සිරිසේනට, ජනමත විචාරණයකින් ද ගොඩ යා නොහැක Featured

Published in පුවත්
Friday, 14 December 2018 02:19

ජනාධිපතිවරයා සිය තුරුම්පු සියල්ල අවසන් කර ගැනීමෙන් පසු ඔහු සහ ඔහුට හිතවත් පාර්ශවයන් මීලග වැඩ පිලිවෙල වශයෙන් මැතිවරණයක් ඉල්ලා ජනමත විචාරණයක් පැවැත්වීම ගැන දැන් අලුත් කතාවක් පටන් ගෙන ඇත. ජනමත විමසුම කුමන කාරණයකට පවත්වන්නේද යන්න අපහැදිලි තත්වයකි.

1982 හි පැවති ජනමත විචාරණය සම්බන්ධයෙන් පවතින විවිධ දුර්මතයන් නිසා ජනමත විචාරණයකින් ජන්දයක් පැවැත්වීම හෝ කල් දමා ගැනීමේ හැකියාවක් ඇතැයි යන කාරණය රටෙහි ජනප්‍රිය මතය වී ඇත. එහෙත් 82 ජනමත විචාරණයට හේතුව එවැනි කාරණයක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 161(ඉ) ව්‍යවස්ථාවට සංශෝධනයක්( 4වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය) ගෙන එමින් එම වගන්තියෙහි දක්වා ඇති “පාර්ලිමේන්තුවේ ධූර කාලය වන 1977 අගෝස්තු මස 4 දින සිට සාවුරුද්දක් පවතින්නේය” යන කොටස “ කලින් විසුරුවා හරිනු ලැබුවහොත් මිස පාර්ලිමේන්තුව 1989 අගෝස්තු මස 4 වන දින තෙක් පවතින්නේය” වශයෙන් සංශෝධනය කිරීමයි. ඒ අනුව ජනමත විචාරණය පවත්වා ඇත්තේ පාර්ලිමේන්තුවේ ධූර කාලය 1989 අගෝස්තු 4 දින තෙක් වෙනස් කිරීමට එකගද නැත්ද යන කාරණයටය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් වූ නඩු තීන්දුවෙන් අධිකරණය තීරණය කර ඇත්තේ ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි අවස්ථා සම්බන්ධයෙනි. දහනව වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව එය පාර්ලිමේන්තුව පත්ව වසර හතරකුත් මාස හයක කාලයක් ඉකුත් වූ තැන හෝ පාර්ලිමේන්තුවේ 2/3 බහුතර චන්දයකින් විසුරුවා හැරීමේ යෝජනාවක් සම්මත වූ විට පමණි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් අද පවතින පාර්ලිමේන්තුව අවුරුදු හතර හමාරක කාලයට පෙර විසිරවීමට ජනමතයක් විමසීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ව්‍යවස්ථාවෙහි 70(1)වගන්තියද සංශෝධනය කිරීමට පියවර ගත යුතුය. එය පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් සම්මත විය යුතු අතර ජනමත විචාරණයකින්ද සමත් විය යුතුය. එසේ සංශෝධනයකින් තොරව ජනමත විචාරණයක ප්‍රතිඵලය මත පමණක් ම මැතිවරණයක් පැවැත්විය නොහැකි අතර එසේ සිදු කලහොත් එයද ව්‍යවස්ථා විරෝධී වන්නේය.

නීතිඥ උපුල් කුමාරප්පෙරුම

FB ගිණුමෙන් උපුටා ගන්නා ලදී.

Last modified on Friday, 14 December 2018 02:24

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us