කුණු වලින් හම්බ කරන ඉතාලිය සහ කුණු ගොඩේ ලගින ලංකාව... Featured

Tuesday, 15 January 2019 12:05

ඉතාලිය බදු වලින් යැපෙනවා කිවොත් වරදක් නැත. බොන වතුර ටිකට පවා බදු අයකරයි. වතුර ටිකට බදු ගෙවනවා නම් අපි අනිත් දේවල් ගැන එකින් එකට සදහන් කිරිමට අවශ්‍ය නැත. ඉතාලියේ අප ගන්නා ඕනෑම භාණ්ඩයකට 22% ක බදු මුදලක් අනිවාර්යයෙන්ම ගෙවිය යුතුය. මේ කියන්න යන්නේ ඉතාලිය කුණු වලින් හම්බ කරන රජයට ආදායම් ගෙන දෙන ආකාරය ගැනයි.

ඉතාලියේ ජීවත් වන සෑම පුද්ගලයකු විදේශිකයන් පවා ( තමන් ජීවත් වන ප්‍රදේශයේ) අයත් නගර සභාවේ පදිංචිය ලියාපදින්චී කල යුතුය. එය අනිවාර්යයෙන්ම කළ යුතු දෙයකී. සෑම පුද්ගලයකුටම ලියාපදිංචි අංකයක්ද ඇත. (codici fiscale)මෙම ලියාපදිංචි අංකය මගින් ඕනෑම පුද්ගලයකු ගැන සියළු වාර්තා ලබා ගැනීමට හැකියාව රජයට ඇත.

ඉතාලියේ ජිවත් වන අය දන්න කරුණක් වන්නේ සෑම ප්‍රදේශයකම සෑම නිවසකින්ම තම නිවසේ ජීවත් වන පුද්ගලයන් විසින් ඉවත් කරනු ලබන කසල සදහා වාර්ශික බදු මුදලක් ගෙවීම අනිවාර්යයෙන්ම කළ යුතු වීමය. එය නිවසේ ප්‍රමාණය (වර්ග මීටර්) මත ගෙවිය යුතු බදු මුදල නගර සභාව විසින් නියම කර ඇත.

නිදසුනක් ලෙස වර්ග මීටර් 50 කින් යුත් පවුලේ සාමාජිකයන් පස් දෙනෙකුට යුරෝ 267+25% ක් ගෙවන අතර,. වර්ග මීටර් 125 ක ජීවත් වන තනි යුවළකට යුරෝ 322 ​​ක් ගෙවන්න සිදුවනු ඇත.

ඉතාලි රජය විසින් කුණු ප්‍රතිචක්‍රිකරණය කරනු ලබයි. ප්‍රතිචක්‍රිකරණය පහසු කිරීම සදහා ඉතාලී රජය විසින් සෑම පුද්ගලයකුටම තමන් ඉවත දමන දෑ වෙන් කිරිමට නියම කර ඇත. (ආහාරමය කසළ වෙනම, ප්ලාස්ටික් වෙනම, යකඩ සහ වීදුරු වෙනම (යකඩ සහ වීදුරු එක බහලුමකට දැමිය හැක), කඩදාසි වෙනම, කලවම් අප ද්‍රව්‍ය වෙනම.) වශයෙන් වෙන් කිරිම අනිවාර්යයෙන්ම කළ යුතුය. මෙම එක් එක් වර්ගයේ අප ද්‍රව්‍ය සදහා වර්ණ බහාලුම් වෙන වෙනම නගර සභාව හදුන්වා දී ඇත. එම බහලුම් ද මුදලක් ගෙවා රැගෙන යායුතුය.

