ජනපති ඝාතන කුමන්ත්‍රණය, අතේ රෝලක් බව පොලිසියම කියයි.

Published in පුවත්
Friday, 14 December 2018 17:03

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නාමල් කුමාර නම් පුද්ගලයා ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

මාස තුනකට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ පිළිබදව පරීක්ෂණ පැවැත්වූ බවද ඔහු එම පුවත් සේවයට වැඩිදුරටත් සදහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන් රැසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදි. එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග උපුටා දක්වමින් අප මීට පෙර සදහන් කළේ සහකාර පොලිස් අධිකාරිවරයකු හැර වෙනත් කිසිදු පුද්ගලයකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී නැති බවයි.

එසේම ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව මත මේ සිද්ධියට අදාළව සාක්ෂි මැවීමේ උත්සාහයක් ක්‍රියාත්මක බවත්, ඒ සදහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බවත් 'ලංකා' පුවත්පත අනාවරණය කළේය. මේ පුවත සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් නොනිල ලෙස පුවත්පතට දැනුම් දෙන ලදි.

මේ අතර ජනාධිපතිවරයා ඔක්තෝබර් 26 දා සිදු කරන ලද ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් හේතු දක්වමින් අවස්ථා ගණනාවකදී පවසා තිබුණේ තමන්ව ඝාතනය කිරීමට උත්සාහ දැරීම මේ තීරණය ගැනීමට ප්‍රධාන හේතුවක් බවයි. ඒ සියල්ල අසත්‍ය බවත්, ජනාධිපතිවරයා විසින් මේ කරුණු සියල්ල ගොතා ඇති බවත් රොයිටර් පුවත් සේවයට නිල වශයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලබා දුන් ප්‍රකාශයෙන් තහවුරු වේ.

https://www.reuters.com/article/us-sri-lanka-politics-plot-insight/the-politics-of-a-plot-to-kill-sri-lankas-president-idUSKBN1OD0DG

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us