අද ලංකාව ක‍්‍රම ක‍්‍රමයෙන් පත් වෙමින් තිබෙන්නේ ඒ තත්වයට. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, මහා නගර සංවර්ධන සැලැස්මට අනුව නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික යටිතල පහසුකම් වැඩිදියුණු කිරිමේ අරමුණින් ක‍්‍රියාත්මක සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රතිපාදන, පුර්ණ අධික්‍ෂණය සැලසුම් දායකත්වය යටතේ ඉදිකළ කලූතර දුම්රියපල පාර වාණිජ සංකීර්ණය සහ ගබඩා විදීය පොදු වෙළෙඳපොල ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
කළුතර ගබඩා වීදිය පොදු වෙළඳපොළ රුපියල් මිලියන 186 ක ආයෝජනයකින් කි‍්‍රයාත්මක කරන ලද අතර මෙහි කඩ කාමර 158 කින් සමන්විතය. එසේම දුම්රියපල පාර වාණිජ සංකීර්ණය සඳහා රුපියල් මිලියන 288 ක් වැයකර ඇති අතර මෙහි කඩකාමර 173 කින් සමන්විතය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරුණු මෙම අවස්ථාවන් සඳහා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාවූහ.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, රටේ ඉතා පෞරාණික නගරයක් කළුතර. කලක් ලන්දේසි, ඉංගී‍්‍රසි ආදීන්ගේ ප‍්‍රධාන තොටුපලක් හැටියට තිබූ තැනක්. ඒ පැරණි බලකොටුව ඉවත් වෙලා තමයි අපි කවුරුත් වන්දනීය පූජනීය ස්ථානයක් හැටියට කරන කළුතර බෝධිය එදා ශී‍්‍රමත් සිරිල් ද සොයිසා ඇතුළු පිරිස ගොඩනැගුවේ. එය කළුතර පමණක් නෙමෙයි දකුණු ලකට ඇතුළුවන හැම කෙනාගෙම ගෞරවයට පාත‍්‍රවන පූජනීය ස්ථානයක් බවට පත්වෙලා තිබෙනවා. ඒ වගේම එදා රයිගම් රාජධානිය පවතින කාලයේ ලෝකයේ තිබූ පළවෙනි නිදහස් වෙළඳ කලාපය තිබුණේ මේ බේරුවල ආසන්නයේ. අපේ රයිගම් රාජධානියේ නෂ්ඨාවශේෂ නොතිබුණත් අපේ රජතුමා එදා කි.ව. 1412 දී ලංකාවෙන් බීජිං නගරයට රැගෙන ගියා. ඒ රජ පවුලෙන් පැවත එන අවසාන රාජකුමාරිය, එතුමියගේ දරුවන් කසාද බැන්දෙත් ලංකාවේදී, ඒ මුළු ඉතිහාස කතාවම දැනගෙන. එය සිහිවෙන්න කෝට්ටේ ප‍්‍රදේශයේ විශේෂ කෞතුකාගාරයක් ඉදිකරනවා. බේරුවලත්, කොළඹත්, කෝට්ටේ රාජධානියත්, රයිගම් රාජධානියත් ඒ සමගම තිබූ වාණිජ යුගයත් සිහි කරන්න.
අපේ රටේ හුඟක් පිළිගැනීම අපි ගොවිතැන් කරපු රටක් කියලා. නමුත් මේ බේරුවල තිබූ ප‍්‍රබල නිදහස් වෙළඳ කලාපයක්. එය ඉන්දියාවේ කැලිකට් නගරයට අදනම් කොෂිකඬේ නගරයට සම්බන්ධයි. අනෙක් පැත්තෙන් මැලක්කාවට මැලේසියාවට සම්බන්ධයි. ඒ නිසා කළුගඟත් කළුගඟ හරහා ආව විශේෂයෙන්ම කුරුඳු ආදී ද්‍රව්‍යයත්, මුතු මැණික්, ඇත් දළ ඒ වාණිජ මධ්‍යස්ථානය නව ලෝකයට ගැලපෙන ලෙස නවීකරණය කර අපි මේ ප‍්‍රදේශය ගොඩනැගිය යුතු වෙනවා. අපි හඳුනාගෙන තිබෙනවා ස්ථාන කිහිපයක්. එකක් මේ නගර මධ්‍යයය. දුම්රියපල ස්ථානය සහ බස්නැවතුම්පල සම්බන්ධ කිරීම. කැලිඩෝ වෙරළ ආදී සියළුම දෑ පොදු නාගරික සැලැස්මකට අනුව ඉදිරි කාලයේදී ගොඩනැගෙනවා ඇති. ඒ සඳහා සහයෝගය දුන් සියළු දෙනාටම අපගේ ගෞරවනීය ස්තූතිය පිරිනමනවා. දැනටමත් අපි දශලක්‍ෂ 500 කට අධික මුදලක් මේ සංවර්ධන කටයුතුවලට රජය ආයෝජනයර කර තිබෙනවා. ඒක අපේ ජනතාවගේ බදු මුදල්වලින් අපි සිදු කරගෙන යන සංවර්ධනයක්. ඒ සංවර්ධනයෙන් අපේ ජනතාව ණයකාරයෝ, ණයගැතියෝ වෙනවා නම් ඒ සංවර්ධනයෙන් අපට වැඩක් නැහැ.
