මහින්දව විනාශ කළේ බැසිල් ! ගෝඨා පිළ මරු විකලෙන්

Published in පුවත්
Saturday, 15 December 2018 14:55

අගමැතිධුරය කොල්ල කෑමේ කුමන්ත්‍රණයෙන් මහින්ද රාජපක්ෂට පට්ට පජාත ලෙස පරාජය බාරගෙන යෑමට සිදු වූයේ බැසිල් රාජපක්ෂ ඊට අවශ්‍ය සහයෝගය ලබා නොදී අසාර්ථක වීමට ඉඩ හැරිය නිසා බවට ගෝඨාබය පාර්ශ්වයෙන් චෝදනා එල්ල වෙමින් තිබේ.

බැසිල් රාජපක්ෂ මේ කුමන්ත්‍රණයේ මුල සිටම පවසා සිටියේ මහ මැතිවරණයකින් පසුව මිසක් බලය අතර මඟදී කොල්ල කෑම නොවිය යුතු බවය. එහෙත් බැසිල්ව ඊට එකඟ කරවා ගනු ලැබුවේ ඉදිරියේදී මුහුණ දීමට තිබෙන නඩු හබ නිසා ආණ්ඩුව පෙරළුවේ නැත්නම් හිරේ විලංගුවේ වැටෙන්න සිදුවන බව කියමිනි.

එහෙත් මහින්දට අවශ්‍ය බහුතර මන්ත්‍රීන් ප්‍රමාණය නිර්මාණය කර ගැනීමේ කටයුත්තෙන් බැසිල් ඉතා සුක්ෂමව මඟ හැර සිටියා පමණක් නොව එම ක්‍රියාදාමය කඩාකප්පල් වන ලෙස ඇතැම් තොරතුරු හෙළිදරව් කිරීමටද මැදිහත්ව ඇති බව ගෝඨා පාර්ශ්වයේ පිරිස් පෙන්වා දෙයි.

බැසිල්ට අවශ්‍ය වූයේ තමන්ගේ පොහොට්‍ටු පක්ෂයේ ජයග්‍රහණය මිස ශ්‍රීලනිපයේ ජයග්‍රහණය හෝ මෛත්‍රීපාලව නායකයා ලෙස පිලිගනිමින් කටයුතු කිරීමට නොවේ. රාජපක්ෂ පවුලේ මිලඟ දේශපාලන නායකත්වය බැසිල් මිස වෙන කිසිවකුත් නොවන බව පෙන්වීමට ඔහුට අවශ්‍ය විය. ගෝඨාට කිසිසේත්ම ඉඩ නොදීමේ ප්‍රතිපත්තියක ඔහු සිටියේය. ගෝඨා පාර්ශ්වයේ විමල් වීරවංශ උදය ගම්මන්පිල මහින්දානන්ද වැනි අයට ද බැසිල්ගෙන් කිසිදු ඉඩ ප්‍රස්තාවක් ලැබුණේ නැත.

මේ අතර මෙම දෙපාර්ශ්වයේ ප්‍රචාරක අංශ අතර ගුටි ඇණ ගන්නා තත්වයක්ද මේ වන විට නිර්මාණය වී තිබේ. සමාජ ජාලාවල මේ ගැන තොරතුරු දැන් පළ වෙමින්ද තිබේ. කලින් විමල් වීරවංශගේ ඇම්බැට්ටයකු වී සිට පසුව බැසිල්ගේ ක‍ටු ලොවන්නකු වූ සංජීව එදිරිමාන්න නැමැත්තා වීරවංශගේ ගෝලයකු වන කැළුම් ජයසුමට මරණීය තර්ජනය එල්ල කළ බවටද තොරතුරු පලව තිබේ.

sanjeewasanjeewa 1

Last modified on Saturday, 15 December 2018 15:26

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us