සිරිසේන රටේ සංවර්ධනය අකුළයි... ශ්‍රී ලංකාවේ 30 වසරක භෞතික සැළසුම කුණු කූඩෙට Featured

Published in පුවත්
Thursday, 20 December 2018 18:33

2018 - 2050 සංශෝධිත ජාතික භෞතික සැළසුම ජනාධිපතිවරයා යටතේ පවතින නාගරික සංවර්ධන අධිකාරිය හරහා නවතා දමා තිබෙනවා. ඒ පසුගිය ඔක්තෝබර් 26 වන දායින් පසුවයි. වසර 30 ක කාලයක් සඳහා මූලික යටිතල පහසුකම් සංවර්ධන කටයුතු වෙනුවෙන් රජය ඩොලර් මිලියන 400 ක් ආයෝජනය කිරීමට අපේක්ෂා කර තිබුණා.

ඒ රාජය හා පෞද්ගලික අංශවල හවුල්කාරිත්වය යටතේ දැවැන්ත ව්‍යාපෘති කිහිපයක් සඳහා ඩොලර් බිලියන 4ක විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගනිමින්.

කෙසේ වෙතත් ජනාධිපති සිරිසේන ඉදිරි දශක තුන තුළ ශ්‍රී ලංකාවේ තීරණාත්මක භෞතික සැළැස්ම සඳහා තවමත් සිය අනුමැතිය ලබා දී නැහැ. නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ නිළධාරියෙකු පැවසුවේ මෙම සැළසුම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය නොමැතිව රටේ යටිතල පහසුකම් කිසිවක් සංවර්ධනය කළ නොහැකි බවයි.

2011 වසරේදී ගැසට් නිවේදනයක් මගින් නිකුත් කළ 2011 -2030 ජාතික භෞතික සැළසුම මේ වනවිටත් යල් පැන ගොස් ඇති බව ඔහු පෙන්වා දුන්නා. එබැවින් රජය මෙම සැළසුම යාවත්කාලීන කිරීමට හා සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවයි ඔහු පැවසුවේ.

ජාතික භෞතික ප්‍රතිපත්ති, සැලසුම් හා උපාය මාර්ග සකස් කිරීම සහ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මෙකී ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම මෙම සැලැසුමේ ප්රධාන අරමුණු වී තිබුණා. ඒ තුළින් ශ්‍රී ලංකාවේ ඉඩම් සහ සාගර කලාපයේ ආර්ථික, සමාජයීය, භෞතික හා පාරිසරික අංශ පිළිබඳව සංයුක්ත සැළසුම්කරණය හා ප්‍රවර්ධනය මෙන්ම නියාමනය කිරීම ඉලක්කය බවයි ඔහු කියා සිටියේ.

මෙම යෝජිත සැළසුමට අනුව අනාගත සංවර්ධන ව්‍යාපෘති වන කාර්මික ජනපද, සංස්කෘතික සංවර්ධන කලාප, සංචාරක කලාප, නාගරික සේවා මධ්‍යථාන ප්‍රධාන ජනගහන මධ්‍යස්ථාන හය ලෙස සැළකනවා. ඒ අනුව කොළඹ මහ නගර, ගම්පහ මෙට්‍රෝ කලාපය, මීගමුව, කුරුණෑගල, දඹුල්ල, සහ ත්‍රිකුණාමල කලාපයන්ගෙන් මෙය සමන්විත වනවා.

මෙම සැළසුම කොළඹ ත්‍රිකුණාමලය කලාපය ප්‍රධාන ආර්ථික කලාපය වශයෙන් කේන්ද්‍ර කර ගනිමින් සෙසු උප ආර්ථික කලාප තුන සංවර්ධනය කිරිමට යෝජනා වී තිබුණා. මෙහිදි අනුරාධපුරය සහ මහනුවර ද වෙන් වෙන් වශයෙන් සංවර්ධනය කිරීමට නියමිතව තිබෙන බව ඒ මහතා අවධාරණය කර සිටිනවා..

2000 අංක 49 දරණ නගර හා නාගරික සැළසුම් (සංශෝධන) පනතේ 3 (1) වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් නායකත්වය දරණ ජාතික භෞතික සැළසුම් සභාව විසින් මෙම ජාතික භෞතික සැළසුම සඳහා අනුමැතිය ලබා දිය යුතුය.

මෙම සැළැස්ම සකස් කර ඇත්තේ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුව විසිනි. ඒ සඳහා වසර එකහමාරකට අධික කාලයක් තිස්සේ විවිධ පාර්ශ්වයන්ගේ උපදේශය හා මගපෙන්වීම ලබා ගෙන තිබුණා. 2017 දෙසැම්බර් මාසයේදි කැබිනට් මණ්ඩලය විසින් කෙටුම්පත් සැළසුම සමාලෝචනය කරන ලද අතර එහි පිටපත් කෙටුම්පත් සියලු නියෝජිතයන් වෙල භාර දෙනු ලැබුවා.

ඒ අනුව අවසාන සැළසුම ජාතික භෞතික සැළසුම් සභාව වෙත ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළද මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය වෙනස් වීමෙන් පසුව ඒ සඳහා සිය අත්සන යොදා නොතිබූ බව ද එම නිළධාරියා පවසනවා.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us