'ජනවාරි 08 මිතුරෝ'.. දුමින්ද සමඟ ආණ්ඩුවට Featured

Published in පුවත්
Saturday, 15 December 2018 20:59

සිරිසේන ජනාධිපතිවරයා ජනවාරි 08 ජයග්‍රහණය පාවා දීමෙන් කළකිරීමට පත් ශ්‍රිලනිපය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වෙනම කණ්ඩායමක් ලෙස පසුගිය කාලයේ කටයුතු කළේය. 

එම කණ්ඩායම සිරිසේනගේ කුමන්ත්‍රණයට සෘජුවම විරුද්ධව සිටි අතර තීරණාත්මක අවස්ථාවකදී සිරා මරා කුමන්ත්‍රණයට එරෙහිව පාර්ලිමේන්තුවේදී ක්‍රියාත්මක වීමේ සූදානමකිද පසුවිය.

කුමන්ත්‍රණය පරාජයෙන් පස්ව තවදුරටත් යහපාලන මූලධර්ම හිඳිමින් කටයුතු කිරීමට එම පිරිස තීරණය කර තිබේ. ඒ අනුව එජාපයේ මූලිකත්වයෙන් හෙට දින ආරම්බ වන නව ආණ්ඩුවට සහය වීමටද පසුගිය දින කිහිපයෙ පැවැති සාකච්ඡාව්ලදි මෙම කණ්ඩායම එකඟ වී තිබිණි.

ජනවාරි 08 ජනතාවට දුන් "යහපාලන" පොරොන්දු යථාර්තයක් බවට පත්කිරීමේ අරමුණින් යුතුව ශ්‍රීලනිපයේ මෙම කණ්ඩායම හා රනිල් වික්‍රමසිංහ මහතා සහ මංගල සමරවීර ඇතුළු එජාප ජේෂ්ඨයන් සමඟ කළ සාකච්ඡාවලදී ප්‍රතිපත්තිමය එකඟතාවයකට පසුගිය සතිය වන විට එළඹ තිබිණි.

නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, විජිත් විජිතමුනි සොයිසා, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, ෆයිසර් මුස්තාපා, සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, ඉන්දික බණ්ඩාරනායක, ලක්ෂ්මන් සෙනවිරත්න, කාදර් මස්තාන්, ශ්‍රියානි විජේවික්‍රම ඇතුළු පිරිසක් 'ජනවාරි 08 මිතුරෝ' නමින් ශ්‍රීලනිපය තුළ අභ්‍යන්තර සංවිධානයක් ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබේ.‍


මෙම එකමුතුවේ කැඳවුම්කරු ලෙස ශ්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක නම් කර ඇති බවත් එම කණ්ඩායම අද (15) පෙරවරුවේ දී මහින්ද අමරවීර මහතාගේ නිවසේදී සිය පළමු නිල හමුව පවත්වා ඇති බවත් දැනගන්නට ඇත.
එසේම මෙම පාර්ශවය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පොදු පෙරමුණක් වෙත සහය දැක්වීම ප්‍රතික්ෂේප කරන බවත් විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us