ දූෂණ විරෝධී ලේබලය ගසා ගත් සංවිධානයක් රජයට සම්බන්ධ දූෂණ ලෙස හෙළිදරව් කළේම ඔවුන්ට දේශපාලනිකව හා පෞද්ගලිකව කෝන්තරයක් තිබෙන සිදුවීම සම්බන්ධයෙන් පමණි. මෙහි ප්‍රධානින් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හරහා අයුතු ලාබ ප්‍රයෝජන ලබාගත් බවත්. ඒ ඒ දේශපාලන කුමන්ත්‍රණ වෙනුවෙන් දුෂිත ක්‍රියාදාම වල නියැලුනු බවත් හෙළි විය, එහෙත් මේ අයට කිසිදු විලි ලැජ්ජාවක්ද නැත. තමන්ගේ දුෂිත ක්‍රියාදාමය හෙළිව තිබියදීත් තව අයෙකු දූෂිතයෙක් බව කියන්නට පැකිලිමක්ද ඔවුන්ට නැත.

මේ රටේ මජර දේශපාලනය විසින් සියල්ල කෙලසා ඇති විට මේ සිවිල් සමාජ ව්‍යාපාරයන්ද අමුතු ශුද්ධවන්ත බාවයන් පෙන්වන්නේ නැත. මේ සමාජ දේශපාලන ආර්ථික ක්‍රමයේම ප්‍රකාශයන් ලෙස එවා ක්‍රියාත්මක වෙයි.

ප්‍රශ්නය තිබෙන්නෙ රටේ පොදු මහ ජනතාවටද මේවා ගානක් නොමැති වීමයි. මේවාට එරෙහිව විවේචනයන්ද බොහෝ විටම ඉදිරිපත් වන්නේද තවත් දේශපාලන කඳවුරක කුලියට වැඩකරන සිවිල් සමාජ ව්‍යාපාරයන්ගෙන් හො ඒ පුද්ගලයන්ගෙන්මය. මේ නිසා මේ රටේ සිවිල් සමාජ ව්‍යාපාරයන් කියන්නෙ පට්ට පල් බොරුවකි. මේවායෙන් බොහොමයක්ම තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් පවත්වාගෙන සංවිධානයයන්ය. නැතිනම් ආණ්ඩුවේ තනතුරු තානතරු / කොන්ත්‍රාත් වෙනුවෙන් සිවිල් බලයක් ගොඩ නඟාගැනීම උදෙසාම ක්‍රියාත්මක වීමක් සිදුවෙයි. දේශපාලන පක්ෂ හා කණ්ඩායම්ද මේ සිවිල් සමාජ ව්‍යාපාර තමන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යොදා ගැනීමට විශේෂ ලැදියාවක් දැක්වීම නිසා මේ දෙගොල්ලොන්ගෙම අනොන්‍ය සහයොගය ඇතිව මේවා ක්‍රියාත්මක වෙයි. ඒ අවබෝධය කැඩුනු විට විරසක වීමද පසුගිය කාලයේ සිදු වූ හැටි දකින්නට තිබේ.

මේ සිවිල් සමාජ බොරුව මේ රටේ මජර දේශපාලනය සේම පරාජය කළ යුතුව තිබෙන දේශපාලන පිළිලයකි. එහෙත් ඒ සිදු කිරීමට මේ රටේ ' ජනතාව' කියන අර්ථයෙන් ජනතාවක් නැත. ඒ නිසා මේ විගඩම් තවත් චිරාත් කාලයක් පවතිනු ඇත.

Last modified on Saturday, 01 December 2018 14:50

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us