සිරිසේනගේ මතේ නිසා තේ කර්මාන්තයත් බිඳ වැටෙන ළකුණු..

Published in පුවත්
Monday, 10 December 2018 16:21

මෙරට විදෙස් විනිමය උපයන ප්‍රධාන අපනයන භෝගය වන තේ කර්මාන්තය ද සිය 121 වසරක ඉතිහාසය තුළ දැවැන්ත කඩා වැටීමකට ලක් වෙමින් යන බව රාජ්‍ය අංශ පවසනවා. නියඟය, දේශපාලන අස්ථාවරත්වය සහ තේ වතු සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් මෙම අභාග්‍ය සම්පන්න තත්වයට මුහුණ දීමට සිදු වී තිබෙනවා. ඒ අනුව තවදුරටත් තේ අපනයනය හා වෙන්දේසිය දේශපාලන කැළඹීම් හමුවේ පරිපාලනයේ නොසැළකිලිමත්කම නිසා අකර්මන්‍ය වී ඇති බව තේ ව්‍යාපාරිකයන් කියා සිටිනවා.

ජනාධිපති සිරිසේන ඇති කළ දේශපාලන අස්ථාවරත්වය හමුවේ තේ කර්මාන්තකරුවන් පසුගියදා තේ වතු සේවකයන් දියත් කළ වැඩ වර්ජනයේදී ඉල්ලා සිටි රුපියල් 1000ක දෛනික වැටුප ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තේ කර්මාන්තයට දෛනිකව සිදු වන පාඩුව රුපියල් මිලියන 240ක්.

ලංකා වැවිලිකරුවන්ගේ සංගමය නියෝජනය කරන ප්‍රාෙද්ශිය වැවිලිකරුවන්ගේ සංගමය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වතු සේවකයන්ට තේ කිලෝවක නිෂ්පාදන ඵලදායිතාව වැඩිදියුණු කිරීම තුළින් රුපියල් 1000ක දෛනික වැටුපක් ඉතා පහසුවෙන් උපයා ගැනීමට හැකි බවයි. පසුගිය වසරේ පළමු මාස දහය තුළ ශ්‍රී ලංකාවේ කිලෝ ග්‍රෑම් මිලියන 258.81ක් වූ තේ නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් මිලියන 251.76ක් දක්වා 2%කින් පහත වැටී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තා පෙන්වා දෙනවා.

එසේම 2018 වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා තේ නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් 23.8ක් දක්වා ඉහළ ගොස් තිබුණා. එම අගය පසුගිය වසරේ ඔක්තෝබර් මාසය හා සසඳන විට කිලෝ ග්‍රෑම් මිලියන 25.7ක් වූ අතර එය කිලෝ ග්‍රෑම් මිලියන 1.9ක් හෝ 7.4%ක අඩු වීමක් පෙන්නුම් කරනවා.

කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ 2018 වසරේ කිලෝ ග්‍රෑම් මිලියන 320ක තේ නිෂ්පාදනයක් කරා තේ කර්මාන්තය රැගෙන යාමේ ආාසන්නතම ඉලක්කය පවතින දේශපාලන අර්බුදය සහ වතු සේවක වැඩ වර්ජන හමුවේ අසාර්ථක වී ඇති බවයි.

මෙරට ප්‍රධානතම අපනයන භෝගය වන තේ ර්මාන්තය හේතුවෙන් ශ්‍රී ලංකාට හිමි වන වාර්ෂික විදේශ විනිමය අමෙරිකානු ඩොලර් බිලියන 87කි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us