සිරිසේන පජාත විය. මහින්ද කූජිත විය. නීතිය ජය ගත්තේය !

Published in පුවත්
Thursday, 13 December 2018 17:22

පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේ පාර්ලිමේන්තුවට විසිරුවා හැරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්හි තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

ජනාධිපතිවරයා   පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් මහ මැතිවරණයක් කැඳවීමට නිකුත් කළ ගැසට් නිවේදනය නිසා පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ද අධිකරණය තීන්දු කළේය.

අගවිනිසුරු නලීන් පෙරේරා, විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, සිසිර ද අබෘ,   ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න එස්. ජයවර්ධන, විජිත් කේ. මළල්ගොඩ සහ මුර්දු  ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාග කෙරිණි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කරනු ලැබූ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් ද, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් මහතා ඇතුළු පිරිසක් ද  2018 නොවැම්බර් 12 වැනි දා උදේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් ගොනු කළහ.

සිරිසේන ජනාධිපතිවරයා අතිශය හිතුවක්කාරී ලෙස ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය කරමින් සිදු කළ කාලකණ්නි තක්කඩි කුමන්ත්‍ර්‍යය අද පරාජය වීම සමස්ථ ශ්‍රිලංකා වාසීන්ම ලැබූ ජයග්‍රහණයකි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us