පොහොට්‍ටු පක්ෂයේ සාමාජිකත්වය අත්හැරීමෙන් මහින්ද ලොකු අමාරුවක ! Featured

Published in පුවත්
Thursday, 20 December 2018 01:28

මහින්ද රාජපක්ෂ ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 33 දෙනෙකු ශ්‍රීලනිපය අත් හැර පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම නිසා සිය මන්ත්‍රීධුර අහෝස් වීමේ දැඩි අවධානමකට ලක්ව තිබේ. මේ තත්වය හමුවේ තමන් කිසිවකුත් පොහොට්‍ටු පක්ෂයේ සාමාජිකත්වය නොගත්තු බවට පාර්ලිමේන්තුව හමුවේද පැවැසීමට එම කණ්ඩායමට සිදු විය.

මෙහෙත් මේ නිසා පොහොට්‍ටු පක්ෂයේ සියලු පිරිස් දැඩි අර්බුධයකට ගොස් තිබේ. බරපතලම කාරණය වී තිබෙන්නේ ලබන වසරේ කැඳවීමට නියමිත පළාත් සභා මැතිවරණයට මුහුණ දීමේ ගැටලුවය. පොහොට්‍ටුව ලකුණ යටතේ රාජපක්ෂ පාර්ශ්වය එම මැතිවරණයට ඉදිරිපත් වීමට කටයුතු සූදානම් කර තිබිණි . අවශ්‍ය නම් ශ්‍රීලනිපයට ද එම පක්ෂය සමඟ සන්ධාන ගත වී තරග කළ හැකි බවට ද පසුගිය මාසයේදී පොහොට්‍ටු නායකයන් ප්‍රකාශ කර තිබිණි.

එහෙත් තමන්ගේ නායකයන්ට පොහො‍ටු පක්ෂයේ සාමාජිකයන්ය කියන කාරණය සඟවාගෙන සිටීමට සිදු වීම නිසා එළඹෙන මැතිවරණයේදි පොහොට්‍ටුව ලකුණට ඡන්දය දෙන්න කියා ඡන්දදායකයාගේ ඉල්ලිමට තබා .පොහොට්‍ටු සලකුණක් අසලකවත් සිටීමේ හැකියාවක් නොලැබෙනු ඇත. ඊයේ දිනයේදී ද මීට පෙර පොහො‍ටු ලකුණ පසුබිමෙහි තබාගෙන මාධ්‍ය සාකච්ඡා තැබු අයට ඒවා වසා දැමුණු පසුබිමක සිට මාධ්‍ය සාකච්ඡා පැවැත් වීමට සිදු විය.

මේ අනුව මැතිවරණ අවස්ථාවක්දී රාජපක්ෂ පාර්ශ්වයේ නායකයන්ට නිහඬව සිටීමට සිදුවෙනු ඇත..එසේ නොමැති නම් සිරිසේනගේ නායකත්වයෙන් ශ්‍රීලනිපයේ හෝ සන්ධාන ලකුණෙන් රාජපක්ෂලාගේ පොහොට්‍ටු සාමාජිකයන්ටද තරග කිරීමට සිදු වෙනු ඇත. එය සිරිසේනගේ ජයග්‍රහණයක් වනු ඇතත

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us