රාජපක්ෂ හොර ආණ්ඩුව නවතා දමා තිබූ සියලු සංවර්ධන කටයුතු යළි ඇරැඹේ. Featured

Published in පුවත්
Thursday, 20 December 2018 12:42

දෙසැම්බර් 16 දින යළිත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් අනතුරුව අද දින දිව්රුම් දෙන ලද අමාත්‍ය මණ්ඩලය යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් මංගල සමරවීර මහතා විසින් 2019 වසරේ මුල් මාස හතරේ රාජ්‍ය වියදම් සඳහා වන අතුරු සම්මත ගිණුම අද දින රැස්වූ නව රජයේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමත කරන ලදී.

එමගින් 2019 වසරේ පළමු මාස 04 සඳහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1765ක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් බිලියල 970ක් ණය සේවාකරණය :පොලී සහ වාරික* වෙනුවෙන් වෙන් කර ඇතග ඒ අනුව 2019 වසරේ මුල් මාස හතරේ වියදමෙන් 55 %ක පමණ ප්‍රතිශතයක් වැය වනුයේ රජයේ ණය වාරික සහ පොලී ගෙවීම සඳහා ය.

දේශීය ආර්ථිකය සහ ගම දියුණු කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ රජය මගින් හඳුන්වා දෙමින් ක්‍රියාත්මක කළ ගම් පෙරළියල ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා සහ එක් ගමකට එක් වැඩක් යන වැඩසටහන් ඔක්තෝබර් මස 26 දින පත් වූ අමාත්‍ය මණ්ඩලය මගින් නවත්වා තිබිණි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව රජයක් පත් කිරීමට නොහැකි වූයේ නම් 2019 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවයේ වැටුප් හා පඩිනඩි ගෙවීම ඇතුළුව පොහොර සහනාධාරයල පාසල් නිල ඇඳුම්ල සමෘද්ධි සහනාධාරය සහ සියලු සුබ සාධන කටයුතු සිදු කිරීමට අවස්ථාවක් නොමැති වීමට ඉඩ තිබිණි.

මෙම අතුරු සම්මත ගිණුම මගින් මේ සියලු කටයුතු යළි ආරම්භ කෙරෙන අතර නව පාසල් වාරය ඇරැඹීමත් සමග ලක්ෂ 40කට අධික පාසල් සිසුන් හට නිල ඇඳුම් සඳහා වව්චර් පත් ලබා දීමට හැකිව ඇත.

මෙම අතුරු සම්මත ගිණුම මගින් පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලියන 480ක් ද ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 310ක් ද වෙන් කර ඇත.

මෙම අතුරු සම්මත ගිණුම හෙට (21) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර 2019 ජනවාරි මාසය තුළ නව අයවැය ඉදිරිපත් කරන බව ද මංගල සමරවීර මහතා අද පෙරවරුවේ වැඩ භාර ගනිමින් මුදල් අමාත්‍යාංශයේ දී පැවැසීය.


මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us