රනිල් තමයි අගමැති..! සජිත් යෝජනාව ඉදිරිපත් කරයි Featured

Published in පුවත්
Wednesday, 12 December 2018 13:34

රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ලෙස කටයුතු කිරීමට විශ්වාසය උපරිමයෙන් ඇති බව ට යෝජනාව සජිත් ප්‍රේමදස මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය

එහිදී සජිත් ප්‍රේමදාස මෙසේ අදහස් දැක්වීය.

අද වන විට මුලු රටම අකර්මන්‍ය වෙලා. එකම තැන පල් වෙන රටක් බවට පත් වෙලා. මේ තත්ත්වයට පත් වුණේ කොහොමද? ඔක්තෝබර 26 වැනි දා අපේ රටේ පැවතුණු නිත්‍යනුකූල අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ ඇමැති මණ්ඩලය නීති විරෝධීව, ව්‍යවස්ථා විරෝධීව බලහත්කාරයෙන් තනි මතයට ඉවත් කරලා නීති විරෝධී අගමැතිවරයෙක් ප්‍රමුඛ ඇමැතිමණ්ඩලයක් සමග ඊනියා නිල නොවන ආණ්ඩුවක් පත් කළා. කෙටියෙන් කියනවා නම් පාර්ලිමේන්තුවේ 113ක් සහ ඊට වැඩි ප්‍රමාණයක් සිටි අගමැති ඉවත් කරලා 85ක් 90ක් වත් නැති පුද්ගලයකු අගමැතිවරයා ලෙස පත් කර මේ මහා ව්‍යයසනකාරී තත්ත්වය රටේ නිර්මාණය කළා.

අගමැතිවරයකු ඉවත් කරනවා නම් ඉවත් කරන ක්‍රම කිහිපයක් තිබෙනවා. එක්කෝ ඉල්ලා අස්වෙන්න ඕනා. එක්කෝ මන්ත්‍රීකම නැතිවෙන්න ඕනා. විශ්වාස භංග යෝජනාවකින් පරාජය වෙන්න ඕනා. නැතිනම් අයවැය දෙවතාවක් පරාජය වෙන්න ඕනා. මෙන්න මේ අවස්ථාවලදී පමණයි ව්‍යවස්ථානුකූලව අගමැතිවරයකු ඉවත් කරන්න පුලුවන්. නමුත් හිතුවක්කාර කමට, රටේ ජනතාව පැත්තකට වීසි කරලා මමත්වය රජකරවමින් තමන් ගැන හිතලා මේ බලහත්කාරී තීන්දුව ගැනීම තුල අද මුලු රටම මහා අති භයංකාර තත්ත්වයකට ගෙනවැත් තිබෙනවා.

නීත්‍යනුකූල නොවන ආකාරයට, ව්‍යවස්ථා විරෝධීව නිල නොවන අගමැතිවරයෙක් පත් කළා පමණක් නොවෙයි, වෙනමම පාර්ලිමේන්තුවට විරාමයකුත් දුන්නා 113 නැති නිසා 113 හදා ගන්න. නමුත් විවිධ වරදාන වරප්‍රසාද අපේ ප්‍රගතිශීලී මන්ත්‍රී මණ්ඩලයට ලබා දෙන්න උත්සාහ කළත් මේ මන්ත්‍රී මණ්ඩලය තමන්ගේ ආත්මය පාවලා දුන්නේ නෑ. නීත්‍යනුකූල අගමැතිවරයකු ප්‍රමුඛ නිල නොවන ආණ්ඩුවක් පත් කර ගත්තා. ප්‍රතිපක්ෂයේ අපි මොකක්ද කළේ? අපි පාර්ලිමේන්තුව රැස්වුණු අවස්ථාවන් ගණනාවකදී අපි පෙන්වලා දුන්නා බහුතරය තියෙන්නේ නිල නොවන ආණ්ඩුවට නොවෙයි, බහුතර තිබෙන්නේ බලහත්කාරයෙන් ඉවත් කරපු අපේ පාර්ශ්වයට කියලා. විශ්වාස භංග යෝජනා දෙකකදී ඔප්පු කළා. අනිත් ඡන්ද තියද්දි කිව්වානේ ඉලෙට්‍රෝනික් ක්‍රමයට ඕනා කියලා. ඉලෙට්‍රෝනික් ක්‍රමයටත් පෙන්නුවා, නැගිටලත් පෙන්නුවා. පෙන්වන්න පුලුවන් හැම ක්‍රමයකටම පෙන්නුවා.

ලක්ෂ්මන් කිරිඇල්ල

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවට සහභාගී නොවන බවත්, ඊට හේතුව මෙය නිල පාර්ලිමේන්තුවක් නොවීම බවත් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරලා තියෙනවා. (පුවත්පත් ප්‍රවෘත්තිය කියයි) ඔබතුමාට විරුද්ධව අධිකරණයේ නඩුවක් දාලා තිබෙන බවත් තිබෙනවා. ඔබතුමාගේ ක්‍රියාමාර්ග අධිකරණය පිළිඅරගෙන තිබෙනවා. ගරු අනුර බණ්ඩාරනායක මැතිතුමා දුන්නු තීන්දු අනුව පාර්ලිමේන්තුවේ කටයුතු කිසිදු තැනක අභියෝග කරන්න බෑ. පුවත්පත්වල අයටත් කියනවා පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ දැනගෙන ඉන්න ඕනා. කතානායකගේ තීරණය කිසිම තැනක අභියෝගයට ලක් කරන්න බෑ. බන්දුල ගුණවර්ධන මහතා කියා තිබෙනවා පාර්ලිමේන්තු එන්නේ නෑ කියලා. ඔවුන් එන්නේ නැත්තේ ඔවුන්ට සිටින පිරිස කීයද කියලා හෙළිවෙන නිසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us