මහින්දගේ හිතවතිය ඊවා වනසුන්දරව නඩුවෙන් ඉවත්කරන ලෙස ඉල්ලීමක්.

Published in පුවත්
Wednesday, 12 December 2018 20:41

අභියාචනාධිකරණය විසින් හොර අගමැති සහ හොර ඇමැති මණ්ඩලයට එරෙහිව ලබා දුන් අතුරු තහනමට එරෙහිව මහින්ද රාජපක්ෂ ඇතුලු හොර ඇමැති මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට එම නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාග කරන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඊවා වනසුන්දරව ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

එළඹෙන 14 වන දා මෙම පෙත්සම් සලකා බැලිමට නියමිතය. එම විනිසුරු මඩුල්ලට ඊවා වනසුන්දර, බී. අලුවිහාරේ සහ විජිත් කේ මොලගොඩ නම් කර තිබේ. මෙම මෝසම  අද දින ඉදිරිපත් කර ඇත.

ඊවා වනසුන්දර යනු මහින්ද රාජපක්ෂ සමඟ ඉතා සමීප ඇසුරක් පවත්වන විනිසුරුවරියක ලෙස ප්‍රකටය. ඇයව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පත් වීමද ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ විසිනි. පවුලේ හිත මිතුරන් වන තරමට මෙම සම්බන්ධය දුර දිග ගිය එකකි. 2014 ජූලි මස 06 වන දින දේශය පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදි තමා මහින්ද රාජපක්ෂගේ සමීප හිතවතියක බවත්, දුරකතන ඇමතුමක් ලබා දෙමින් තමා හමුවන ලෙස පවසා එසේ හමු වූ විට තමාට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ධුරය පිරි නැමූ බවත් ඇය පවසා තිබෙන බව එම පෙත්සමේ සඳහන් කර තිබේ.

මේ තත්වයන් හමුවේ ඊවා වනසුන්දර එම පෙත්සම් විභාගය සඳහා සහභාගී වීම සාධාරණ තීන්දුවකට බාධාකරන බව සාමාන්‍යයෙන් නීතිය නොදන්නා වූවද ඕනෑම මැට්ටෙකුට තේරුම් ගත හැක.

 

 Motion

WHEREAS this matter was taken up on 12th December 2018 without due notice to the Respondents;

AND WHEREAS in deference to the request of court, Mr. K. Kanag-Isvaran PC took notice of the application for special leave to appeal on the basis of the undertaking of the Petitioners-Respondents that complete briefs in this and other connected applications would be delivered to his chambers by 4:00pm on 12th December 2018;

AND WHEREAS at the insistence of the Petitioners this application was fixed for support on Friday, 14th December 2018;

AND WHEREAS it now transpires that there is only one bench of Your Lordships' Court sitting on 14th December 2018, comprising also of Hon. Justice Eva Wanasundera;

AND WHEREAS the ... Respondents are reliably informed that Hon. Justice Eva Wanasundera had in an interview published in the Deshaya newspaper of 6th July 2014 that she was very close to Mr. Mahinda Rajapaksa and who called her to meet him and offered her appointment to the Supreme Court bench;

AND WHEREAS the said Mr. Mahinda Rajapaksa is the Petitioner whose appointment is the subject matter of this application;

AND WHEREAS in the circumstances the ... Respondents entertain serious concerns pertaining to this matter being taken up by a bench of Your Lordships' Court comprising Hon. Justice Eva Wanasundera who is listed to sit on the only bench to sit on Friday, 14th December 2018;

I respectfully MOVE that Your Lordships' Court be pleased to make appropriate direction in respect of the hearing of this application on 14th December 2018.





Last modified on Wednesday, 12 December 2018 21:49

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us