News Items (18842)
රටේ සංවර්ධනයට වියදම් කරන සෑම රුපියලකින්ම ආදායමක් ඉපැදවිය යුතුයි - චම්පික
වියදම් කරන හැම රුපියලකට වටිනා කමක් ලැබෙන ආදායමක් ලැබෙන ආර්ථිකයක් ගොඩනැගිම අපේ ප‍්‍රතිපත්තිය විය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි, . මේ නත්තල් පප්පලා වගේ බෙදාගෙන බෙදාගෙන යන්න නම් රටකට ආදායම් තිබිය යුතුයි. ආදායම් නැතිව ණයගැති උනහම, ඒ ණය ගෙවාගන්න බැරිව රටවල් බංකොලොත් වෙනවා.
දිලිත්ගේ ටොම් පච.. ' වට්සැප් හා වයිබර් අවුල් කරන ජෑමර් ලංකාවට '
දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීරට අයත් අරුණ නම් පත්තර පඩංගුවේ මුල් පිටුවේ “ වට්සැප් හා වයිබර් අවුල් කරන ජෑමර් එයි” නමින් පලවූ පුවතක් පලවී තිබූ අතර එම පුවතෙන් සදහන් වී තිබුනේ වට්සැප් හා වයිබර් හා අනෙකුත් සමාජ ජාල යෙදුම් හරහා යවන පණිවිඩ වලට සවන්දිය හැකි හා එම යෙදවුම් වල පණිවිඩ යැවීමේ සේවාව අඩපණ කිරීමේ හැකියාවක් ඇති උපකරණ වත්මන් රජය විසින් නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය හරහා මිලදී ගැනීමට සැරසෙන බවයි.
“මිනිසා ස්වභාවයෙන් සමාජ සත්වයෙකි”- ඇරිස්ටෝටල්
“මිනිස් සත්තු කියන්නේ සමාජ සත්තු. ඒගොල්ලෝ පුද්ගලයෝ නෙවෙයි”- ගෝඨාභය රාජපක්ෂ ‘වෝටර්ස් එජ්’ හිදී
රණ විරු ලේබලයට මුවා වූ මිනී මරුවන්ට දඬුවම්..! සිරිසේන එකඟයි
පසුගිය රාජපක්ෂ පාලන සමයේදී දේශපාලනික හා පෞද්ගලික හේතුන් මත සිවිල් පුරවැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා සාමාජිකයන්ට එල්ල වී ඇති චෝදනා විභාග කර නිසි දඬුවම් ලබා දීමට ජනාධිපතිවරයාගේ ඇති සූදානම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශයට පත්ව තිබේ.
ජඩ දේශපාලනයේ ප්‍රතිපළ: මහබැංකුව කෝටි නමදාහක් සල්ලි අච්චු ගහයි !
ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙන පරිදි "2019 ජනවාරි මස සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයේ සැලසුම්ගත විදේශ මුදල් ලැබීම් ප්‍රමාද වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා" මහ බැංකුව විසින් රුපියල් බිලියන 90 ක වටිනාකමින් යුතු භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන තිබෙනවා.
මත්තෙගොඩ බස් නැවතුම්පොළ පොහොට්‍ටු මන්ත්‍රී තමන්ට පවරගෙන. 138 බස් වර්ජනයක්.!
හෝමාගම ප්‍රාදේශිය සභාවේ පොහොට්‍ටු මන්ත්‍රීවරයකු වන අසංක ශ්‍රීනාත් නැමැත්තා. කොට්ටාව මත්තෙගොඩ පොදු බස් නැවතුම් පොළ පවත්වාගෙන යන ඉඩම් කොටස සිය පෞද්ගලික වුවමනාවක් වෙනුවෙන් ප්‍රාදෙශිය සභාව වෙත පවරා ගැනීමට උත්සහයක් ගමිනින් සිටී.
කුණු වලින් හම්බ කරන ඉතාලිය සහ කුණු ගොඩේ ලගින ලංකාව...
ඉතාලිය බදු වලින් යැපෙනවා කිවොත් වරදක් නැත. බොන වතුර ටිකට පවා බදු අයකරයි. වතුර ටිකට බදු ගෙවනවා නම් අපි අනිත් දේවල් ගැන එකින් එකට සදහන් කිරිමට අවශ්‍ය නැත. ඉතාලියේ අප ගන්නා ඕනෑම භාණ්ඩයකට 22% ක බදු මුදලක් අනිවාර්යයෙන්ම ගෙවිය යුතුය. මේ කියන්න යන්නේ ඉතාලිය කුණු වලින් හම්බ කරන රජයට ආදායම් ගෙන දෙන ආකාරය ගැනයි.
රට ගැන හිතනවා නම්, කාබන් බද්ද විතරක් මදි. වාහන ධාවනයත් සීමා කළ යුතුයි.
ශ්‍රී ලංකාවට වාහන ආනයනයේ දී බදු මුදල් වැඩි කිරීම සහ නිකුත් කරන කාබන් ප්‍රතිශතය අනුව බදු මුදලක් පැනවීම ගැන කුප්ප දේශපාලනික කාරණා මත කෑ ගහන ගොබ්බයන් පිරිසක් ඉන්න බව පෙනෙන්නට තිබේ.
සිරිසේන - චන්ද්‍රිකා ගැටුම උත්සන්න වෙයි. පොහොට්ටුව ගැන කතා තහනම්
ජනාධිපති සිරිසේන විසින් තමන්ව ජනාධිපති පුටුවේ වාඩි කරවූ ජනතාවගේ අපේක්ෂාවන් පාවා දෙමින් කටයුතු කිරීමට එරෙහිව මේ වන විට ශ්‍රීලනිපයේ කොටසක් විසින් ගෙන යන ව්‍යාපාරය නිසා නුදුරේම ශ්‍රීලනිපය දෙකඩ වීමේ ලකුණු පහළ වී ඇත.
මෙම වසරේ ජනවාරි මස සිට වාහන සඳහා කාබන් බද්දක් අය කිරීමට රජය තීරණය කර ඇත. නීල හරිත ආර්ථිකය පදනම් කර ගත් රජයේ ආර්ථික වැඩපිළිවෙළ යටතේ පරිසර හිතකාමී පියවරක්
ලෙස පාරිසරික අවදානම අඩු කිරීමේ තවත් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.