මෙයට අවුරුදු 9 කට කලින් 2010 වර්ෂයේ අපට ණය ගෙවන්න තිබුණේ වසරකට රුපියල් බිලියන 800 යි. මේ වසරේ ගරු අග‍්‍රාමාත්‍යතුමා, මුදල් ඇමතිතුමා ඇතුළු රජයට ඒ වගේ තුන් ගුණයක බිලියන 2300 ක් ණය ගෙවන්න සිදු වෙලා තිබෙනවා. එය අති විශාල ධනස්කන්ධයක්. කොටින්ම සංවර්ධනයට අපි මේ වසරේ වියදම් කරන්නේ බිලියන 800 යි. ඒ කියන්නේ මේ නගර නිර්මාණයට, ජලය, විදුලිය, බස්, පාසල්, සෞඛ්‍ය ඇතුළු මේ සියළුම සේවාවන්ට. 2010 ඉඳන් මේ දක්වා ඒ ණය බර අපට තුන් ගුණයකින් වැඩිවෙලා තිබෙනවා. 1960 සිට අපේ රටේ ඒක පුද්ගල ආදායම 23 ගුණයකින් වැඩිවෙලා තිබෙනවා. ණය බර 79 ගුණයකින් වැඩිවෙලා තිබෙනවා. ඒ නිසා ක‍්‍රමක් ක‍්‍රමයෙන් අපේ රට මේ ණය අගාධයේ ගිලෙමින් තිබෙනවා. ඒ නිසා මේ සංවර්ධනය කරනකොට අපි හැමෝම මතක තියා ගත යුතුයි ඒ වියදම් කරන හැම රුපියලකින්ම ආදායමක් ඉපැදවිය යුතුයි. නැත්නම් අපට විශාල ව්‍යසනයකට අපේ දරුවන්ට අනාගතයේ බදු මුදල් වශයෙන් ගෙවිය යුතු වෙනවා.
කළුතර මේ ඇතිකර තිබෙන ගොඩනැගිලි ඇතුළු සංවර්ධනයේ ප‍්‍රතිලාභ ජනතාවට ලැබෙනවා. නගර සභාවට ආදායම් උපදවනවා. නාගරික සංවර්ධන අධිකාරියට ආදායම් ඉපැදවෙනවා. ඒ සියල්ලටම වඩා නගරයට ආදයම් ඉපැදවෙනවා. නගරයේ වටිනාකම පියවරෙන් පියවර ඉහළ යනවා. ඒ වගේම ඉදිරි කාලයේදී මේ දුම්රිය පද්ධතිය දියුණු කිරීමේ වැඩපිළිවෙලත් සමග මේ දුම්රිය ස්ථානයත් දියුණුවෙන් දියුණුවට පත් වෙයි කියා අපි විශ්වාස කරනවා. කළුතර පමණක් නෙමෙයි අපි පානදුර නගරයත් දියුණු කර තිිබෙනවා. ඒ වගේම බණ්ඩාරගම නගරයේ සාප්පු සංකීර්ණයක් ඉදිකර තිබෙනවා. හොරණ බස්නැවතුම්පලක්, වැදගත් වෙළෙඳපලක් ඉදිකර තිබෙනවා. බුලත්සිංහලත් එම කටයුතු සිදු කර තිබෙනවා. ඒ වගේම ඉදිරිකාලයේදී අපි බලාපොරොත්තු වෙනවා අලූත්ගම නගරය දියුණු කරන්න. මේ හැම නගරයක්ම දියුණු කරන අතරතුරේ අගලවත්ත, මතුගම ආදී නගරත් ඉදිරිකාලයේදී එක ආකාරයකට දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද්ද අපේ ප‍්‍රතිපත්තිය වියදම් කරන හැම රුපියලකට වටිනා කමක් ලැබෙන ආදායමක් ලැබෙන ආර්ථිකයකුයි අපි ගොඩනැගිය යුත්තේ. මොකද මේ නත්තල් පප්පලා වගේ බෙදාගෙන බෙදාගෙන යන්න නම් රටකට ආදායම් තිබිය යුතුයි. ආදායම් නැතිව ණයගැති උනහම, ඒ ණය ගෙවාගන්න බැරිව රටවල් බංකොලොත් වෙනවා. අද ලංකාව ක‍්‍රම ක‍්‍රමයෙන් පත් වෙමින් තිබෙන්නේ ඒ තත්වයට.
