ප්‍රජාතන්ත්‍රවාදයේ ආදර්ශයක් - රනිල්ට කලාපීය නායකයන්ගෙන් සුබ පැතුම් !

Published in පුවත්
Monday, 17 December 2018 12:38

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සුභ පැතුම් එක් කරමින් ඉන්දියාව සිය අදහස් පළ කර තිබෙනවා. ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ මාස දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන අර්බුදයට ලබා දුන් විසඳුම සියලු දේශපාලන අධිකාරීන්ගේ පරිණතභාවය පෙන්නුම් කරන බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක රවිෂ් කුමාර් මහතා සඳහන් කර සිටියේ අර්බුදය විසඳීමේ පරිණත ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා එහි ආයතනවල ප්‍රබලත්වය මනාව පිළිබිඹු කළ බවයි.

මේ අතර මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂිඩ් ද සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සිය සුභ පැතුම් එක් කර තිබුණා. එහිදි ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව සිය ප්‍රජාතන්ත්‍රවාදි වට්නාකම් රැක ගනු ඇති බවට තමා තුළ විශ්වාසයක් පැවති බව හා එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක නීතියේ ආධිපත්‍යය තහවුරු කරන්නේ කෙසේද යන්න පිළිබඳසෙසු රටවලටද මනා පූර්වාදර්ශයක් ලබා ‍දෙන බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us