kunu

සෑම දිනකම අළුයම නගර සභාවේ කුණු රැගෙන යන ලොරී රථ වෙන වෙනම පැමිණෙයි. යකඩ සහ වීදුරු රැගෙන යන සතියේ දින දෙකක් සහ කඩදාසි රැගෙන යන්න සතියේ දින දෙකක් නම් කර ඇත. (ඒ දිනයන් වල පමණක් එම අප ද්‍රව්‍ය නිවස ඉදිරියේ තැබිය යුතුය.) ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගෙනයන ලොරිය, ඉඳුල් ගෙනයන ලොරිය වශයෙන් වෙන වෙනම පැමිණ සෑම දිනකම කුණු රැගෙන යයි. විදුලි උපකරණ සහ ලී බඩු ඉවත් කරන්නෙ නම් එය කලින් නගර සභාවට දැන්විය යුතු අතර නගර සභාව විසින් එවා රැගෙන යාමට එන වෙලාව සදහන් කරනු ලබයි. (ඉවත් කරන උපකරණ මොනවාද කියා සදහන් කිරිම අනිවාර්යය වේ)

නගර සභාව, කුණු වෙන වෙනම ඉවත් කරන්නේ ද කියා පරික්ෂා කිරිමට නිලධාරින් යොදවා ඇත.එම නිලධාරීන් විසින් පරික්ෂාවට ලක් කරන අවස්ථාවේදී නිසි අකාරයෙන් කුණු වෙන් කර නොමැති නම් දඩ මුදලක් අය කරණු ලබයි. එය අනිවාර්යයෙන්ම ගෙවිය යුතුමය. නැතිනම් වර්ෂයෙන් වර්ශය එම දඩ මුදල දෙගුණ වනු ඇත. එසේ වැඩි වන දඩ මුදල නොගෙවන සෑම පුද්ගලයකුගේම විශ්‍රාම වැටුපෙන් 1/5 ක් අඩු කර විශ්‍රාම වැටුප් රජය කටයුතු කරනු ලබයි. (ඇතැම් විට එම දඩ මුදලට යටත් වන පුද්ගලය වෙනත් ප්‍රදේශයකට පදිංචිය මාරු කරණු ලැබුවත් එම දඩ මුදල් ගැන සිහි කැදවීම් කරනු ලබයි)

සෑම නිවසකම කසළ අපද්‍රව්‍ය රැගෙන යන අතර සෑම දිනකම අළුයම 5න් පසු එම කුණු බහාලුම් නිවස ඉදිරියෙ තැබිය යුතුය. එසේ රැගෙන යන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කිරීම සදහා සෑම නගර සභාවකටම ප්‍රතිචක්‍රිකරණාගාර ඇත. එසේ එම ප්‍රතිචක්‍රිකරණාගාර තුල ප්‍රතිචක්‍රිකරණය කරන ලද නිශ්පාදන සියල්ල විකුණා නැවත මුදල් කරනු ලබයි.

එසේම නගර සභාව මගින් වර්ෂයක් සදහා එක් නිවසකට නියම කරණු ලබන බදු මුදල අනිවාර්යයෙන්ම ගෙවිය යුතුය. නැතිනම් පෙර කිවා සේ එම දඩ මුදල වර්ෂයෙන් වර්ෂය පොලි එකතු වන අතරන අමතර දඩ මුදලක්ද එකතු වේ.

මෙම රටවල් දියුණුව කරා ගොස් ඇත්තේ මෙම ක්‍රමාණුකූල ක්‍රමවේද නිසාවෙනී.

milano 2

එහෙත් ලංකාවේ සිදු කරන්නේ කුමක්ද.?

