රනිල්ට එරෙහි පෙත්සම පුස්සක්. අධිකරණය ස්වාධීන නැතැයි කියන්න කරපු තක්කඩි වැඩක් ! Featured

Published in පුවත්
Tuesday, 11 December 2018 19:46

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අත් හි‍ටුවන ලෙස ඉල්ලා අද දින අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමට නිතිමය පදනමක් නැති බව හෙළි වේ. මෙය මුලුමනින්ම ඔහු නීති විරෝධී ව්‍යාපාරයන් හී යෙදී සිටින බව හැඟවීමටත් මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළ හොත් අධිකරණය පක්ෂග්‍රාහීව කටයුතු කරන බව ප්‍රචාරය කිරීමේ චේතනාවෙන් සිදු කරන ලද කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බව පැහැදිලිය.

මේ වන විටත් සිරා මරා කුමන්ත්‍රණකාරීත්වය හා එකඟව කටයුතු කරන ජඩයන් දැන් බලමු අධිකරණය ස්වාධීනදැයි කියමින් සමාජ ජාලා වල ප්‍රචාරක කටයුතු සිදු කිරීමෙන් මෙම තක්කඩි කුමන්ත්‍රණයක් බව පැහැදිලි වේ.

අනෙක් කාරණය මෙම පෙත්සම සලකා බැලීමේ කාලය වෙනුවෙන් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රීධුරය තාවකාලිකව හෝ අත් හි‍ටුවා ගැනීමට උත්සහ දැරීම මෙහි අනෙක් වුවමනාව වී තිබේ.

වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව තිබෙන පෙත්සමෙහි සඳහන් වන්නේ ලේක් හවුස් ආයතනයේ කොටස් හිමිකාරිත්වයක් ඔහුට ඇති බවත් ඒ අනුව එම ආයතනය රජයේ ආයතන සමඟ ව්‍යායාපාර කටයුතු කරන නිසා වික්‍රමසිංහ මහතා මන්ත්‍රීධුරයක් දැරීම නොසුදුසු කමක් ලෙසය.

ලේක්හවුස් ආයතන රාජ්‍ය ආයනයක් ලෙස ක්‍රියාත්මක වන විජේවර්ධන පවුලේ කොටස් තිබෙන ආයතනයකි. එම විජේවර්ධන පවුලේ කොටස් හිමිකාරිත්වය වික්‍රමසිංහ මහතාගේ මව්පියන් සතුව තිබු කොටස් පසුව වික්‍රමසිංහ මහතාට පැවැරී තිබේ.

කෙසේ නමුත් වික්‍රමසිංහ මහතා මෙම ආයතනය හා සම්බන්ධ වන්නේ කොටස් හිමිකරුවකු ලෙස පමණය. සමාගමක කොටස් හිමිකරුවන් ව්‍යාපාරික තීන්දු තීරණ ගැනීම හෝ වෙනත් ව්‍යාපාරික ගිවිසුම් සමඟ බැදීමක් නැත. ඒ අනුව වික්‍රමසිංහ මහතා රජයේ ආයතන සමඟ ව්‍යාපාර කටයුතු කිරීම සම්බන්ධ චෝදනාවෙන් පහසුවෙන් ගැලවේ. ඔහු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වී නම් මෙම චෝදනාව පිලිගත හැක.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මන්ත්‍රීවරයකු වීමේ නොසුදුසුකම් ලෙස දක්වා ඇති මෙම චෝදනාවට සම්බන්ධ වගන්තියේ දැක්වෙන්නේ මෙසේය.

91 (ඉ) රජය විසින් හෝ රාජ්‍ය සංස්ථාවක් විසින් නැතහොත් රජය වෙනුවෙන් හෝ රාජ්‍ය සංස්ථාවක් වෙනුවෙන් එළඹ ඇත්තා වූ යම්කිසි ගිවිසුමකට යම්කිසි තැනැත්තකුගේ යම් ආකාරයක සම්බන්ධතාවක් තිබීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ නුසුදුසුකමක් යයි පාර්ලිමේන්තුව විසින් නීතියෙන් නියම කරනු ලැබේ ද, එවැනි ගිවිසුමකට ඒ ආකාරයේ සම්බන්ධතාවක් ඇති තැනැත්තෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය.

මෙම වගන්තිය අනුව රනිල් වික්‍රමස්ංහ මහතාට චෝදනාවක් එල්ල කළ නොහැක.

මීට පෙර රාජිතසේනාරත්න මහතාට චෝදනා එල්ල වී ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වූයේ ඔහු සෘජුවම තමන්ගේ සමාගමක විධායක තනතුරක් දරමින් කටයුතු කිරීම හේතුවෙනි. ඒ රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේදීය. මේ නිසා මන්ත්‍රීවරයකු රජයේ ආයතන සමඟ ව්‍යාපාර කටයුතු කිරීම නොසුදුසුකමක් වීම සාමාන්‍ය දැනුමට අදාල කරුණකි. එසේම රනිල් වික්‍රමසිංහට එරෙහිව මෙම චෝදනාව නැගේ නම් මීට බොහො කලකට පෙර එලල් විය යුතුව තිබුණකි.

මේ චෝදනාව ඉදිරිපත් කරන කොළඹ නාගරික මන්ත්‍රීවරිය එක්කෝ කාගේ හෝ ලනුවක් කා මෙය ඉදිරිපත් කර තිබෙනවා හෝ ඇගේ ජඩ කමට මෙය ඉදිරිපත් කළාද විය හැකිය.

47571187 10161149878930032 4020126514753306624 n

Last modified on Wednesday, 12 December 2018 00:15

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us