මත්තෙගොඩ බස් නැවතුම්පොළ පොහොට්‍ටු මන්ත්‍රී තමන්ට පවරගෙන. 138 බස් වර්ජනයක්.! Featured

Published in පුවත්
Thursday, 17 January 2019 12:17

හෝමාගම ප්‍රාදේශිය සභාවේ පොහොට්‍ටු මන්ත්‍රීවරයකු වන අසංක ශ්‍රීනාත් නැමැත්තා. කොට්ටාව මත්තෙගොඩ පොදු බස් නැවතුම් පොළ පවත්වාගෙන යන ඉඩම් කොටස සිය පෞද්ගලික වුවමනාවක් වෙනුවෙන් ප්‍රාදෙශිය සභාව වෙත පවරා ගැනීමට උත්සහයක් ගමිනින් සිටී. 

එම තත්වය යටතේ බස් රථ ගාල් කිරීමට අවශ්‍ය ස්ථානයක් නොමැති වීම සහ මගීන් පත්වන අපහසුතාවය සලකා ඊට විරෝධය පාමින් මත්තෙගොඩ හරහා ක්‍රියාත්මක වන 138 ඇතුළු සියලුම බස් මාර්ග වල බස් රථ හිමියෝ මගී ප්‍රවාහන කටයුතු වලින් ඉවත්ව සිටීමට මේ වන විට තීරණය කර තිබේ.මෙම අකටයුත්ත වගකිවයුත්තන් මැදිහත් වී වහාම විසඳා දෙන ලෙස මෙම බස් රථ හිමියන් පවසා සිටී

මෙම අසංක ශ්‍රීනාත් නැමැති රාජපක්ෂ හෙංචයියාට අයත් මත්තෙගොඩ බස් නැවැතුම් පොළ ඉදිරිපිට පවතින ගොඩනැගිල්ල සඳහා රථ ගාල් කිරීමට ඉඩ කඩක් නොමැති වීම මත මෙම බස් නැවැතුම පවත්වාගෙන යන ඉඩම් කොටස ප්‍රාදේශිය සභාවට පවරාගෙන හිස්ව තබා ගැනීම මොහුගේ අපෙක්ෂාව වී ඇත. මේ වන විට එම ගොඩනැගිල්ල ලාෆ් සමාගමේ සුපිරි වෙළඳසැලක් වෙනුවෙන් පවරා දී ඇත.

මෙම අසංක ශ්‍රීනාත් නැමැත්තා මීට පෙරද සුනාමි මුදල් වංචාවක් සම්බධයෙන් චෝදනා ලැබූ අයෙකු වන අතර බලහත්කාරකම චණ්ඩිකම් අපරාධ සම්බන්ධයෙන් නම් දැරූවෙක්ද වෙයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us