ලිට්‍රෝ ගෑස් සල්ලි ගත්තැයි අපහාසයට වන්දි ඉල්ලා වියන්ගොඩ නඩු මගට

Published in පුවත්
Tuesday, 25 December 2018 11:46

යහපාලන ආණ්ඩුව යටතේ පවතින ලිට්රෝ ගෑස් සමාගම සහ සැලසිනේ ආයතනයෙන් ගාමිණී වියන්ගොඩ මුදල් සහ වෙනත් අනුග්‍රහ ලබා ඇති බවට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස සහ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත යන හිමිවරුන් විසින් කරන ලද ප්‍රකාශවලින් තමාට සිදු කරන ලද අපහාසයට වන්දි ඉල්ලා ගාමිණී වියන්ගොඩ ඊයේ සිය නීතිඥවරයා මාර්ගයෙන් මේ අයට එන්තරවාසි යවා තිබේ.

 

එසේම, ‘සති අග අරුණ’ නැමැති පුවත්පතේ පළ කරන ලද විශේෂාංග ලිපියක් තුළින් ද මෙකී අපහාසය සිදුකොට ඇති බැවින් එම පුවත්පතටත්, ඒ ලිපිය ලියූ ලේඛිකාවටත් තවත් එන්තරවාසියක් යවා තිබේ.

යහපාලන ආණ්ඩුව යටතේ විවිධ ව්‍යාපෘති හරහා ද, වෙනත් රහස්‍ය ගිණුම් හරහා ද ගාමිණි වියන්ගොඩ මුදල් සහ වෙනත් ආධාර ලබා ඇති බවට ඉහත කී අයවළුන් විසින් විවිධ අවස්ථාවලදී කරන ලද ප්‍රකාශයන් සම්පූර්ණයෙන් අසත්‍ය සහ පදනම් විරහිත වන බවත්, ද්වේෂ සහගත වන බවත්, යහපාලන ආණ්ඩුව යටතේ කිසිම ආයතනයකින් මොනම ආකාරයක හෝ මූල්‍යමය හෝ මූල්‍යමය නොවන කිසි ගෙවීමක් හෝ අනුග්‍රහයක්, සෘජුව හෝ වක්‍රාකාරයෙන් තමා කිසි විටෙකත් ලබාගෙන නැති බවත් අවධාරණය කරන ගාමිණී වියන්ගොඩ, තමාට කරන ලද අපහාසයට ඉහත සඳහන් එක් අයෙකුගෙන් රුපියල් මිලියන 500 බැගින් වන වන්දි මුදලක් ඉල්ලා මේ එන්තරවාසි යවා තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us