ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නාමල් කුමාර නම් පුද්ගලයා ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

The politics of a plot to kill Sri Lanka's president

Published in English
Friday, 14 December 2018 16:57

A plot to kill the president, links to foreign intelligence, a rogue police officer and a missing sniper: the snippets of news emerging from Sri Lanka in recent weeks seem plucked from the pages of paperback fiction.

ජනාධිපතිවරයා සිය තුරුම්පු සියල්ල අවසන් කර ගැනීමෙන් පසු ඔහු සහ ඔහුට හිතවත් පාර්ශවයන් මීලග වැඩ පිලිවෙල වශයෙන් මැතිවරණයක් ඉල්ලා ජනමත විචාරණයක් පැවැත්වීම ගැන දැන් අලුත් කතාවක් පටන් ගෙන ඇත. ජනමත විමසුම කුමන කාරණයකට පවත්වන්නේද යන්න අපහැදිලි තත්වයකි.

පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනා සිටින රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැමැත්ත පළ කර තිබෙන බව ජනාධිපති ජේෂ්ඨ උපදේශකවරයකු අප වෙත පවසා සිටියා.

පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය.

එක්සත් ජාතික පක්ෂය සමඟ රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළහොත් පොදුජන පෙරමුණ තමන්ට දීමට එකඟත්වය පළ කළ දේවල් ද ප‍්‍රසිද්ධියට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතර අත්සන් තබන ලද ගිවිසුමක ආකාරයක කූඨ ලේඛනයක් සකස් කර ඇති බැවින් ඒ පිළිබඳ එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා විසින් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

මන්නාරම පිහිටි ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ මිනිවළෙන් මේ වන විට හමුව ඇති සිරුරු 250ක් හඳුනා ගැනීමට පර්යේෂකයන් උත්සාහ දරමින් සිටිනවා. අදාළ අස්ථි කොටස් ලබන ජනවාරියේ වැඩිදුර පරික්ෂණ සඳහා අමෙරිකා එක්සත් ජනපදයට යැවීමට නියමිතයි.

අභියාචනාධිකරණය විසින් හොර අගමැති සහ හොර ඇමැති මණ්ඩලයට එරෙහිව ලබා දුන් අතුරු තහනමට එරෙහිව මහින්ද රාජපක්ෂ ඇතුලු හොර ඇමැති මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට එම නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාග කරන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඊවා වනසුන්දරව ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

ඔක්තෝබර් 26 වැනි දා සිට ලංකාවේ දිග හැරෙමින් පවතින ක්‍රියාවලිය රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අද්විතීය තත්වයකි. මීට පෙර කිසි විටෙක, ජනතාව තෝරා පත්කර ගත් ආණ්ඩුවකින් තොරව කෙනෙකු රට කරවා නැත.

Connet With Us