මේ වසරේ ගරු අගමැතිතුමාට, මුදල් ඇමතිතුමාට සිදුඋනා ජනවාරි 14 වෙනිදා පැරණි රජය විසින් ගත් වාණිජ ණයක් ගෙවන්න ඩොලර් මිලියන 1,000 ක. මේ වසරේ විතරක් ඩොලර් මිලියන 5,600 එවැනි වාණිජ ණය ගෙවන්න වෙලා තිබෙනවා. ඒ ණය වලින් තමයි අර සම්මන්ත‍්‍රණ තියන්නේ නැති අන්තර්ජාතික සම්මන්ත‍්‍රණ ශාලා, ගුවන් යානා එන්නෙනැති ගුවන් තොටුපලවල්, කි‍්‍රකට් ගහන්නෙනැති ක‍්‍රිකට් ක‍්‍රීඩාංගන හදලා තියෙන්නේ. ඒ ණය වලින් තමයි ලොස්ඇන්ජලීස්වල, ඔස්ටේ‍්‍රලියාවේ, කොළඹ නගරයේ ඇතුළු අනෙකුත් තැන්වල ප‍්‍රකෝටි ගණන් දේපල අරගෙන තිබෙන්නේ. ඒ ණය අද අපට ගෙවන්න සිදුවෙලා තිබෙනවා. මුළු වරාය නගරයේ අක්කර 700ක් ගොඩකර තිබෙන්නේ කළු ගඟෙන් මූදට සියවස් දෙකක් තිස්සේ ගිය වැලි කඳෙන්. ඒ මුළු වරාය නගරයම ගොඩකරන්න ගියේ මිලියන 1400 යි. ඒ වගේ පස් ගුණයක ණය මේ වසරේ ගෙවන්න ඕනේ. පුත්තලම විදුලි බලාගාරය හදන්න ගියේ මිලියන 1300 යි. ඒ වගේ පස්ගුණයක ණය අද අපි ගෙවිය යුතුයි. ඒ මොකද අපි ආදායම් එන්නැති තැන්වල වියදම් කරන්න ගිහින් මුළු රටම අද භයානක ණය බරකට කොටුකර තිබෙනවා. ඒ නිසා අපි ඉදිරි සංවර්ධනයේදී විශේෂයෙන්ම අපේ රට, අපි අධිෂ්ඨාන කර ගත යුතුයි, සංවර්ධනය කරනවා නම් කරන්නන් වාලේ නාස්ති කාර සංවර්ධනයක් නෙමෙයි ආදායම් උපදවන සංවර්ධනයක් සිදු කරන්න. රාජ්‍ය ආයතන රටට බරක් දෙන ආයතන හැටියට නෙමෙයි ශක්තිමත් මූල්‍ය ශක්තිය තිබෙන ආයතනයක් බවට පරිවර්ථනය කරන්න.
අපේ නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධන සංස්ථාව ණය බරෙන් පීඩිත වෙලා තිබුණේ. හැබැයි ඒ ආයතන දෙකම අද අපි ගලවගෙන තිබෙනවා. 2015 දී බිලියන 39 ක ණයක් තිබුණා නාගරික සංවර්ධන අධිකාරියේ. අද වෙන කොට ඒ ණය ඔක්කොම ගෙවලා බිලින 23 ක ශක්තිමත් ආයෝජනයක් කර තිබෙනවා අද. රටට ණයනැති, සේවකයින්ට ණය නැති ජනතාවට වග කියන ආයතනයක් බවට අද නාගරික සංවර්ධන අධිකාරිය පත් කර තිබෙනවා. ඒ වගේම තාත්තලාගේ සොහොන් හදන්න ගිහින් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මිලියන 155 ක පාඩු ලබන ආයතනයක් හැටියට මම භාර ගත්තේ. අද මිලියන 1500 ක ලාභ ලබන ආයතනයක් බවට අපි පත් කර තිබෙනවා. කොළඹ නගරයේ කසළ අද ගොඩගැසෙන්නේ නැහැ මුදල් බවට පරිවර්ථනය වෙනවා ඉඩම් සංවර්ධන සංස්ථාව නිසා. මෙන්න මේකයි ජනතාවට ලැබිය යුතු සංවර්ධනය.
