සිරිසේන, රනිල්ගෙන් කළ එකම ඉල්ලීම.. Featured

Published in පුවත්
Monday, 17 December 2018 01:02

සිරිසේන ජනාධිපතිවරයා ඊයේ (16) රනිල් වික්‍රමසිංහ නව අගමැතිවරයා ලෙස පිළිගැනීම කරමින් පැවැත්තූ කතාව ගැන විවිධාකාර අදහස් පළ වෙමින් තිබේ. රනිල්ට හොඳ කණේ පාරක් ගැසුවාය රනිල්ගේ රෙදි ගැලෙව්වාය යනාදී වශයෙන් එය අගය කිරීමත් සිරිසේන අභූත චෝදනා නගමින් අන්දොනාවක් ප්‍රකාශයට පත් කළාය යනුවෙනුත් අදහස් පළවී තිබේ.

සිරිසේන මේ කතාව කරන්නේ පෙරේදා සහ ඊට පෙර දින සිරිසේන සහ රනිල් අතර මුහුණට මුහුණ හමුවීම දෙකකට පසුවය. ඒ හමුවීම් වලදී මේ කතා කීවාද නැද්ද යන්න ගැන දන්නෙ ඒ දෙදෙනාය. ගැලරි පිනවන්න කතා කීමෙහි වැඩක් නැත..බැඳුම්කරයක් අල්ලාගෙන හෝද හොදා මඩේ දනවා මිසක් ජනාධිපතිවරයා ඒ ගැන වෙන මොකවත් සිදු කර නැත. තවම බැඳුම්කරයේ වංචාවක් වී තිබේද එය සිදු කළේ කවුද යන්න ගැනවත් නිශ්චිත අදහසක් දීමේ හැකියාවක් නැත..ඒ ගැන විමර්ශනය කෙරෙනවාද යන්න ගැන හෝ හෝඩුවවක් නැත. ඊට සම්බන්ඩ දෙදෙනෙකු රිමාන්ඩ් බාරයේ තබා සිටියත් ඒ විමර්ශ්න වල ප්‍රගතියක් ගැන අහන්නට හෝ නැත.

ඒ කෙසේ වූවත් සිරිසේන ඊයේ පවත්වපු කතාව ගැන කියන්න වෙන්නේ එය රනිල්ගේ දැනුවත් භාවය ඇතිවම කළ ප්‍රකාශයක් ලෙසයි. මන්ද සිරිසේන කළ වැරදි වල හැටියට සිරිසේනට රෙද්දක් ඇඳගෙන රනිල් ඉදිරියට පැමිණිමේ හෝ හැකියාවක් තිබුණේ නැත. සිරිසේනට රෙද්දක් අන්දවා එළියට ගත්තේ රනිල්ය.

රනිල් ව අගමැතිධුරයේ පිහි‍ටු වීම හැර සිරිසේනට 'නීත්‍යානුකූලව' වෙන කරන්න දෙයක් ඉතිරිව තිබුණේ නැත. තව දුරටත් සිරිසේනට පිස්සු නැටිය නොහැකි බව ඔහුට අවබොධකර දුන්නෙ කතානයක කරූ ජයසූරියයි..කිසිවකුත් නොදන්නා භුමිකාවක් ඔහු මෙහිදී කළේය. සිරිසේනට රනිල්ව අගමැතිකර මේ ප්‍රශ්නයෙන් රට බේරගන්නා ලෙස අවබෝධ කර දුන්නෙ කරූය. තමන් බිත්තියටම හේත්තු වී ඇති බවත් වෙන පිස්සු න‍ැටුවොත් මිනිස්සු බෙල්ලෙන් අල්ලා එළියට දමනු ඇති බවත් සිරිසේන තේරුම් ගත්තේ කරූගෙ මැදිහත් වීම නිසාය.

අවසන් වරට වූ සාකච්ඡාවේ දී සිරිසේන ඉල්ලා සිටියේ එකම ඉල්ලීමකි. ඒ තමන්ට එරෙහිව දොෂාභියෝගයක් නොගෙනෙන ලෙස රනිල්ව එකඟකරවා දෙන ලෙසය. රනිල් දුන් පොරොන්දුව මත සිරිසේනගේ තිබූ ප්‍රාණ බය අහෝසි වී රනිල් සමඟ සාකච්ඡාවට එකඟ විය. ඒ අනුව රනිල්ට මොනම විදිහකින්වත් අගමැතිකම නොදෙනවා කියන මෝඩ ස්ථාවරය අත් හැර රනිල්ව පිලිගැනීමට සිරිසේන එකඟ විය.

මේ තිරයෙන් පි‍ටුපස සිදුවීම් අවසානයේ සිරිසේන රනිල් ඉදිරියේ තබාගෙනම කළ ප්‍රකාශයේ කිසිදු වැදගැම්මක් නැති එක්ක බව පැහැදිලි කාරණයකි. එය රනිල්ගෙද දැනුවත් භාවය අවබෝධය අනුව සිදු කෙරුණක් බවට සැක නැත. සිරිසේන කියන කතාව රනිල්ට කිසිසේත්ම වැදගත් වූයේ නම් නැත. මන්ද ඒ කරන චෝදනා කිසිවක් ඔහුට අදාල නැති බැවිනි. පරාජිතයකුට හිතේ හැටියට අඳෝනා නැගීමට ඉඩක් ලැබුණා මිස එතනදී වෙන කිසිදෙයක් වූයේ නැත.

සත්‍ය ලෙසම ඒ ඒ පාක්ෂිකයන් සිතා සිටිනවාට වඩා වෙනස් යමක් තිරයෙන් පි‍ටුපස සිදු විය. ඒ සිරිසේන මහින්ද රනිල් සහ සම්බන්දන් අතර වූ නොනිල ගිවිසුමයි.. දේශපාලන අර්බුදය විසැඳුනේ ඒ ගිවිසුම අනුවය. ඒ ගිවිසුම කුමක්ද යන ගැන ඉදිරි දිනවලදී ඔවුන් කටයුතු කරන ආකාරය අනුව තේරුම් ගත හැක.

ඒ කුමක් වූවත් රට හමුවේ නිවැරදි දේ ක්‍රියත්මක කිරීම විය යුතුව තිබේ රටේ ජනතාව අවධියෙන් සිටිය යුත්තේ ඒ ගැනය. දේශපාලකයන් ජනතාව ඉදිරියේ පවසන්නේ ඇත්ත නොව බොරුව වසා ගැනීමට ඇත්ත වගේ කියන බොරුය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us