සිරිසේන පිස්සෙක් කළ මහ මොළ කරුවා එන් ජී ඕ කාරයෙක් ! Featured

Published in පුවත්
Tuesday, 11 December 2018 17:21

සිරිසේන ජනාධිපතිවරයාගේ ඔලුව පරික්ෂා කළ යුතු බවට මේ වන විට පත්ව තිබෙන ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ මහ මොළ කරුවා සම්බන්ධයෙන් ඉතා විශ්වාසදායක තොරතුරු අප වෙත ලැබී තිබේ.

සිරිසේනව ව්‍යවස්ථා විරෝධී කටයුත්තකට පොළඹවා පැවැති යහපාලන ආණ්ඩුව විනාශ කිරීම සඳහා මෙලෙස කටයුතු කර ඇත්තේ ආචාර්ය හර්ශ කුමාර නවරත්න නැමැති රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයා විසිනි.

ඔහු සර්වෝදය සංවිධානය කඩා ඉහිරවා එයින් කොටසක් ගලවාගෙන සේවා ලංකා පදනම යනුවෙන් සංවිධානයක් අටවාගෙන ඩොලර් හම්බු කරගෙන කන්නෙකි. මොහු චිත්‍රපට නිශ්පාදකයෙක් ද වෙයි.

ඔහුගේ යම් ව්‍යාපෘතියක් වෙනුවෙන් රාජ්‍ය බංකුවක් හරහා අයතා ලෙස විශාල ණය මුදල ලබා ගැනිමට ගත් උත්සාහයට එවකට යහපාලන ආණ්ඩුවේ ප්‍රධානින් වැලැක්වීම නිසා ආණ්ඩුව කඩා ඉහිර වීමේ කුමන්ත්‍රණකාරී සැලසුම ක්‍රියාවට නඟා ඇත.

මේ සම්බන්ධයෙන් මුලික සාකච්ඡාව පවත්වා ඇත්තේ එස් බී දිසානායක සමඟය. එස් බි දිසානායක මොහුගේ දීර්ගකාලීන මිතුරෙකු වන අතර ඔවුන්ගෙ එකමුතුවෙන් සිදු වූ ජාවාරම්කාර ඉතිහාසයක්ද පවතී. චන්ද්‍රිකා ආණ්ඩු සමයේ සිට එස් බී හා මොහු අතර ජාවාරම් ගනනාවකට හවුල් වී සිටි බවට මාධ්‍ය වාර්තා පළවී ඇත. නමුත් එවකටද දේශපාලන බලපෑම් මත එවා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම නැවැතී ඇත.

ඒ කෙසේ නමුත් තමන්ගේ ජාවාරම් වෙනුවෙන් රජයේ මුදල් ලබා ගැනීම වැලැක් වීමේ වාඩුව ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහගෙ අගමැතිධුරයෙන් ඉවත් කිරීමට මෙම කුමන්ත්‍රණ්ය සැලසුම් කළ අතර ඊට තිලංග සුමතිපාලද එක් කරගෙන තිබේ. ඒ අනුව මහින්ද රාජපක්ෂව එකඟකරවා ගෙන අලුත් ආණ්ඩුවක් සැදීමේ කූට සැලසුම නිර්මාණය කර තිබේ.

එහි පලමු පියවර ලෙස ජනාධිපති සිරිසේනව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් රනිල් වික්‍රමසිංහ දැනුවත්ව ක්‍රියාත්මක වන බවට හෙලි කිරීම සිදුව තිබේ. දූෂණ විරෝධී බලකාය නමින් සංවිධානයක් අටවා නාමල් කුමාර නැමැත්තෙකු කරලියට ගෙන ආවෙ ඒ අනුවය. ඊට පොලිස් නිළධාරීන්ද ඇඳා ගනිමින් මෙම කුමන්ත්‍රණ කතාව නිර්මාණය කර තිබේ.

පසුව ජනාධිපති සිරිසේනට එජාපයෙන් තර්ජන ඇති බව අඟවා එජාපය සමඟ වන සමඟි සන්ධානය බිඳ දැමිය යුතු බවට ඔහුට ඒත්තු ගැන්වීමට කටයුතු කර ඇත. මෙය සිදු වන්නේ මහින්ද රාජපක්ෂගේද අනු දැනුම ඇතිවය. මෙම කුමන්ත්‍රණයට මහින්ද රාජපක්ෂව එකඟකරවා ගැනිමද හර්ශ කුමාර නවරත්න්ගේ වැඩකි. රාජපක්ෂ පාලන සමයේදී උතුරු නැගෙනහිර ඩොලර් මිලියන ගනනක ව්‍යාපෘති ගනනාවක් සිදු කරනු ලැබුවේ හර්ශ කුමාර විසින්ය. මේ නිසා මහින්ද රාජපක්ෂ සහ මොහු අතර සමීප සම්බන්ධයක් එදා සිටම පවතී.

මහින්ද රාජපක්ෂ මෙයට එකඟවූයේ පවුලෙන් එල්ල වූ බලපෑම නිසායි. පළමු කාරණය වූයේ රාජපක්ෂවරුන්ට එරෙහිව පැවති චෝදනා අධිකරණය හරහා කඩිනමින් විභාග කරන්න ආණ්ඩුව ගත්ත තීන්දුවය.

දෙවැනි කාරණය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුගාමිකයින් ගෙන් එල්ලවෙමින් තිබුන තර්ජනය. ගෝඨාභය රාජපක්ෂ මහත්තය ජනාධිපති වුනොත් නාමල් ගේ දේශපාලන අනාගතය අඳුරු වෙනු ඇතැයි මහින්දගේ බිරිඳ ශිරන්ති දිගටම මැසිවිලි නැඟීමය.

අනෙක් ප්‍රධාන කාරණය ආණ්ඩුවේ 'ගම්පෙරලිය' ව්‍යාපෘතිය. එම ව්‍යාපෘතිය තවත් වසරක් ක්‍රියාත්මක වුනොත් එජාපය ශක්තිමත් වෙනු ඇතැයි පොදුවේ ඒකාබද්ධ විපක්ෂයට බියක් පැවැතීමයි.

මෙහි මුලික සාක්ච්ඡාවට මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ සහ එම පුතුන් දෙදෙනාවන නාමල් සහ යෝශිත සම්බන්ධ කර ගෙන තිබේ. මහින්ද රාජපක්ෂ මෙම සැලසුමට එකඟ වූවත් මේ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ දැන සිටියේ නැත. එසේම ශ්‍රීලනිපයේ ජේෂ්ඨයන් කිසිවකුත් මේ ගැන දැන සිටියේ නැත.

ව්‍යවස්ථා කුමන්ත්‍රණය අසාර්ථක වු විට මහින්ද රාජපක්ෂ අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර එය ජනාධිපතිවරයාට දැන්වීමටද සූදානම් වූ අවස්ථාවේ එය වැලැක්වීමටද මැදිහත් වූයේ හර්ශ කුමාර විසින්ය.

මන්ත්‍රීවරුන්ට ඩොලර් මිලියන 50 ගානේ ගෙවා හෝ මිළදී ගැනීමට සැලසුම් කර ඇත්තේ ද මේ හර්ශ කුමාර විසින්ය. ඒ වෙනුවෙන් එස් බී දිසානායක මැදිහත් විය.

කෙසේ නමුත් කෙසේ හෝ එජාප ආණ්ඩුවක් බිහි වීම වැලවීම සඳහා මේ කුමන්ත්‍රණකාරීන් දිගින් දිගටම කටයුතු කරමින් තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us