අද සමහරු රට ඉදිරියට ඇවිත් රට හදන්න ඉල්ලනවා. එදා 2008 වර්ෂයේදී ශ‍්‍රී ලංකන් ගුවන් සේවය, එමිරේට්ස් ආයතනය 1998 ඉඳන් දස අවුරුද්දකට අරගෙන ඒ අවුරුදු 10 ඇතුළේ මිලියන 14000 ක ලාභයක් උපයලයි මහින්ද රජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට භාර දුන්නේ. මොකද්ද අද තත්වය ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න හදන ශක්තිමත් කළමනාකරණයක් තියෙනවා කියන පාලකයෝ යටතේ බිලියන 250 ක්. මේ අපි හැම පුද්ගලයාම රුපියල් දොලොස් දහස් පන්සියයක් ගෙවා තිබෙනවා මේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයෙයි, මිහින් ලංකා එකෙයි බර වෙනුවෙන්. මේවා තමයි මේ රටේ සංවර්ධනය කියලා කළේ. නමුත් මේ රජය එවැනි කිසිම සංවර්ධනයක් සිදු කර නැහැ. ඒ භයානක ණය බරත් ගෙවන ගමන්, ජනතාවට ආර්ථික ප‍්‍රතිලාභ ලැබෙන, ආර්ථික ශක්තිය ලැබෙන ක‍්‍රියාමාර්ග පමණයි අපි අරන් තිබෙන්නේ.
අපේ අමාත්‍යාංශ්‍ය ගැන සඳහන් කරනවා නම් රුපියල් බිලියන 5,600 ක ටි‍්‍රලියන 5.6 ක ව්‍යාපෘති කරනවා. රාජ්‍ය ආයෝජනය 10% කටත් අඩුයි. අපි හදන සැහැල්ලූ දුම්රිය සේවයේ සම්පූර්ණ ආයෝජනය අවුරුදු 14 කින් අර ගන්නවා. වරාය නගරයේ කිසිම ආයෝජනක් රාජ්‍ය අංශයට නැහැ. රාජ්‍ය අංශය ලබාදෙන ජලය විදුලිය ඇතුළු සියළුම ආයෝජන ඊ ළඟ අවුරුදු 5 ආණ්ඩුවට එනවා. අපි හදන තාක්ෂණ නගරයේ 14,000 ක් සිසු දරුවෝ ඉගෙන ගන්නවා. ඒකේ සියළුම ආදායම් ඊ ළඟ වසර දහයේ රටට එනවා.
මට මතකයි මේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ගෙදරට බල්ලා ගෙන්න ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සූරික්වලට ඇරියා. එහෙම අය තමයි මේ කළමනාකරණයේ දක්ෂයෝ හැටියට අද ජනාධිපතිවරණයට ඉල්ලන්න යන්නේ. එහෙමයි එදා ශ‍්‍රී ලංකන් ගුවන් සේවය කළේ. අද ඒකේ පාපය ගෙවන්න වෙලා තිබෙන්නේ කිරිපිටිවලින්, පාන්පිටිවලින් වගේම අනෙකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලින් අපේ රටේ ජනතාවට.
ඒ නිසා අපි ඒ සංවර්ධනයට තිත තියලා ජනතාවත් සමග ඉදිරියට යන්න පුළුවන් ජනතාවට වරදාන ලැබෙන අලූත් සංවර්ධන මාවතකට මේ රට ගෙනගියේ නැතිනම් මේ රට ඉතාම බරපතල ණය උගුලක වැටිලා රටේ ජනතාව විනාශ වෙන එකයි කෙරෙන්නේ. ඒ නිසා මේ රජය සංවර්ධනය කරන්නේ මේ මහා ණය බර නැමති බරවා කකුලත් ඇදගෙන බව අපි සියළු දෙනාම මතක තබා ගත යුතුයි. ඒ නිසා මේ කෙටිකාලීන සංවර්ධනයෙන් අපේ ඇස් අන්ධ කර ගන්නේ නැතිව අපේ ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන, රටට ප‍්‍රතිලාභ ලැබෙන නව සංවර්ධන මාවතකට රට ගෙන යා යුතුයි. අන්න ඒ සඳහා තබපු ශක්තිමත් පියවරක් තමයි මේ නාගරික සංවර්ධනයේ කළුතර දිසාවේ අද මෙම ස්ථානයේ ආරම්භ උනේ.