රණ විරු ලේබලයට මුවා වූ මිනී මරුවන්ට දඬුවම්..! සිරිසේන එකඟයි Featured

Published in පුවත්
Tuesday, 22 January 2019 12:05

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී දේශපාලනික හා පෞද්ගලික හේතුන් මත සිවිල් පුරවැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා සාමාජිකයන්ට එල්ල වී ඇති චෝදනා විභාග කර නිසි දඬුවම් ලබා දීමට ජනාධිපතිවරයාගේ ඇති සූදානම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශයට පත්ව තිබේ.

සිරිසේන ජනාධිපතිවරයා විසින්ම පසුගිය වසරේ නිව්යෝර්ක් සංචාරයේදී එරට ශ්‍රීලාංකිකයන් සමඟ පැවැති සුහද සාකච්ඡාවකදී රණ විරු ලේබලයට මුවා වී අපරාධ සිදු කළ ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් එය රණ විරු දඩයමක් නොවන බවටත් අවධාරණය කර තිබිණි.

මේ අතර පසුගියදා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු ද මෙ කරුණ දැඩිව අවධාරණය කරමින් පවසා සිටියේ යුද්ධයට සම්බන්ධ වෙලා හිටපු ආරක්ෂක අංශ සාමාජිකයන් ගමට ඇවිත් මිනී මැරුවොත් එයා රණ විරුවෙක් නොවෙයි මිනී මරුවකු බවයි. එසේම එම මිනී මරුවන් අධිකරණයට ගෙනත් දඬුවම් ලබා දිම විය යු‍ටු බවත් ඔහු අවධාරණය කර තිබේ. වත්මන් යුධහමුදාපති මහේෂ් සේනානායකද සිටින්නෙ මෙම මිනී මරුවන්ට දඬුවම් ලබා දිය යුතුය කියන ස්ථාවරයේය.

ඒ කෙසේ නමුත් වර්තමානයේ මහින්ද රාජපක්ෂ තමන්ගේ නායකයා ලෙස පිළිගන්නා මෛත්‍රීපාල සිරිසේන දරණ ස්ථාවරය රාජපක්ෂ පාර්ශවයේ ස්ථාවරයට සපුරා වෙනස් අතර මෙය දෙපාර්ශ්වය අතර වන දේශපාලන ගැ‍ටුමකට හේතු වන කාරණයකි. මෙය රාජපක්ෂවරු රණ විරුවන් කරේ තබාගෙන යෑමේ දේශපාලන උපක්‍රමික පියවරයන් ගැනීමට එරෙහිව සිරිසේන තමන්ගේ මතය ප්‍රකාශයට පත් කිරීමක් වේ. රාජපක්ෂලාගේ සිංහල බෞද්ධ ජාතිවාදී ප්‍රවේශට එරෙහිව යමින් සිරිසේනට රාජපක්ෂලාගේ සහය ඇතිව තව දුරටත් දේශපාලනයේ රැඳීමට හැකියාවක් නැති බවත් පැහැදිලි කාරනාවක් වේ. එජාපය සමඟ වන ඇයි හොඳැයිය මුලුමනින්ම පළුදු කරගෙන සිටින සිරිසේන මේ අලුතෙන් නටන්න යන නාඩගම පැහැදිලි නැත.

රණ විරු දඬයමට එරෙහිව පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ ඇතුලුව චෝදනා ලත් ආරක්ෂක අංශ සාමාජිකයන් නීතියේ ‍රැහැන්ට කො‍ටු කිරීමට එරෙහිව සිරිසේන විමර්ශන අංශවලට බලපෑම් කළ බවද රහසක් නොවේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us