මන්නාරම සමූහ මිනිවළේ අස්ථි කොටස් ජනවාරියේ ඇමරිකාවට Featured

Published in පුවත්
Thursday, 13 December 2018 13:25

මන්නාරම පිහිටි ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ මිනිවළෙන් මේ වන විට හමුව ඇති සිරුරු 250ක් හඳුනා ගැනීමට පර්යේෂකයන් උත්සාහ දරමින් සිටිනවා. අදාළ අස්ථි කොටස් ලබන ජනවාරියේ වැඩිදුර පරික්ෂණ සඳහා අමෙරිකා එක්සත් ජනපදයට යැවීමට නියමිතයි.

මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයේ පස් ඉවත් කිරීමේදී මිනිස් අස්ථි කොටස් කීපයක් හමු වුණේ පසුගිය මාරතු 26 වැනිදායි. එම සිදුවීමෙන් පසු අධිකරණ නියෝගයක් යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කෙරුණා.

දින 115ක් තිස්සේ සිදු කෙරුණු කැනීම්වලදි සොයා ගත් මිනිස් සිරුරු 276ක අස්ථි කොටස් මෙසේ හමු වූ අතර ඉන් 21ක් දරුවන්ගේ බව සැළකෙනවා. මෙම අස්ථි සාම්පල බීටා විශ්‍ලේෂණය සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ මියාමි වෙත රැගෙන යාමට නියමිත අතර එහිදි මෙම සිරුරු වළ දැමූ කාලය නිශ්චය කර ගැනීම අරමුණ බව ප්‍රමුඛ පෙළේ අධිකරණ වෛද්‍ය පරික්ෂකවරයෙක් පවසනවා.

මේ සඳහා අතුරුදන් වූවන්ගේ කාර්යාලය සියලුම බරපැන දරණ බව අධිකරණ වෛද්‍ය නිළධාරි සමින්ද රාජපක්ෂ මහතා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනමාධ්‍යෙව්දියෝ වෙබ් අඩවියට පවසා තිබෙනවා.

වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා මහේස්ත්‍රාත්වරයා සමඟ එක්ව අමෙරිකාවට රැගෙන යාම සඳහා නියැදි තෝරා ගැනීමට, පොලිස් නිළධාරින්, පුරා විද්‍යාඥයන් හා රජයේ රස පරික්ෂකයන් තෝරා ගැනීමේ හා සාම්පල මුද්‍රා තැබීමේ කටයුුතු සිදු කරමින් සිටින බව පැවසුවා.මීට අමතරව මන්නාරම පුරවැසි කමිටුව නියෝජනය කරමින් නියෝජිතයෙකු ද මේ සඳහා එක් කර ගැනිම අපේක්ෂාව වි තිබෙනවා.

මේ අයුරින් විවිධ ජන කොටස් මෙම පරික්ෂණය සදහා එක් කර ගැනීමේ අරමුණ මෙම පරික්ෂණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අනාගතයේ දී දුර්මත ඇති වීම වළක්වමින් විනිවිදභාවයෙන් යුතුව පරික්ෂණ සිදු කිරීමේ අවශ්‍යතාවය බව වෛද්‍ය රාජපක්ෂ වැඩි දුරටත් පවසනවා.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us