සිරිසේනට පිස්සු බව ඔප්පු වුණොත් අපරාධ චෝදනාවලින් නිදහස්..! පෙත්සම සිරිසේනගේම වැඩක් දැයි සැකයි !! Featured

Published in පුවත්
Tuesday, 11 December 2018 00:31

ජනාධිපති සිරිසේන පසුගිය කාලයේ නටපු විගඩම් වලට හේතුව ඔහුගේ මානසික රෝගීභාවයක්දැයි පරික්ෂා කළ යුතු බවත් ඒ වෙනුවෙන් ආඥාවක් ලබා දෙන මෙන් ඉල්ලා ඊයේ (10) අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුවේය.

ධුරයේ සිටින විධායක ජනාධිපතිවරයකු සම්බන්ධයෙන් මනෝවෛද්‍ය පරීක්ෂණයක් ඉල්ලා, මැන්ඩාමුස් රීට් පෙත්සමක් ඉදිරිපත් වන්නේ ලංකාවේ පළමුවතාවටය,. යම් විධායක අධිකාරයක් හෝ පුද්ගලයකු විසින් නෛතිකව ඉටු කිරීමට බැඳී සිටින නීතිමය වගකීමක් හෝ යුතුකමක් පැහැර හැරීමකදී සිවිල් පුරවැසියන්ට එම නෛතිකමය අයිතිය ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා ආඥාවක් ලබා දෙන මෙන් අභියාචනාධිකරණය වෙත ඉල්ලීමක් කළ හැකිය.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ තක්ෂිලා ජයවර්ධන නම් සිවිල් ක්‍රියාකාරිනියකි. එම පෙත්සමේ හි, රටේ ජනාධිපති අවසිහියෙන් හැසිරීම හේතුවෙන් පුරවැසියන්ගේ ගෞරවයට හානිවන බවට මූලික සාක්කි ලෙස දක්වා ඇති කරුණු මෙසේය.

1. සිරිසේන ජනපතිගේ ලේ ඥාතියකු උමතු රෝගයකට ප්‍රතිකාර ගෙන තිබීම සහ ජනාධිපති සිරිසේනට ද ඒ අනුව නිදන්ගත උමතු රෝගයක් තිබීමේ හැකියාව (එම ඥාතියාගේ උමතු රෝගය පිළිබඳ විස්තර, චතුරිකා සිරිසේන විසින් රචිත "ජනාධිපති තාත්තා" කෘතියේ ඇතුළත්ව තිබේ),
2. ග්‍රාමීය සමාජ පසුබිමක් ඇති සිරිසේන ජනාධිපතිට පවතින දේශපාලන අර්බුදය හමුවේ ඊට මුහුණදීමට තරම් මානසික සුවතාවක් ඇති ද යන්න පිළිබඳ සැකය සහ ජනාධිපති සිරිසේනට මානසික රෝගයක් ඇති බවට ජනතාව අතර මතයක් පැවතීම,
3. සිය ළඟම සහ බලපෑම් සහගත (influential) තනතුරක් වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස් ගනුදෙනුවකදී අත්අඩංගුවට පත්වීම සහ ඒ සඳහා එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මැදිහත්වූ බවට සැක කරමින් ඔහු සම්බන්ධව ඇතිව තිබෙන මානසික අසමතුලිතතාව (අහේතුකව අන්‍යයන් සැකකිරීම සහ ඒ හේතුවෙන් අසාමාන්‍ය සහ සංකූල හැසිරීම් දැක්වීම, "පැරනොයියා" - paranoia නම් මනෝව්‍යාධික තත්ත්වයක් යැයි තර්ක කළහැකියි)

මෙම පෙත්සම විභාග කරන්නට අවසර ලැබුණොත්, එය ලංකාවේ මෙතෙක් විභාගවන බරපතළම නඩුවක් වනු ඇති. එහිම වඩා වැදගත් අනුශාංගික කරුණ වන්නේ, යම් හේතුවක් මත ජනාධිපතිවරයා මානසික අබලතාවකින් පෙළෙන බව සනාථ වුවහොත්, ඔහු ජනාධිපති තනතුරෙන් ඉවත්කිරීමට දෝශාභියෝගයකට තුඩු දෙන ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි දැක්වේ.

සිරිසේන පිස්සකු නොවේ

ඒ කෙසේ නමුත් මෙහි ඇති අනෙක් කාරණය නම් ජනාධිපති සිරිසේන මානසික රොගී තත්වයක් නිසා පසුගිය කාලයේ කළ කී පිස්සු වැඩවලට හේතුව බව ඔප්පු වුවහොත්. චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝණය කිරීම මඟින් රාජ්‍ය ද්‍රෝහී වීම, මන්ත්‍රීවරුන් මිලදී ගැනිම සම්බන්ධ අල්ලස් චෝදනා ආදියෙන් මිදීමේ හැකියාවක් ඔහුට ලැබීමය. මන්ද මානසික විපරීතතාවයක් නිසා මිනිසුන් වෙතින් අචේතානාන්විතව වැරදි සිදුවීමට හැකි බැවිනි. අධිකරණය ඒවා දෙස සානුකම්පිතව බලයි.

එනමුත් ඔහු සිදුකළ බවට චෝදනා එල්ල වන මේ අපරාධමය වැරදි සඳහා ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදිම දේපළ රාජසන්තක කිරීමකට මෙන්ම ප්‍රජා අයිතිය අහෝසි වීම ආදී දඬුවම් ලැබීමේ අවස්ථාව තිබේ. එසේ සිර දඬුවම් විඳිමින් සිර බත් ගිලිනවාට වඩා තමන් පිස්සකු බව අධිකරණය හමුවේ ඔප්පු කර පොළොන්නරුවටම වී හෝ වෙනත් රට රාජ්‍යයකට හෝ ගොස් සැඟවී සිටිම අතිශය සුව දායක, වාසිදායක තත්වයකි. චෝදනාවලින් නිදහස් වීම සඳහා තමන් මානසික රෝගියකු බව පෙන්වා අධිකරණය ‍රැවැ‍ටු මිනිස්සු මේ රටෙහි මීට පෙර සිටි බව අධිකරණය ඇසුරු කරණ පිරිස් දනිති.

මේ හේතුව නිසා සිරිසේන පිස්සකු බවට සැකයක් සහිතව අධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම සිරිසේනගේම වැඩක් විය හැකි බවට කසුකුසුවක්ද පැතිර තිබේ. මන්ද ඔහුට එරෙහිව වන චෝදනාවන්ගෙන් ඔහුට කෙසේවත් ගැලවීමේ හැකියාවක් නැති බව බැලු බැල්මටම පෙනෙන්ට තිබෙන නිසාය. කොහොම නමුත් සිරිසේන පිස්සකු බව පිළිගත නොහැක. ඔහු කටයුතු කළේ පිස්සකු මෙන් නොව අවලම් මජර ජඩ කාලකන්ණි තක්කඩියකු විලසය.. ඔහු බලය සම්බන්ධයෙන් කැත සෙල්ලමක් කළේය. කෝටි දෙකක ජනතාවක් ප්‍රාණ ඇපයට ගනිමින් කළ මේ තුච්ඡ නින්දිත කටයුත්තට ඔහු දඬුවම් ලැබිය යුතුම වේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us