තමන්ගේ නිවසේ හෝ කාර්යාලයේ කසල අපද්‍රව්‍ය ඉවත් කිරීම සම්බන්ධයෙන් කිසිදු විනයක් අපට නැත. ඒ ගැන කිසිවකු කල්පනා කරනෙ නැත. එසේම කුණු ඉවත් කිරීමේ ක්‍රමවත් වැඩ පිළිවෙලවල නගර සභ මඟින් නිසියාකාරව ඉ‍ටු කරන්නෙද නැත. ඇතැම් නගර සභාවක් යම් ක්ර්ම වේද ක්‍රියාත්මක කළ ද ඒවා කාලයත් සමඟ නොවැදගත් දේවල් ලෙස මඟ හැරී යයි. කුණු ඉවත් කිරීම සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයන් නීතියක් ලෙස පවත්වාගෙන යා යුතුව තිබේ. ඒ වෙනුවෙන් බදු හා දඩ මුදල් අය කර ගැනීමේ ක්‍රමයක අවශ්‍ය තාවයද දැන් මතුව තිබේ. පුරවැසියාගේ විනය ගොඩ නැගීම දැඩී නීති රීති මාර්ගයෙන් සකසනවා විනා සාක්ෂරතාවය 100ට සියයක් දක්වා තිබුණද පුරවැසියා ස්වෙච්ච්ඡාවෙන් ඒවාට අනුගත වෙන ස්වභාවයක් පෙන්වන්නෙ නැත. පළමුව රට ගැන තමන්ගේ අසල් වැසියා ගැන හෝ තමන්ගේ පවුලේ සාමාජිකයාගෙ අනාගත සුභ සිද්ධිය ගැන හො කල්පනා නොකරන මිනිසුන් බහුල රටක විනය ගොඩ නැගීම දැඩි නීති රීතිවලින් හඳුන්වා දීමට සිදු වීම වැරදි නොවේ. කුණු කඳු කඩා වැටී මහ විනාශයන් සිදු වූවද ඩෙංගු වැනි වසංගත වලින් මහා හානී සිදු වූවද අපෙ රටේ මිනිස්සු ලෙහෙසියෙන් පාඩම් ඉගෙන ගන්නෙ නැත.

කුණු ප්‍රතිචක්‍රීය කරණය කිරීම වෙනුවෙන් සකසන ව්‍යාපෘති වලටද විරෝධය පළ කරන බොහෝ දෙනා තමන්ගේ නිවසේ කුණු ටික ඉවත් කිරීමේදී ඒ ගැන සලකිලිමත් වන්නේ නැත. යුරෝපියානුවන් තමන්ගේ රටේ ආණ්ඩුකරණයට උපරිම සහයොගය දක්වමින් ඒ හා බද්ධව කටයුතු කරන පිරිසකි. ප්‍රජාතන්ත්‍රවාදය වැනි සංකල්ප ඒ පුරවැසියන් විසින්ම සටන් කර දිනා ගත් ඒවා වේ. ප්‍රජාතන්ත්‍රවාදය වැනි සංකල්ප සුද්දාගේ කාලයේදී මේ රටට හඳුන්වා දී තිබුණද මේ ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්දැයි මේ රටේ බහුතරයකට තවමත් අවබොධයක් නැත. මේ ටොකු ඇණ ඇණ පුරවැසියාට කියා දිමට සමත් දේශපාලන නායකත්වයක්ද රටේ නැත. වාසෙ හැටියට දෙසේ යැයි කියමින් පුරවැසියාගේ දුර්වලතාවයන්ම තමන්ගේ වාසියට ගෙන අවස්ථාවාදීව කටයුතු කරන දේශපාලනය පමණක් මේ රටේ ජයග්‍රහණය කරයි. අදත් රටෙ තිබෙන බරපතලම අවුල ඒකය.

ශ්‍රී ලංකාව තුළ නිවැරදි ක්‍රමවේදයන් රජය විසින් ඇති කරනු ලබයි නම් එය රටට ආදායම් ගෙන දෙනු ලබන ප්‍රධාන ආදායම් මාර්ගයක් ද වනු ඇත. පොලිසිය විසින් දඩ මගින් උපයන මුදල් වලට වඩා වැඩි මුදලක් ඉවත ලන කුණු මගින් රජයට උපයා ගත හැක. ප්‍රතිචක්‍රිකරණාගාර පමණක් ඇති කර ඵලක් නැත. ඒ සදහා නිසි ක්‍රමවේදයක් නීතී මාලාවක්ද සෑම නගර සභාවකටම ඉතාලිය වැනී රටවල් ආදර්ශයට ගෙන ක්‍රියාත්මක කරන්නේ නම් අද ලංකාව තුල ඇතිවි තිබෙන කුණු ප්‍රශ්නයට ද විසදුම් ලැබෙනු ඇත.

- ලක්දේශ් විජේසිංහ

 

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us